පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාවට කළේ, ඔයගොල්ලෝ දන්නවා, 25/11/2018 නිබ්බාන භාවනාවේ, අපි සාකච්ඡා කරලා තියෙනවා, මේ රූපයේ රාග 6.2, peak එක 6.4, 7.1. එහි 6.4 වන විට රූප රාග curve එකේ peak එක. 7.1, ධම්මමච්ඡරිය, 7.1 සුභ යැයි කියලා ගැනීම. එතකොට 7.1 ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා. එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිදු වෙනවා. දැන් රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය. ඒකෙන් අනතුරුව, 8.2 වන විට රූප සොයා යෑම.
මේක මෙසේ දන්නේ, දක්නේ සති ඉන්ද්‍රිය මගින් ඒ දුක්ඛ table එකේ මෙනෙහි කළ අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේයි ගන්න වටිනවා ද? ඉන් අනතුරුව, මගේ යැයි ගන්න නොවටින්නේ නම්, නන්දි වීම වටිනවා ද? නන්දි වීම නොවටින්නේ නම්, එනම් මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය. කියන එක පෙන්වා දෙනවා.
එතකොට අපි 25/11/2018 නිබ්බාන භාවනාවේ දී, ඛජ්ජනීය සූත්‍රය සමඟ රූප, වේදනා කියන එක සිහි කළා. අද බැලුවේ සඤ්ඤා, සංස්කාර. ඉතින් තථාගතයන් වහන්සේ ඛජ්ජනීය සූත්‍රයේ දී පෙන්නනවා, මම දැන් සඤ්ඤාව විසින් කනු ලබමි. මම වනාහි දැන් සංස්කාරය විසින් කනු ලබයි. මම යම් පරිදි පච්චුප්පන්න සංස්කාරය විසින් කනු ලබම් ද, එසේ ම අතීත කාලයේ ද සංස්කාරය විසින් කනු ලබනවා. මම වනාහි අනාගත සංස්කාර පතම් නම්, යම් පරිදි දැන් පච්චුප්පන්න සංස්කාර විසින් කනු ලබම් ද, එපරිදි ම මම අනාගත කාලයේ දී, සංස්කාර විසින් කනු ලබමි. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත සංස්කාර කෙරෙහි නිරපේක්ෂ වෙනවා. ඒ කියන්නේ, indifferent වෙනවා ඒකට. අනාගත සංස්කාර නොපතයි. පච්චුප්පන්න සංස්කාර පිළිබඳ කොට, නිර්වේදය වීම පිණිස, විරාගාය පිණිස, නිරොධාය පිණිස, පිළිපන්නේ වෙනවා කියලා පෙන්නනවා. “නිබ්බිදාය, විරාගාය, නිරොධාය, පටිපන්‌නො හොති.”
දැන් ඔය “නන්දි වීම නොවටින්නේ නම්, දුක වන්නේ ද, සුඛ වන්නේ ද?” කියන අවස්ථාව මෙන්න මේ වෙලාවෙදි ඛජ්ජනීය සූත්‍රය විදිහට සිහි කළා.
සඤ්ඤා ඇසුරු කරගෙන, සඤ්ඤා නිසා ඉපදීම, නොවටින බව. සඤ්ඤාව විසින් කා දමනවා. ආලෝක සඤ්ඤාව උදාහරණයට ගන්න පුළුවන්. ආලෝක දකිමින් ඒවා අල්ලාගෙන සිටින අය ඉන්නවා. එතකොට සංස්කාරය විසිනුත් කා දමනවා. පෙර පාණාතිපාත කළා ද, එමගින් අපාය වැනි තැන්වල ඉපදුණා ද, දුක් වින්දා ද, එසේ ම දැනුත්, අනාගතයේත්, පාණාතිපාත කර දුක් විඳීමට සිදු වන්නේ ය. පෙර අදත්තාදාන කළා ද, රැකියා කර මුදල් උපයා දුක් වින්දා ද, අදත් එසේ ම ය, අනාගතයේත් එසේ ම ය.
මේ විදිහට දස අකුසලය ම මෙනෙහි කරලා බලනවා. මිච්ඡා දිට්ඨිය නිසා යමක් වරදවා වටහා ගැනීම නිසා පෙර දුක් වින්දා ද, දුක යැයි නොපෙනුණා ද, අදත් එසේ ම ය, අනාගතයේත් එසේ ම ය.
ඉතින් ඔතෙන්දි හිතන්න බලන්න, අපි ගමෙන් ගමට ගියා. මේ ගමට වඩා මේ ගම හොඳයි. රටින් රටට ගියා. මේ රටට වඩා මේ රට හොඳයි. ලෝකයෙන් ලෝකයට ගියා. මේ ලෝකයට වඩා මේ ලෝකය හොඳයි. හැම තැන ම දුකයි කියලා නොදැන, අපි යෑම කියන එක සිහි කරන්න. එතකොට දුකයි කියලා නොපෙනීම නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. අන්න චතුරාර්ය සත්‍යයේ හොඳට සම්මා දිට්ඨිය පේනවා.
අභිජ්ඣා නිසා මිච්ඡා දිට්ඨිය මගින් යමක් අනුමත කරන ධර්මයෝ පෙර ගත්තා ද, එහි ඇලුණා ද, එමගින් ඇති වූ කායික, වාචසික, චෛතසික වේදනාවෝ පෙර වින්දා ද, අදත් එසේ ම ය, අනාගත කාලයේත් එසේ ම ය. අභිජ්ඣා විසින් කා දමනවා.
ව්‍යාපාදය නිසා පෙර යම් වේදනාවක් වින්දා ද, ඉන් අනතුරුව සෝක කළා ද, අදත් එසේ ම ය, අනාගත කාලයේත් ව්‍යාපාදය නිසා ම කා දමනු ලබනවා. මෙසේ සංස්කාර මගින් කා දමනු ලබනවා. මෙනෙහි කරනවා. සිත ප්‍රභාස්වර වෙනවා. කූඤ්ඤය හිටන් දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්