ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, අර 25/08/2018 නිබ්බාන භාවනාවේ ධර්මයට සිත යොමු වුණා. ඒකේ තියෙනවා රූපයේ රාගය, 6.2, 6.4, 7.1. එතකොට 6.4 වන විට රූප රාග curve එකේ peak එක. 7.1, ධම්මමච්ඡරිය, 7.1 සුභ යැයි ගැනීම. එතකොට ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපදවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිදු වෙනවා.
දැන් රූපයේ නන්දි curve එක. ඒකේ peak එක 7.7 නන්දිරාගය. එතකොට ඉන් අනතුරුව, 8.2 රූප සොයා යෑම කියන එක සිදු වෙනවා. එතකොට මෙතෙන්දි π අකුරේ ධර්මය අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒකේ අපි දන්නවා, අත්තා, එතැනින් නිත්‍ය. එතැනින් දිට්ඨි ආශ්‍රවය. එතැනින් දිට්ඨි සල්ලය. මේකෙන් අනතුරුව සඤ්ඤාව සනාථ කරනවා. නැවතත් දිට්ඨි ආශ්‍රව වීම පළමුව සිදු වෙනවා.
ඒ කියන්නේ සුඛ යන සඤ්ඤාව කාම ආශ්‍රවය දක්වා යෑම පළමුව සිදු වෙනවා. දිට්ඨි ආශ්‍රවයට ආවා නම්, එතැනින් අපි කාම ආශ්‍රවයට යනවා. කාම ආශ්‍රවය වෙලා තමයි අර සුඛ යැයි කියන කතාව එන්නේ. එතකොට කාම ආශ්‍රවය කියන්නේ සුඛ යැයි කියන එකේ පසු සඤ්ඤාව.
ඉතින් එහෙම නම් ඊයේ diagram එකේ පේනවා, අපි ඊයේ ඉගෙන ගත්තා නේ, කම්ම පටිසරණා ඉඳන් කම්ම යෝනි දක්වා, diagram එකක්. එතකොට 7.1, වේදනාවේ ඉඳන් තණ්හාව දක්වා තියෙන එක, 7.1 දී ආරම්භ වෙන රැල්ල නිසා ඇති වෙන සඤ්ඤාව 8.1. ඊට පස්සේ, වේදනාවේ ඉඳන් තණ්හාව දක්වා 8.1. 8.1 වේදනා රැල්ල මිය ගිය විට ඇති වන සඤ්ඤාව 9.1 කියලා.
ඉතින් 7.7 දි ක්‍රෝධ උපායාසය තත්වයට මනස පත් වෙනවා නම්, කුමන සුඛයක් ද? ඒ කියන්නෙ අපි නිතර ම කරලා තියෙන්නේ මොකක් ද? අන්න bell shaped curve එක ඔන්න 7.1 මැරෙනවා, 7.1 නන්දිරාගය, මැරිලා ඉපදෙන්න කැමැත්ත. ආපහු උපද්දවනවා නේ ද? එතකොට අපි දන්නවා නම්, මේක හැම පාර ම birth rebirth ඕක නේ ඔය කියන්නේ, නැවත නැවතත් මේක කරනවා කියන එක. එතකොට ඒක තමන් දන්නවා නම්, 8.1 දි සඤ්ඤාව දුක වශයෙන් දන්නවා නම්, දකිනවා නම්, ඉන් ඔබ්බට නැවතත් රූප සොයාගෙන යෑමක් වෙන්නේ නෑ. නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් මේ භාවනාව කරනකොට කූඤ්ඤය කියන එක තදින් දැනෙනවා, බොහොම තදින් දැනෙන භාවනාවක් මේක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්