පූජාවෙන් පස්සෙ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මට මේ “සත්තො ගුහායං” ගාථාව සම්පූර්ණයෙන් බලන්න කියලා කිව්වා. ඔයගොල්ලෝ දන්නවා, “සත්තො ගුහායං බහුනාභිඡන්නො, තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො. දූරේ විවෙකා හි තථාවිධො සො, කාමා හි ලොකෙ න හි සුප්පහායා.” කියන ගාථාව.
ඉතින් අපි දන්නවා, ඒකෙ, සත්තො කියලා කිව්වහම මේ සත්වයා මේකේ මේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය, අර හාලිද්දිකානි සූත්‍රයේ විදිහට, ඒක තියෙනවා නම් එයා සත්වයා වෙනවා. එතකොට ඒ විදිහට රූපයේ ඡන්දය, රාගය, 6.2, 6.4, 7.1 එහෙම සිහි කළා.
“තිට්ඨං නරො,” ඒ කියන්නේ ඉන්නවා. රාග වශයෙන් රත් වෙලා අපි ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නා නා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථිර බවට පැමිණියේ සිටී.
“දූරේ විවෙකා හි තථාවිධො සො” ඉතින් ඒකේ දූරේ විවේකය කිව්වහම, විවේකය තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේකය, උපධි විවේකය කියලා.
ඉතින් මම බැලුවේ මේ චිත්ත විවේකය. දැන් පළමු වැනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. දෙවැනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙනවා. තුන් වැනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙනවා. හතර වෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත, සුව, දුක කියන දෙකෙන් වෙන් වෙනවා. ආකාසානඤ්චායතනයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත, රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤාවෙන් වෙන් වෙනවා. එතකොට, විඤ්ඤාණඤ්චායතනයට සමවැදිච්ච එක්කෙනාට ආකාසානඤ්චායතන සඤ්ඤාවෙන් වෙන් වෙනවා. මේ විදිහට තියෙන විවේකය කියන එක.
එතකොට ඔය විවේකය නැති වීම කියන එක ස්පර්ශය වීම සමඟ සිද්ධ වෙනවා. ඉතින් රූපය විසින් කා දමන නිසා, රූපය ස්පර්ශ නොකළ යුතුයි. ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා. වේදනාව මගින් කා දමන නිසා, වේදනාවට අත හිත දෙන ස්පර්ශය නොකළ යුතුයි. ස්පර්ශයෙන් සඤ්ඤාව ඇති වෙනවා. සඤ්ඤාව මගින් කා දමන නිසා, සඤ්ඤාව ගොඩ නංවන, ස්පර්ශය නොකළ යුතුයි. කුමන සඤ්ඤාවෝ ද? අකුසල චිත්තයට තුඩු දෙන සඤ්ඤාවෝ. මෙය රූප විෂයයෙහි හෝ ධ්‍යාන විෂයයෙහි හෝ විය හැකියි. අල්ලා ගැනීමට තුඩු දෙන්නේ නම්, අත්හළ යුතු ස්පර්ශයෝ ය.
නාමරූප නිසා ස්පර්ශය ඇති වෙනවා. මෙහි දී රූප නිසා කා දැමීමත්, වේදනා, සඤ්ඤා නිසා කා දැමීමත් ඉහත ආකාරයෙන් සිහි කරන්නේ, සිත ප්‍රභාස්වර වෙනවා. චේතනා නොකළ යුතුයි. එමගින් වන ස්පර්ශයෝ ද අත්හළ යුතුයි. කුමන චේතනා ද? අකුසල චේතනාවෝයි. කුසල චේතනා ස්පර්ශයේ වරදක් නැත. මනසිකාර නොකළ යුතුයි. එමගින් වන ස්පර්ශයෝ අත්හළ යුතුයි. කුමන මනසිකාරයෝ ද? අයොනිසො මනසිකාරයෝ ය. යොනිසො මනසිකාරයේ වරදක් නැත.
ඊළඟට විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප වෙනවා. විඤ්ඤාණය විසින් කා දමනු ලබන බැවින්, විඤ්ඤාණය විසින් මෝහ සල්ලයෙන් කරකවා කරන ක්‍රියාවලිය නැවතිය යුතුයි. ඊයේ භාවනාවේ විදිහට හිතන්න ඕනෙ. 6.2, 6.6, 8.1, 8.2. ආදී වශයෙන් රූප සොයා යෑම කියන එක නොකළ යුතුයි.
ඒක තමයි මං කරපු භාවනාව.