ඒ පූජාවෙන් පස්සෙ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ගාථාවක් බැලුවා, “මමායිතෙ පස්සථ ඵන්දමානෙ, මච්ඡෙව අප්පොදකෙ ඛීණසොතෙ. එතම්පි දිස්වා අමමො චරෙය්‍ය, භවෙසු ආසත්තිමකුබ්බමානො.” ඔය ගාථාව අපි, 2017 අගෝස්තු මාසයේ 12 වෙනිදා සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට ඒකේ සම්පූර්ණ විස්තරයට මම යන්නේ නෑ. මේකේ “මමායිතෙ පස්සථ ඵන්දමානෙ,” මමංකාරය, තණ්හා මම, දිට්ඨි මම කියලා දෙයාකාර වෙනවා. යමෙක් විසිවස්තුක සක්කාය දිට්ඨියෙන් ග්‍රහණයට පත් වූයේ ද, ඔහු සියලු අනුසය ධර්මයෝ නොදනී. තව ද තණ්හාව නිසා තෙත බරිත වූයේ, එම අනුසය ධර්මයන්ගෙන් ගැලවීමක් නැත. එවැනි සත්වයකු සැලෙනවා. කෙසේ සැලේ ද? රාග වශයෙන් රත් වූයේ සැලෙයි. ද්වේෂ වශයෙන් දුෂ්ට වූයේ සැලෙයි. මෝහ වශයෙන් මූඪ වූයේ සැලෙයි. දිට්ඨි වශයෙන් පරාමාස වූයේ සැලෙයි. මාන වශයෙන් නා නා ලම්බන වූයේ සැලෙයි. අනුසය වශයෙන් ස්ථිර වූයේ සැලෙයි.
ඉතින් ඔතන diagram එකක් එනවා, ඕගොල්ලෝ කලින් ඕක බලලා තියෙනවා. ඒ කියන්නේ අර තරාදිය තියෙන diagram එක. එතකොට ඒකෙ ලෝභ, දෝෂ, මෝහ එකට භාවිතා කළේ. එතන එනවා diamonds දෙකක් දෙපැත්තෙන්. වේදනා, නාමරූප, පරාමාසකායගන්ථ, සෝක, වේදනා. ආපහු තියෙනවා, පරාමාස, ජීවිත ඉන්ද්‍රිය, ඉදංසච්චාභිනිවෙසකායගන්ථය, පරිදේවය, ආපහු පරාමාසකායගන්ථයට එනවා.
ඉතින් මැද්දේ තමයි, අර මනොසඤ්‌චෙතනාවේ ඉඳන් භය අගතිය දක්වා, “රූපවන්තං වා අත්තානං” කියන එක. එතකොට ඒ මමායිතෙ අපිට පේනවා, වම් පැත්තේ diamond එක, තණ්හා මම වශයෙන්. දකුණු පැත්තේ diamond එක, දිට්ඨි මම වශයෙන් සලකන්න ඕනෙ. මෙම diamond දෙකේ, යම් සැලීමක් වේ ද, එමගින් මුළු අනුසය වූ ධර්මයන් ම සැලෙනවා.
උදාහරණයක් වශයෙන්, රාග වශයෙන් රත් වූයේ, තරාදියේ වම් පැත්ත පාත් වෙනවා, දකුණු පැත්ත උඩ යනවා. එතකොට ඒකේ දුක්ඛ table එකේ 6.4 ගන්න පුළුවන්, නාමරූප පැත්තේ.
ඊළඟට කාමරාග අනුසය මගින් සඤ්ඤාව සුඛ වූයේ, සුඛ යැයි ස්ථිර වූයේ ද, මෝහ වශයෙන් මූඪ වූයේ ද, තරාදියේ දකුණු පැත්ත පාත් වෙනවා. වම් පැත්ත උඩ යනවා. මේ විදිහට සැලෙනවා. මෙතනට උදාහරණය වශයෙන් අර දුක්ඛ table එකේ 5.5 ගන්න පුළුවන්.
ඉතින් ඕක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. නාමරූප නිසා ස්පර්ශය ඇති වෙනවා. මෙහි දී රූප නිසා කා දැමීමත්, වේදනා, සඤ්ඤා, චේතනා, මනසිකාර මගින් කා දමන බවත්, සිහි කළා.
යම් දොළදුක බඳු වූ තණ්හාවෝ ඇති ද, එමගින් 6.4 ඇති වන්නේ, අපි දන්නවා අර රූප රාග curve එකේ 6.2, 6.4, 7.1 නේ ද? 6.4 ඇති වන්නේ, වම් පැත්ත පාත් වීම ඉහත අයුරින් විමසන්නේ, යම් කා දැමීමක් ඇත්ද, ඒ මගින් විඤ්ඤාණ ධාරාව ම කා දමනවා. කුමක් නිසා ද? විඤ්ඤාණය බැස ගැනීමට, එම ධර්මයෝ තුඩු දෙන බැවිනි. පිරිසිදු විඤ්ඤාණයේ පැවැත්මක් එයින් අතුරුදහන් වෙනවා.
ඉතින් මේක කළහම මේ වෙලාවේ, තමන්ගේ ඔළුවේ උඩ ශ්‍රද්ධාවත්, කූඤ්ඤයත් හොඳට දැනෙනවා. ඊට පස්සේ 8.1 දි හටගත්, සඤ්ඤාවේ ඡන්දය, 9.1 දක්වා ගෙන යෑම, සංස්කාර මගින් කරනු ලබන්නේ, එම පරිදේව වූ සංස්කාරයෝ සඤ්ඤාවට සුඛ යන මතය පවරන බව අපි දන්නවා. තරාදියේ දකුණු පැත්ත පාත්වන්නේ නම්, ථීනමිද්ධ සහගත වූ සඤ්ඤාවන් මගින් දුර්වල වූ රූපය ම, විඤ්ඤාණ ධාරාව පැවැත්වීමට යොදා ගන්නේ, විඤ්ඤාණයේ කා දැමීම එමගින් සිද්ධ වෙනවා. කුමක් නිසා ද? යමක් සෑදීමට ගන්නා ලද ලී වැනි දේ දිරා මළ කඩ කා ඇති නිසායි.
එතකොට ඔන්න ඔය කෑල්ල බැලුවහම, තමන්ට මුළු මූණ ම දැනෙනවා. විමුක්ති හතක් දැනෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා, ප්‍රඥා විමුක්ති, චෙතො විමුක්ති, අප්පණිහිත චෙතො විමුක්ති කියන ඒවා දැනෙනවා. ඒ අප්පණිහිත චෙතො විමුක්ති දැනෙන්නේ, අර කූඤ්ඤයේ ඉඳන් පල්ලෙහාට මාරු වෙලා, ඒ අවස්ථාවේ දී තමයි ඒක දැනෙන්නේ.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්