ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ මතක් කරනවා නම්, ඕගොල්ලන්ට පේනවා, අර රූප රාග curve එක අපි බැලුවා. 6.4 රූපරාග curve එකේ peak එක, 7.1 ධම්මමච්ඡරිය, 7.1 අපි සුභයි කියලා ගන්නවා. ඊට පස්සේ ධම්මමච්ඡරිය මගින් ආකිඤ්චඤ්ඤායතනය වැනි ධ්‍යානයන් පවා උපද්දවනවා.
එම ධ්‍යානයන්ට අහංකාර වීම මගින්, සීලබ්බත පරාමාසය තුළ අහංකාර අගය සඤ්ඤාවක් ලෙස තැන්පත් වීම සිද්ධ වෙනවා. දැන් රූපයේ නන්දි curve එකේ peak එක 7.7 නන්දිරාගය. ඉන් අනතුරුව, 8.2 රූප සොයා යෑම. මෙය මෙසේ දන්නේ, දක්නේ, සති ඉන්ද්‍රිය මගින් දුක්ඛ table එකේ මෙනෙහි කරන ලද, “අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත් වෙනවා නම්, මගේ යැයි ගන්න වටිනවා ද?” ඉන් අනතුරුව, “මගේ යැයි ගන්න නොවටින්නේ නම්, නන්දි වීම වටින්නේ ද? නන්දි වීම නොවටින්නේ නම්, එනම් මැරී ඉපදීම නොවටින්නේ නම්, දුක වන්නේ ද, සුඛ වන්නේ ද? සත්‍ය වශයෙන් ම සුඛ වන්නේ ය” කියන එක පෙන්වා දෙනවා.
ඉතින් ඊයේ අපි ඛජ්ජනීය සූත්‍රය සමඟ සඤ්ඤා, සංස්කාර කියන එක බැලුවා. අද බැලුවේ විඤ්ඤාණය. තථාගතයන් වහන්සේ පෙන්නනවා, “මම දැන් විඤ්ඤාණය විසින් කනු ලබනවා. මම යම් පරිදි, දැන් පච්චුප්පන්න විඤ්ඤාණය විසින් කනු ලබයි ද, අතීත කාලයේ දී ද එපරිද්දෙන් ම විඤ්ඤාණය විසින් කනු ලබනවා. මම වනාහි අනාගත විඤ්ඤාණය පතනවා නම්, මම යම් පරිදි දැන් පච්චුප්පන්න විඤ්ඤාණය විසින් කනු ලබම් ද, එපරිදි ම අනාගත කාලයේ ද, විඤ්ඤාණය විසින් කනු ලබමි.” එය මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට අතීත විඤ්ඤාණය කෙරෙහි නිරපේක්ෂ වෙනවා. ඒ කියන්නේ, indifferent. අනාගත විඤ්ඤාණය නොපතයි. පච්චුප්පන්න විඤ්ඤාණය පිළිබඳ, නිබ්බිදාය, විරාගාය, නිරොධාය. නිර්වේදය පිණිස, විරාගාය පිණිස, නිරෝධය පිණිස, පිළිපන්නේ වෙනවා.
ඉතින් අර “නන්දි වීම නොවටින්නේ නම්, සුඛ වන්නේ ද, දුක වන්නේ ද?” මෙම අවස්ථාවේ දී මේ ඛජ්ජනීය සූත්‍රය මෙන් සිහි කළා.
විඤ්ඤාණය ඇසුරු කරගෙන, විඤ්ඤාණය නිසා ඉපදීම, නොවටින බව, මේක 29/09/2018 විඤ්ඤාණ භාවනාව ඇසුරෙන් කරන්න ඕනෙ. එම භාවනාවෙදි විඤ්ඤාණයෙන් දැන ගනු ලබන වේදනා ඉපදවීම සංස්කාර මගින් කරන බැවින් සංස්කාර අභිනන්දනා කරන බව අපි සාකච්ඡා කළා.
