ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.
මට ඇහුණා මේ ගාථාව, “සුඛො විවෙකො තුට්‌ඨස්‌ස, සුත ධම්මස්ස පස්සතො. අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ, පාණ භූතෙසු සංයමො. සුඛා විරාගතා ලොකෙ, කාමානං සමතික්කමො. අස්මිමානස්ස යො විනයො, එතං වෙ පරමං සුඛං.” කියන ගාථාව.
ඒක අපි සාකච්ඡා කරලා තියෙනවා 30/03/2018 නිබ්බාන භාවනාවෙදි. ඒක imbalance භාවනාව සමඟ ඒ ගාථාව සම්බන්ධ කරලා බලලා තියෙනවා.
ඒ ගාථාවේ පෙන්නන්නේ මොකක් ද? “මේ සතර මාර්ග ඥානයෙන් සන්තෝෂ වෙච්ච, සතුටු වෙච්ච, ප්‍රකාශිත වූ නිර්වාණ ධර්ම ඇති විවේකය හෝ දැක්ක යුතු, දක්නා, රහතන් වහන්සේට නිර්වාණ සංඛ්‍යාත උපධි විවේකය සුව වෙනවා. නොකිපෙන බව සුව වෙනවා. ලොව ප්‍රාණීන් කෙරෙහි සංයමය, අවිහිංසාව, සුව වෙනවා. ලොව කාමයන්ගේ යම් ඉක්මවීමක් ඇත්ද, ඒ විරාග බව සුව වෙනවා. අස්මිමානයාගේ යම් දුරලීමක් ඇත්ද, ඒ රහත් බව ඒකාන්තයෙන් ම පරම සුවය වෙනවා” කියලා.
එතකොට ඕකේ විඤ්ඤාණයේ සකස් වීම කියන එක අපි විමසලා තියෙනවා. තුන් ධර්මයක් මගින්, ඒ කියන්නේ සඤ්ඤා, නාමරූප, පරාමාස, මගින් චේතනා වෙලා, ඒ විඤ්ඤාණය සැකසීම කියන එක අපිට පේනවා. ඒ කියන්නේ සඤ්ඤාවේ ඉඳන් චේතනාවට පාරක් තියෙනවා, වේදනාවේ ඉඳන් චේතනාවට නාමරූප හරහා එන පාර, පරාමාසයේ ඉඳන් චේතනාවට අර අත්තා කියලා එහෙම ගැනීම. එතකොට දැන් මේ විදිහට මේ balance එක නැති වෙනවා කියලා අපි වටහා ගන්න ඕනෙ.
ඉතින් ඕකේ පළමු වැනි පදය ගත්තොත්, “සුඛො විවෙකො තුට්‌ඨස්‌ස සුත ධම්මස්ස පස්සතො,” ධර්මය අසා ඇති, දක්නා රහතන් වහන්සේට ප්‍රකාශිත නිර්වාණ ගුණ ඇති විවේකය සුව වෙනවා. ඉතින් ඔය විවේකය කිව්වහම, අර “දූරේ විවෙකා හි තථාවිධො සො” කියලා අපි සාකච්ඡා කළා. ඒ ආකාරයෙන් හිතන්න ඕනෙ. උපධි විවේකයත් ඒකට ඇතුළත් වෙනවා. ඉතින්, අපි ඊයේ එහෙම චිත්ත විවේකය සාකච්ඡා කළා. අර ප්‍රථමධ්‍යානයට ගිය එක්කෙනාට නීවරණයන්ගෙන් වෙන් වෙනවා කියලා.
ඔය විදිහට පෙන්නනවා, මේ සෝවාන් වෙච්ච පුද්ගලයාගේ සිත, සක්කාය දිට්ඨියෙන්, විචිකිච්ඡාවෙන්, සීලබ්බත පරාමාසයෙන් එහෙම වෙන් වෙනවා කියලා. සකෘදාගාමී පුද්ගලයාගේ සිත ඕලාරික කාමරාග සංයෝජනයෙන්, පටිඝ සංයෝජනයෙන්, ඕලාරික කාමරාග අනුසයෙන්, පටිඝානුසයෙන් එහෙම වෙන් වෙනවා කියලා. ඉතින් ඕලාරික කාමයි කියලා කියන්නේ, වේදනාව නිසා රූප සොයන්නේ නැහැ කියන එක.
ඊළඟට පෙන්නනවා, අනාගාමියාගේ සිත අනු සහගත වූ කාමරාග සංයෝජනයෙන්, පටිඝ සංයෝජනයෙන්, අනු සහගත කාමරාග අනුසයෙන්, පටිඝානුසයෙන්, එහෙම වෙන් වෙනවා කියලා. ඉතින් ඔතන අනු සහගතයි කියලා කියන්නේ ඔය දිට්ඨි අනුසය නිසා වන කාමයන්.
ඉතින් දැන් මේ විදිහට ගිහිල්ලා, ඉතින් අන්තිමට ඒ සම්පූර්ණයෙන් ඒ නැසුවා වූ, ඒ රහතන් වහන්සේට ඉතින් උපධි විවේකය කියන එක තියෙනවා.
