පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,
ගිය අවුරුද්දේ, ඉන්දියා trip එකේ දී, ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපය අසල භාවනා කරනවිට, ඇහිච්ච ධර්මයට සිත යොමු කළා. චතුරාර්ය සත්‍ය ධර්මය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුක්ඛයත්, දුක්ඛ සමුදයත් එක කොටසක්. දුක්ඛ නිරෝධයත්, නිරෝධගාමිනී පටිපදාවත් තව කොටසක්. දුක්ඛයත්, දුක්ඛ සමුදය සත්‍යයෙත් ආස්වාදය කියන එක තියෙනවා. දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙත් ආදීනවය කියන එක තියෙනවා.
දුක්ඛයත්, දුක්ඛ සමුදය සත්‍යයෙත් ආස්වාදය කුමක් ද? ධ්‍යානයක් හෝ අභිනන්දනා කරන්නේ නම්, ඒ නිසා ඉපදීම ඇත. එය දුකේ ඇතුළත් වන්නේ ය. දුක්ඛ නිරෝධයේත්, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවෙත් ආදීනවය කුමක් ද? යම් දහමක් වැඩිය යුතු ද, භාවිතා කළ යුතු ද, එම දහම නොවැඩීම නිසා, කුසලය ඉපදීම නැති නිසා ආදීනවය ඇත. මෙය ද දුක්ඛයේ ඇතුළත් වන්නේ ය.
එහෙම නම්, දෙයාකාරයට ම දුකයි. අභිනන්දනා කළා නම් ඉපදී දුකයි. යමක් කළ යුතු දේ නොකරන්නේ නම් දුකයි. එනම් ඒ හතර ම පේනවා දුකයි කියන එක. එසේ නම් අපිට choice එකක් නෑ. අතහරිනවා ඇරුණ කොට.
“එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො විරාගො නිබ්බානන්ති.”
“එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො නිරොධො නිබ්බානන්ති.”
විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා. අරි අට මගින් උපසමාධිට්ඨානය, කිසිදු සංස්කාරයක් නොකරන්නේ නම් පමණක්, සමථ වන්නේ ය.
එතකොට අපි වමේ සිට දකුණට කිසිදු දහමක් නොපැමිණි වන්නේ නම්, එනම් සඤ්ඤා මගින් ඇති වන්නා වූ සංස්කාරයන් නොපවතින්නේ නම්, සංස්කාර නිරෝධ වන්නේ ය. එනමුදු සඤ්ඤාව නතර වූ පමණින් සංස්කාර නිරෝධ වූවා යැයි නොපැවසිය යුතුයි. කුමක් නිසා ද? මගඵල ලාභියා සඤ්ඤාව ඉවතලයි. එනමුදු ඔහුට නෙවසඤ්ඤානාසඤ්ඤායතන වන අවස්ථාවෝ ඇත. මේ නිසා ය. කෙසේ නම් කිසිම සංස්කාරයක් නොකරයි ද? තණ්හා නිරෝධය මගින් ම මේ වන බව පැවසිය යුතු ය. මේ සඳහා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වැනි සංස්කාරයෝ ද අනිත්‍ය බව වැටහිය යුතුයි.
ඒ කියන්නේ අපිට හදන්න පුළුවන් ලොකු ම එක නෙවසඤ්ඤානාසඤ්ඤායතනයත් අත හළ යුතුයි. එහෙම නොවෙනවා නම් දුක්ඛය ම ඇති වෙනවා. අර මුලින් කිව්ව වාක්‍යයට බලන්න ඕනෑ. අභිනන්දනා කළොත් දුකයි. එතකොට වැඩිය යුතු දෙයක් නොවැඩුවොත් ඒත් දුකයි. අත හැරිය යුතු දෙයක් අත හැරියේ නැත්නම් ඒත් දුකයි කියන එක තියෙනවා.
එතකොට එහෙම නම්, ඒ දෙක ම දුකයි කියලා තේරුම් අරගෙන, එහෙම නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංස්කාරයෝ අනිත්‍ය බව වැටහෙන්නේ, එය අභිනන්දනා නොකරයි. එසේ වැටහෙන්නේ අරි අට මඟ පුනපුනා පරිහරණය කිරීමෙන්. එහි යම් අනුලෝම, ප්‍රතිලෝම ලෙස දැකීමක් වේ ද එමගිනි. ඒක සිද්ධ වන්නේ භාවිත ප්‍රඥාවෙන්, භාවිත චිත්තා, භාවිත සීලා, භාවිත කායා කියලා එක පැත්තකට යනවා. ආපහු ප්‍රතිලෝම වශයෙන් බලාගෙන එනවා. භාවිත කායා ඉඳන් භාවිත ප්‍රඥාව දක්වා. මේ විදිහට විධිමත් වෙනවා නම් ඉතින් තමන්ට ඒ චක්ඛු ආලෝක ඥාන ඒවා ඇති වෙලා නිවන සාක්ෂාත් කරනවා කියලා.
ඒක තමයි මං කරපු භාවනාව.