ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. එහි දී අපි ඉගෙන ගත්තා, නෙවසඤ්ඤානාසඤ්ඤායතන වැනි සංස්කාරයෝ, අනිත්‍ය බව වැටහෙන්නේ, එය අභිනන්දනා නොකරයි. එසේ වැටහෙන්නේ, අරි අට මඟ පුනපුනා පරිහරණය කිරීමෙනි. එහි යම් අනුලෝම ප්‍රතිලෝම ලෙස දැකීමක් වේ ද, ඒ මගින් යනුවෙනි කියලා සාකච්ඡා කළා.
එතකොට අනුලෝමයි කියලා කියන්නේ, භාවිතපඤ්‌ඤාවෙන් භාවිතචිත්තය, භාවිතචිත්තයෙන් භාවිතසීලය, භාවිතසීලයෙන් භාවිතකාය. ප්‍රතිලෝම කියලා කියන්නේ, භාවිතකායෙන් භාවිතසීලය, භාවිතසීලයෙන් භාවිතචිත්තය, භාවිතචිත්තයෙන් භාවිතපඤ්‌ඤාව කියන එක.
එතකොට අපි ඉස්සෙල්ලා, ප්‍රතිලෝම වශයෙන් බැලුවොතින්, ඒ කියන්නේ, භාවිතකායාවලින් පටන් අරගෙන. පාණාතිපාත, අදත්තාදාන වාගේ සංස්කාරයන් අතහරින්නේ, සම්මා කම්මන්ත, සම්මා ආජීව ඇත්තේ, කාය සංස්කාරයාගේ නිරෝධය අගයනවා. හතර වෙනි ධ්‍යානයෙන් සමන්නාගත වෙනවා. එම ධ්‍යානයන්ට මාන නොවන්නේ, අරූප ධ්‍යානයට යයි. මෙහි සිත බැස ගැනීමක් වූවා ද, එහි දී වේදනා ගැන හෝ සඤ්ඤා ගැන හෝ විතක්ක විචාර නොවන්නේ නම්, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට තුඩු දෙනවා. එය නිරෝධය ඇගැයීමට පටන් ගැනීමක් විය හැකි ය. නිරෝධයට පෙර ගොස් ඇත්තේ, එහි ද පැවතීමක් නොමැති බව දන්නේ, දක්නේ, උතුම් නිර්වාණය ම සාක්ෂාත් කරනවා.
ඉතින් එතන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අර හතර වෙනි ධ්‍යානයට ගිහිල්ලා මාන නොවෙනවා කියන එක. ඒකෙන් අරූප ධ්‍යානයට යන හැටි. අනිත් අතට විතක්ක විචාර කිව්වා ම බලන්න අපි සාමාන්‍යයෙන් මේ රූපය අසුභයි කියලා අපි හිතනවා. එතන විතක්ක විචාරයන් ඒ විදිහට තියෙනවා. ඒ වගේ ම හිතන්න වේදනා කියන ඒවා, සඤ්ඤා, අනිත්‍යයි කියලා. ඒ විදිහට බලලා තමයි අපි ඒ නිරෝධය දක්වා ගමන් කිරීම කියන එක.
ඊළඟට අපි අනුලෝම වශයෙන් බැලීම ගත්තොත්, භාවිතපඤ්‌ඤාවෙන් භාවිතචිත්තා, භාවිතචිත්තයෙන් භාවිතසීලා, භාවිතසීලයෙන් භාවිතකාය කියන එක. දැන් ඉස්සෙල්ලා අපි බැලුවා ප්‍රතිලෝම වශයෙන්. බැලීම මගින් වූ ප්‍රඥාවෙන් සමන්නාගත වන්නේ, ඉහළ ම වූ සම්මා දිට්ඨිය මනා කොට එළඹෙනවා. එනම් දුක්ඛ නිරෝධ සත්‍යය පමණක් ඉතුරු වෙනවා. ඉහළ ම වූ සම්මා දිට්ඨිය ම අමෝහ ධර්මය වන්නේ ය. අමෝහය, නිර්වාණය පමණක් ම අගයයි. මෙය මගින් භාවිතචිත්තා යන්නට එළඹෙනවා. මෙහි ඇත්තේ සම්මා සංකල්ප සහ සම්මා සමාධියයි. සම්මා සමාධිය, සබ්බාසව සූත්‍රය 3 ඒකෙදි අපි star එක මගින් දක්වන සම්මා සමාධිය වෙනවා. එහි සම්මා ඥාන ඇත. ඒක අපි 25/04/2016 භාවනාවේදි, සාකච්ඡා කරලා තියෙනවා.
ඉතින් ඒක නැවතත් කෙටියෙන් මතක් කරනවා නම්, ඒ සම්මා ඥාන වෙන කොටස, ඕගොල්ලො දන්නවා, සමාධි, සති, ප්‍රඥා, කියලා එතන triangle එක. එතකොට ප්‍රඥාවේ ඉඳන් සමාධිය දක්වා, අපිට පේනවා මේ සංස්කාරයෝ මගේ යැයි කියලා නොගැනීම. කුමන සංස්කාරයෝ ද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනය හදන සංස්කාරයෝ. නිර්වාණය ම රතනයක් නිසා ඒක ඉවත් කරනවා. මේක එක වටයක් ධාවනය වෙනවා.
සඤ්ඤාවෝ ඉවත් කරනවා. කුමන සඤ්ඤාවෝ ද? අරූප ධ්‍යාන සඤ්ඤා. ඒක සමාධියේ ඉඳන් සතිය දක්වා, රේඛාවට තමයි එතන වැටෙන්නේ. මේක තව වටයක් ගමන් කරනවා. රූපය මගේ යැයි නොගනී. මