ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං” ගාථාව, ඒ සම්පූර්ණයෙන් බැලීම කියන එක කරගෙන ගියා. ඒකේ තියෙනවා මේ රූපයේ ඡන්දය, වේදනාවේ ඡන්දය, කියන එක එහෙම සිහි කළා. රූපයේ ඡන්දය කියනකොට, කබලිංකාර ආහාරය, එතන ඒ ස්පර්ශ, වේදනා. එතකොට එතන ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි.
එතකොට රූපයේ රාගය, 6.2. ඒක නිත්‍ය වුණා නම්, අපි ජාතියට බිය වෙනවා. 6.4 වුණා නම්, මරණයට බිය වෙන්න ඕනෙ. එතකොට ඊට පස්සේ “තිට්ඨං නරො.” රාග වශයෙන් රත් වෙලා ඉන්නවා, ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. “දූරේ විවෙකා හි තථාවිධො සො”
එතකොට ඒක, අපි දන්නවා, පළවෙනි ධ්‍යානයට සමවැදිච්ච පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙනවා. අන්න විවේකය තියෙනවා. එතකොට, ඒ දැන් එහෙනම් නීවරණයන් කීවහම කාමච්ඡන්දය, ඒවායින් අයින් වෙන්න ඕනෙ. එතකොට කාමච්ඡන්දය කියන එකෙන් අයින් වෙන්න නම්, ඉතින් අපි අර දෙතිස් කුණුපය කියන එක, මළ මුත්‍රා කියලා එහෙම බලන්න ඕනෙ.
එතකොට දැන් ඉතින් ඔය විවේකය නැති වීම කියන එක ස්පර්ශය සමඟ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අපි මළ මුත්‍රා කියලා බැලුවාට, රූපයට සුඛ යැයි කියලා පවසන තාක් කල් රූපය මළ මුත්‍රා කියලා පැවසුවාට, ඒක ඉක්මවීම සිද්ධ වෙන්නේ නෑ.
එතකොට දැන් අපි කිව්ව දැන් ටිකකට ඉස්සෙල්ලා 6.2 නිත්‍ය වුණා නම්, ජාතියට බිය විය යුතුයි කියලා. මේක කොහොම ද සිදු වෙන්නේ? පළමුවෙන් ම අපිට පේනවා, පළමු වැනි කාරණය හැටියට රූපය, ස්පර්ශය, ඒකෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් පරිග්ගහය, පරිග්ගහයෙන් මමංකාරය, මමංකාරයෙන් සුඛ සඤ්ඤාව, සුඛ සඤ්ඤාවෙන් අපි යනවා ස්පර්ශයට. ඒක එකක්.
තව එකක් තියෙනවා. දෙවෙනුවට අපිට පේනවා, 6.6 රූපයට ඇඟිල්ල දික් කරලා, රූපය සුඛයි කියලා අපි පවසනවා. එතකොට මේ කාරණා දෙකෙන්, කුමක් පළමුව අපිව රූප කරා දුවවනවා ද කියන එකයි ප්‍රශ්නයට ආවේ.
එතකොට පළමු වෙනියට කිව්ව කාරණාව පළමුව සිද්ධ වෙනවා. ඒ කියන්නෙ රූප, ස්පර්ශ, වේදනා, තණ්හා, පරිග්ගහ, මමංකාර, සුඛ සඤ්ඤා, ස්පර්ශ. ඒක තමයි පළමුවට සිද්ධ වෙන්නේ. එතකොට සඤ්ඤාව සුඛ වීම 6.3. එතකොට ඒක වරදවා වටහා ගැනීම 6.4, 6.5 අත්තා, 6.6 දිට්ඨි අනුසය. එනම් දෙවෙනි කාරණය, දිට්ඨි අනුසය එන්නෙ දෙවෙනියට, එතන සඳහන් කරපු කාරණය.
එතකොට “මේ කාරණා දෙකට, තව යම් දෙයක් එකතු වන්නේ නම්, රූපයේ ඉක්මවීම කළ නොහැක්කේ ය” කියලා රහතන් වහන්සේ පෙන්නනවා. ඒ කියන්නේ 6.7 නන්දි වුණා නම්, ගැලවීමක් නැතයි කියන එකයි, එතකොට, අපිට පේනවා, ඔතන අර රූප, ස්පර්ශ, වේදනා. අනිත් පැත්තට ජාතියෙන් වේදනාව. එතකොට ගිද්ධිලෝභයේ ඉඳන් ජාතියට 6.7 දැන් ඉතින් අපිට පේනවා, මෙතන මේ ජාතියේ ඉඳන් වේදනාවට සංකප්ප පාර නේ. එතකොට එතන ඉතින් අපිට මේකත් එක්ක මේ භූත වීම කියන එක වැටහෙනවා. ඒ තුන් ධර්මයක් රූප, ජාති, වේදනා කියන එක එකතු වීම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්