ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.
එතකොට මම අද භාවනාවට කළේ, ඒ “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. ඒකෙ රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. අපි දන්නවා රූපයේ ඡන්දය කීවා ම, ඒ ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. ඉෂ්ට වස්තුව වශයෙන් යමෙක් තමන්ගේ ශරීරය, එහෙම නැත්නම් ශරීර කොට්ඨාසයක්, උදාහරණයක් වශයෙන් ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග අභිනන්දනා කරනවා නම්, එවැනි රූප ඇතිව ඉපදීම කියන එක සිද්ධ වෙනවා.
රූපයේ රාගය 6.2, එවැනි ශරීරයක් නිසා, වන ලාභය අපි පවතිනවා කියලා හිතනවා. රූපයේ රාගය 6.2 නිත්‍ය වුණා නම්, ජාතියට බිය වෙන්න ඕනෑ. 6.4, ඒකේ peak එක, ඒක ඇති වුණා නම්, එවැනි ශරීර, ශරීර කොට්ඨාස නිසා වන සුඛය පවතිනවා කියලා අපි වරදවා වටහා ගන්නවා. 6.4, වුණා නම් මරණයට බිය වෙන්න ඕනෑ. 7.1 ධම්මමච්ඡරිය. එම සුඛයන් නැවත පැවැත්වීම සඳහා ක්‍රමය හොයනවා. මෙතෙන්දි විචාරය ඇති වෙනවා. මොන රූපයෙන් මොන ක්‍රමයෙන් එවැනි රූප ලබයි ද? එවැනි සුඛ ලබයි ද?
එතකොට 2016 නොවැම්බර් මාසයේ 30 දා නිබ්බාන භාවනාවේ, ඒ bell shaped curve එක class, instant විදිහට අපි බලලා තියෙනවා. ඉතින් අපි දන්නවා අර A, B, C කියලා points 3 ලකුණු කරන curve එකේ, A කියන තැන ස්පර්ශය. එතන ඒ instant එක එතනට එනවා. එතකොට එතන තමයි විතක්ක කියන එක. මව නැති වෙච්ච පුද්ගලයා, මව සොයනවා. එනම් ස්පර්ශය නැති වූ පුද්ගලයා ම ස්පර්ශය සොයනවා. කුමකින් සොයයි ද? සළායතන මගින්.
ඊළඟට C point එක එනකොට, එතන class එක. එතන විචාර. සුඛ වන රූප සොයන සංස්කාර නිසා, සෝකය දක්වා හැමදා ම පැමිණෙනවා. මේක පුරුද්දක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අර රූප රාග curve එකට මේක යෙදුවා ම මනස ඉතා විශාල වෙනවා. ඉතින් ඒකට හැබැයි ඒ ධර්මය අපි දැනගෙන ඉන්න ඕනෑ.
අපි දන්නවා අර මෝහයේ ඉඳන් පරිදේවයට, අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා, සංස්කාරයන් නිත්‍යයි කියලා අරන් තියෙනවා. ඊට පස්සේ සංස්කාරයේ ඉඳන් පරාමාසයට, සඞ්‌ඛාරා පච්චයා විඤ්ඤාණං, පරාමාසයේ ඉඳන් චේතනාවට, විඤ්ඤාණං පච්චයා නාමරූපං, ඊට පස්සේ භය අගතියේ ඉඳන් සෝකය දක්වා නාමරූපං පච්චයා සළායතනං කියලා බලලා තියෙනවා.
නාමරූපං ප්‍රත්‍යයෙන් සළායතන. කුමන ආයතන ද? දුක් වන ඇස, දුක් වන කන, දුක් වන මනස, ජරා වට පත් වෙලා තියෙනවා. නාමරූප ප්‍රත්‍යයෙන් වන සළායතන සෝක කරනවා කියන එක.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්