Date: 16/11/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට තෝරගත්තේ, මම පටන් ගත්තා, සත්‌තො ගුහායං ගාථාවෙන්. ඒකේ වේදනා රාගය සිහි කළා. 7.7 වේදනා රාගය peak එක. මේක ක්‍රෝධ උපායාසය. අපි දන්නවා, 6.6, 7.7, 8.2. 7.7 කියන්නේ ක්‍රෝධ උපායාසය. එතකොට සඤ්ඤාවේ ඡන්දය, රාගය, නන්දිය සිහි කළා.

එතකොට 13/06/2018 නිබ්බාන භාවනාවේ, අපි ඉගෙනගෙන තියෙනවා, අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මේකට ඡන්දය ඇති වෙනවා. මේක සඤ්ඤාවේ ඡන්දය. මාන අනුසය මගින් එහි පහදිනවා. එමනිසා සඤ්ඤාවේ රාගය ඇති වෙනවා කියලා.

එතකොට අවිද්‍යා අනුසය මගින් ඉස්සීම පළවෙනි රවුම. මේක අපි වට 7.7 වීමෙන් පසුව, ඒ කියන්නේ, වට 8.1 ලෙස සැලකුවොත්, ක්‍රෝධ උපායාසය 7.7, අවිද්‍යා අනුසය මගින් ඉස්සීම ලෙස සලකන්න පුළුවන්. කුමක් නිසා ද? 8.1 වන විට වේදනාවේ රාගය මිය යෑම, ආරම්භ වී ඇති නිසා, මෙය සිදු වෙන බැවිනි. අලුත් රූප සොයා ගොස් ඇත. එතකොට, වේදනාව මෙය හොඳ නැති බව, 7.7 අර්ථයෙන් පැවසුවත්, ඒ කියන්නේ නිතර ම මෙතන තියෙන්නේ, සඤ්ඤාවෙන් ඉස්සුවාට, වේදනාව කියනවා. “මට නම් මේක හරි නෑ.” ඒ වුණාට මේක උස්සනවා. ඒකයි මේ ප්‍රශ්නය. ඒ අර්ථයෙන් පැවසුවාට සඤ්ඤාව ඉස්සීම කුමක් නිසා සිදු කරයි ද කියන එක විමසුවා.

සංස්කාරවල රාග curve එකට, අවධානය යොමු වුණා. ඒක අපි දන්නවා, 8.2, 8.7, බැහැලා යනවා 9.1 දී. 9.1 වන විට සංස්කාර රාග මිය යන්නේ, එමගින් සඤ්ඤාව ඔසවා තබා ම, මිය යෑම සිදු වෙනවා. එසේ නම් මිය යන සංස්කාරය මගින් සඤ්ඤාව එසවීම නිසා, වේදනාව 7.7 තත්වයට පත් වූවත්, එම අගය නොසලකා, සඤ්ඤාව මගින් විඤ්ඤාණ ධාරාව, ඉදිරියට ගෙන යෑම කරනවා.

මේ මෙසේ කම්ම පටිසරණා point එකට අනතුරුව, කම්ම යෝනි අවස්ථාව වටහා ගත හැකියි. මෙසේ ඉදංසච්චගත වීම කියන එක සිදු වෙනවා.

ඉතින් මෙතන කෙනෙකුට, ලකුණු කරගන්න පුළුවන්, diagram එකක් හැටියට, අපි දන්නවා අර තණ්හාව ලකුණු කරන තැන.

s_kammapatisarana_to_kammayoni.jpg

එතකොට ඒ තණ්හාවට අපි එනවා වේදනාවේ ඉඳන් තණ්හාවට, arrow එකක් වගේ දාගත්තොත්, ඒක තමයි අපි තණ්හාව කියලා ලියන්නේ. එතන ඊට පස්සේ අපිට පේනවා, සඤ්ඤාවේ ඉඳන් තණ්හාව දක්වා තවත් arrow එකක් දාගත්තොත්, දැන් අපි අර 7.1 කියලා දාගන්නවා වේදනාවේ ඉඳන් තණ්හාව දක්වා. ඊට පස්සේ, 8.1 කියලා දාගන්නවා සඤ්ඤාවේ ඉඳන් තණ්හාව දක්වා. එතකොට ඒ කියන්නේ 8.1න් පෙන්නන්නේ, මොකක් ද? මේ වේදනා රැල්ලට ඇති වෙන සඤ්ඤාව.

දැන් ඊට පස්සේ අපිට පේනවා, ඕක ආපහු ලකුණු කරගන්න පුළුවන්, වේදනාවේ ඉඳන් තණ්හාව දක්වා 8.1, සඤ්ඤාවේ ඉඳන් තණ්හාව දක්වා 9.1. ඒ 9.1 දී පෙන්නන්නේ මොකක් ද, අර 8.1 වේදනා රැල්ල, දැන් 7.1 න් පටන් ගත්තා නේ, ඒක මිය යන විට ඇති වන සඤ්ඤාව.

දැන් පේනවා ද, මේ සඤ්ඤාව කියන එක modify වෙනවා මේ විදිහට “වෙනස්” අනුව. ඉතින් මේ භාවනාව කළහම, විඤ්ඤාණය මැජික් එක අසු වුණ පසුව යමෙක් ලැජ්ජාවට පත් වී සිටින්නාක් මෙන් නොසැලෙයි. අලුතෙන් මැජික් නොකර සිටින අවස්ථාවට පත් වෙනවා.

ඒක තමයි භාවනාව, ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා, “ඔය අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඉස්ස වීම, 8.1, පළමු වෙනි රවුම ලෙස ගැනීම සාධාරණ ද?” යි කියන එක. බුදුපියාගෙන් විමසුවා ම, කිව්වා, “පෙර සංස්කාර මගින් සඤ්ඤාව ඉස්ස වීම, 8.1, ලෙස ගැනීම සාධාරණයි කියලා. අලුත් සංස්කාර මගින් ඉස්ස වීම, 9.1, ලෙස ගැනීම සාධාරණයි” කියලා. ඒ 9.1 අර බොජ්ඣඞ්ග special එකේ වටත් එක්ක සම්බන්ධ වෙලා, ඒකට ගැළපෙනවා.

වේදනා සඳහා අපි චිත්ත සංස්කාර උපද්දවනවා. 8.1 වේදනාව මිය යන විට, අලුත් සංස්කාර කරනු ලබනවා. එය 9.1 ඉස්ස වීම ලෙස ගත යුතුයි. 7.1 දි වේදනාවට තුඩු දෙන්නා වූ රූපයේ නන්දි curve එක විමසන්න ඕනෑ, වේදනාව මැරිලා නැවත ඉපදීම සිදු වන්නේ, ඒ කියන්නේ 6.6, 7.1 එහෙම වන්නේ, දැන් පවතින්නා වූ වේදනාවට සඤ්ඤා අගය දීම 8.1 පෙර සංස්කාර මගින් සිදු කරනවා.

උදාහරණ වශයෙන් කියනවා නම්, මේ ආප්ප කටක් කන ලද්දේ, නැවතත් තව ආප්ප කටක් කෑම ගන්න පුළුවන්. ආප්ප කෑම යන පෙර සංස්කාරය මගින්, සඤ්ඤා ඉස්ස වීම 8.1 ඇත. මේක මොකද මෙච්චර පැහැදිලි කළේ, මේ භාවනාව අමාරුයි. ඒක නිසායි මෙච්චර පැහැදිලි කළේ.

ඒක තමයි මං කරපු භාවනාව.