Date: 25/11/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.

මම 25/08/2018 නිබ්බාන භාවනාවේ ධර්මයට සිත යොමු වුණා. ඒකේ මතක ඇති, bell shaped curve එකක් අපි බලලා තියෙනවා. 6.2, 6.4, ඊට පස්සේ 7.1. 6.4 වෙන විට රූප රාග curve එකේ peak එක. 7.1, ධම්මමච්ඡරිය. 7.1 කියන්නේ සුභ යැයි ගැනීම. එතකොට 7.1 ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපදවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිදු වෙනවා.

දැන් රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය. ඉන් අනතුරුව, 8.2 වන විට රූප සොයා යෑම කියන එක සිදු වෙනවා. ඉතින් මේක මේ විදිහට දන්නවා නම්, දකිනවා නම්, සති ඉන්ද්‍රිය මගින් ඒ දුක්ඛ table එකේ මෙනෙහි කරන ලද ධර්මය, ඒ කියන්නේ අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ කියලා ගන්න වටිනවා ද? ඉන් අනතුරුව, මගේ යැයි ගන්න නොවටින්නේ නම්, නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම්, එනම් මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. කියන එක පෙන්වා දෙනවා.

එතකොට ඔය ඛජ්ජනීය සූත්‍රයේ පෙන්නනවා, බුදුහාමුදුරුවෝ, “මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ, මෙසේ නුවණින් සලකා බලයි. මම වූ කල්හි, දැන් රූපය විසින් කනු ලබයි. යම් සේ දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබත් ද, එසෙයින් ම ඉකුත් කල්හි ද රූපය විසින් කනු ලබනවා. මම අනාගත රූපය පතම් නම්, යම් පරිදි දැන් පච්චුප්පන්න රූපය විසින් කනු ලබත් ද, එපරිදි ම මම අනාගත කාලයේ දී, රූපය විසින් කනු ලබමි. ඉතින් මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත රූපයේ නිරපේක්ෂ වෙනවා. ඒ කියන්නේ, indifferent කියන එක. නිරපේක්ෂ කියන්නේ. අනාගත රූපය නොපතයි. පච්චුප්පන්න රූපය පිළිබඳව, නිබ්බිදාය, විරාගාය, නිරොධාය, පටිපන්‌නො හොති කියලා පෙන්නනවා. පිළිපන්නේ වෙයි කියලා.

ඉතින් ඔය නන්දි වීම නොවටින්නේ නම්, සුඛ වන්නේ ද, දුක වන්නේ ද කියන අවස්ථාවේ දී, ඒ ඛජ්ජනීය සූත්‍රය මෙන් සිහි කළා. රූපය ඇසුරු කරගෙන රූපය නිසා ඉපදීම නොවටින බව, ඒ වගේ ම, වේදනාව නිසා වේදනාව ඇසුරු කරගෙන ඉපදීම නොවටින බව. ඉතින් ඒකෙත් බුදුහාමුදුරුවෝ කිව්වේ වර්තමාන වේදනාව විසින් මේ විදිහට කා දමනවා. අතීතයේත් එහෙමයි. දැනුත් එහෙමයි කියන එක කල්පනා කරලා, යමෙක් ඒ අතීත වේදනාවේ නිරපේක්ෂ වෙනවා. Indifferent. අනාගත වේදනාව නොපතයි පච්චුප්පන්න වේදනාව පිළිබඳ, නිර්වේදය පිණිස, විරාගාය පිණිස, නිරෝධය පිණිස, පටිපන්න වෙනවා කියලා.

ඉතින් ඒක හොඳට තමාගේ උදාහරණ ඇතිව මේ අතීතයේ මේ ශරීරය ජරා වෙලා, දැන් ජරා වෙලා නේ තියෙන්නේ. මේක නිසා ලෙඩ රෝග ආදී වශයෙන්, ඉතින් තමන්ව කා දමනවා කියන එක, තියෙනවා නේ. හොඳට උදාහරණ ඇතිව ඒක බලන්න.

අතීත වේදනාවන් නිසා ඕගොල්ලන්ව දුවවලා, සංසාරයේ දිගින් දිගට, ඉතින් ඒක අතීතයෙත් කාලා දැම්මා, දැනුත් කාලා දානවා, අනාගතයෙත් කාලා දානවා. ඔය ජාතියෙන්, ඒ වේදනාවන් ගත්තොත් කියන එක. ඒක බැලුවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

RupaNandi.jpg


DukkaChakraya/DukkaChakraya-07.jpg