රූප රාග curve එකේ 6.2 නිත්‍යයි ගත්තා නම්, ජාතියට බිය විය යුතුයි. එනමුදු අපි ජාතිය ඇති කරගන්නවා. එය අභිනන්දනා නොකළ යුතුයි. යමකුට යම් අතවරයක් ඉදිරියේ දී වන බව දැක, යම් ප්‍රඥාවන්තයෙකු එය වළකන්නේ කෙසේ ද, එසේ ම ජාතිය වැළකිය යුතුයි. කා දමන බව සිහි කළ යුතුයි.
වේදනා රාග curve එකේ 6.6, දිට්ඨි අනුසය මගින්, රූපය සුඛ යැයි පැවරුවා ද, එය එසේ වීම ගැන කණගාටු විය යුතුයි. එහි හරයක් නැති නිසා ය. අත්තා යැයි ගත් පමණින් සුඛ යැයි වරදවා ගත යුතු නැත. ඉඩමක් හරි මගේ කියලා ගත්ත පලියට ඒක සුඛයි කියලා වරදවා වටහා ගන්න හොඳ නැහැ. එය වැළකිය යුතුයි. වේදනා මගින් කා දමන බව සිහි කළ යුතුයි. සඤ්ඤාවේ ඡන්දය 8.1 ලෙස සිතුවොත්, ඒ කියන්නේ අර 16/11/2018, 8.1 පළවෙනි වටය කියලා බැලුවේ, නිබ්බාන භාවනාවේ දී.
එතකොට, වේදනාව මගින් කා දමන බව, 7.7, කොධූපායාසය සමඟ වටහා ගන්නේ, සඤ්ඤාව මගින් කා දමන බව වේදනා අර්ථයෙන් කා දැමීම සමඟ විමසිය යුතුයි. යම් ආලෝකයක් දුටුවා ද, එම ආලෝකය නිසා ඇති වන්නේත්, නොපවතින වේදනාවක් ම ය. එය මගින් ද කා දමනවා.
සංස්කාරවල රාගය හටගැනීම වේදනාවේ මරණය සමඟ වන්නේ ය. 8.2 දි වේදනාව මැරෙන විට එම රූපයෝ නිත්‍යයි පවසා, එම රූපයන් සොයා යන බව අපි පෙර සාකච්ඡා කළා. මෙහි දී සංස්කාරය විසින් ද කනු ලබනවා. පෙර පාණාතිපාතයක් කළා ද, එමගින් අපාය වැනි තැන්වල ඉපදුණා ද, දුක් වින්දා ද, එසේ ම දැනුත්, අනාගතයෙත් පාණාතිපාත කර දුක් විඳීමට සිදු වන්නේ ය. එමනිසා පාණාතිපාත වැනි සංස්කාරයෝ අත්තා කරගැනීම අත හළ යුතුයි.
මෙසේ දස අකුසලය සිහි කළ යුතුයි. වේදනාව මරණයට පත් කරනු ලබන බැවින්, රූපයාගේ නිත්‍යභාවයක් නැති බව වටහා ගන්න ඕනෙ. ඉතින් ඒ විදිහට අදත්තාදානය, මිච්ඡා දිට්ඨි, ඊයේ බැලුවා වගේ අභිජ්ඣා, ව්‍යාපාද, එතකොට මේවා අතීතයෙත් කාලා දැම්මා, ඉතින් දැනුත් කාලා දමනවා කියන විදිහට, ඒක තමන් සිහි කරනවා.
ඉතින් මේකේ තියෙන්නේ මේ විඤ්ඤාණයේ ඉඳන් ඔය තීන්ත ගාගෙන රූපයට ඒම, නොකළ යුතුයි කියලා තමන්ට වැටහෙන්න ඕනෙ. අන්න ඒ ආකාරයට තමයි සිතීම කරන්න ඕනෙ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්