ඉතින් මේ විදිහට කරන්න තියෙන්නේ මේ වෙලාවෙදි, ඒ තමන්ගේ එක එක, ඒ ඵල චිත්තයන් නංවලා, ඉතින් ඒවා මතක තියෙනවා නම්, ඒකෙන් තමන්ට පේනවා, මම මෙන්න මේ විදිහට මේකෙන්, වෙන් වීම කියන එක තියෙනවා කියලා.
ඉතින් ඒ වගේ මෙනෙහි කරලා අන්තිමට කල්පනා කරනවා, මේ රහතන් වහන්සේලා විඳින්නා වූ විවේකය කියන එක, සිහි කරන්න ඕනෙ. දැන් අපි නම් ඉතින් මේ ආහාර හොයාගෙන දුක් විඳින හැටි ආදී වශයෙන් එහෙම කල්පනා කරලා, ඒ අය ඉතින් කොච්චර විවේකයක් විඳිනවා ද කියන එක, නේ ද, මේ රූපයන් සම්බන්ධයෙන්.
අපි ඉතින් මේ රූප රාග, අරූප රාග කියලා එහෙම බැලුවහම, තමන්ට පේනවා නේ ඉතින් අර ඊයේ පෙරේදා භාවනාවලින් අපි රූප සොයාගෙන යනවා කියන එක. ඉතින් එහෙම සොයන්නේ නැතිව, ඉතින් ඒවායින් විවේකය කියන එක. සඤ්ඤාව අල්ලාගෙන, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ඔය වගේ දේවල් අල්ලා ගෙනවත් ඉන්නේ නැතිව, කියන එක. අර රූප රාග curve එකත් එක්ක, ඒ රාග කතාව එහෙම බලන්න පුළුවන්.
ඉතින් ඕක ඒ විදිහට විවේක වෙනවා නම්, අර සඤ්ඤා චේතනා කියන එක සිද්ධ වෙන්නේ නෑ. ඉතින් මෙතන හිතන්න පුළුවන්. සෑහෙන වෙලාවක් ඉන්නත් පුළුවන්, හිතන්නත් පුළුවන්. හරි සැනසීම් සහගත ස්වභාවයක් තියෙන අවස්ථාවක් ඕක, රහතන් වහන්සේලා මෙහෙමයි කියලා හිතන එක.
එතකොට මේ ඒකේ පෙන්නනවා, ඉතින් රහතුන්ගේ සිත රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච ඒවායින් ඔක්කොම වෙන් වෙලා තියෙන්නෙ කියන එක. දැන් එහෙම නම් අපි අර විඤ්ඤාණයේ සැකසෙන එකේ, අර සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන කතාව තමයි අපි ඔය පෙන්නුවේ.
ඊළඟට, දෙවෙනි පදයට එනවා, “අබ්‍යාපජ්‌ජං සුඛං ලොකෙ පාණ භූතෙසු සංයමො” කියලා. නොකිපෙන බව, සුව වෙනවා, ලොව ප්‍රාණීන් කෙරෙහි සංයමය, අවිහිංසාව, සුව වෙනවා. දැන් ඒ කියන්නේ, අර වේදනාවේ ඉඳන් චේතනාව දක්වා එන රේඛාව, ඒක සිද්ධ වෙන්නේ නැහැයි කියන එකයි.
එතකොට, සංස්කාරවලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එම සංස්කාරයන් මගින් උපදවන, වේදනාවලට ප්‍රතිචාර නොදක්වයි. එසේ නම් පෙර වේදනාවන් නොලැබුණා කියලා, නොකිපෙනවා. එම වේදනාවලට තණ්හා නොවේ.
අර අපි ඊයේ බැලුවා, අර තරාදියේ වම් පැත්ත පාත් වෙනවා කියන එක නේ ද? දැන් මේකේ වම් පැත්ත පාත් වෙන්නේ නෑ. පිරිසිදු විඤ්ඤාණය පැවැත්මට බාධා නොවේ කියන එක එනවා. ඉතින් සංස්කාරවලට ප්‍රතිචාර දැක්වීමට උදාහරණ වශයෙන්, දැන් අපි හිතමු ඕගොල්ලෝ වෙරළු කකා ඉන්නවා. ඒ පාර පේනවා තව පුද්ගලයෙක්, ලුණු දාලා වෙරළු කනවා. මෙයාට හිතෙනවා, මම ඕක කරනවා කියලා, නේ ද. එතකොට ඒ විදිහට සිතක් එනවා. කවුරු හරි හොරකම් කරලා, පේනවා, අන්න අරයා හොරකම් කරගෙන, අන්න ඉන්න හැටි පේනවා ද? දැන් තමන්ටත් හිතෙනවා, එහෙම හොරකම් කරන්න කියලා. ඉතින් මෙසේ නොවෙනවා නම්, උපධි විවේකය ඇති, රහත් ජීවිතය මනා කොට සිහි කරන්න ඕනෙ. මෙන්න මේ විදිහට විවේකය තිබෙන්නා වූ ඒ ජීවිතය.
ඉතින් ඒක බොහොම හොඳ භාවනාවක්. ඒක තමයි මං කරපු භාවනාව.