Date: 24/12/2018 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.

මම 02/12/2017 නිබ්බාන භාවනාව, නැවතත් කරගෙන ගියා. ඔයගොල්ලන්ට මතක ඇති, ඒකේ අපි “සත්තො ගුහායං” ගාථාව, සම්පූර්ණයෙන් බැලීම කියන එක කළා. එතකොට ඒකෙ මේ රූපයේ ඡන්දය, රාගය, නන්දිය අපි සිහි කළා 6.2, 6.4, 7.1 වශයෙන්. එතකොට “තිට්ඨං නරො” කිව්වහම, අර රාග වශයෙන් රත් වෙලා ඉන්නවා කියලා, ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා කියලා. ඊට පස්සේ, “දූරේ විවෙකා හි තථාවිධො සො,” ඒ විවේකය කියන එක ඒකෙ සිහි කළා.

ඉතින් ඒ විවේකය නැති වීම ස්පර්ශය වීම සමඟ සිදු වෙනවා. රූපය විසින් කා දමන නිසා, රූප ස්පර්ශ නොකළ යුතුයි කියලා එහෙම බැලුවා. ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා, ස්පර්ශයෙන් සඤ්ඤාව ඇති වෙනවා. නාමරූප නිසා ස්පර්ශය ඇති වෙනවා. ඉතින් මේ වෙලාවේ මේ රූප නිසා කා දැමීමක්, වේදනා, සඤ්ඤා කා දැමීමක්, ඒ වගේ ම චේතනා කියන ඒවාත්, ඒකෙනුත් කාලා දමන නිසා නොකළ යුතුයි.

ඉතින් අපි මෙතන පෙන්නුවා, මේ අකුසල චේතනාවෝ කියන ඒවා, ඒ චේතනාවෝ නොකළ යුතුයි කියලා. කුසල චේතනා ස්පර්ශයේ ප්‍රශ්නයක් නැතියි කියලා. ඒ වගේ ම මනසිකාර නොකළ යුතුයි කියලා එහෙම බැලුවා.

ඉතින් අද භාවනාවේ මම කළේ, ඒ විවේකය සිහි කරනකොට, ඒ වෙලාවේ 5, 6, 7 ඒ ධ්‍යාන දක්වා සිත ගෙනිහිල්ලා, චේතනාවෝ නොකළ යුතුයි, කියන එක කියලා කල්පනා කළා. ඒ මනසින් ඇති වුණා වූ අකුසල වූ යම් චේතනාවක් වේ ද, එනම් රූප, පාන් කෑල්ලක් මගේ යැයි ගැනීමක් වේ ද, මෙය නොකළ යුතුයි. “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාව විදිහට හිතන්න ඕනෙ.

මනසිකාර නොකළ යුතුයි සුභ යැයි නොගත යුතුයි. සුභ යැයි ගතහොත් අභිජ්ඣා ඇති වන්නේ ය. මෙය අභිජ්ඣා කාය ග්‍රන්ථයට බැස ගන්නවා. සුඛ යැයි නොගත යුතුයි. සුඛ යැයි ගත්තොත් ව්‍යාපාදය ඇති වන්නේ ය. මෙය ව්‍යාපාද කාය ග්‍රන්ථයට බැස ගන්නවා. අත්තා යැයි නොගත යුතුයි, එසේ ගතහොත් වරදවා වටහා ගැනීම් ඇති වන්නේ ය. මෙය පරාමාසකායගන්ථයට බැස ගන්නවා. නිත්‍යයි නොගත යුතුයි, නිත්‍යයි ගතහොත් එය සත්‍යයක් යැයි වරදවා වටහා ගන්නේ ය. මෙය ඉදංසච්චාභිනිවෙසකායගන්ථයට බැස ගන්නවා. මෙම ග්‍රන්ථ ඉවත් කිරීමට විරිය හතර භාවිතා කළ යුතුයි කියලා අපි දන්නවා.

එයට පෙර යෝගයන්, කාම යෝග, භව යෝග, ඒ යෝගයන් ඉවත් කිරීමට, ඒක මේ විවේකය මගින් සිදු කරන බව අපි තේරුම් ගන්න ඕනෙ. ඉතින් මේ වෙලාවේ මනස බොහොම විශාලයි.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

RupaNandi.jpg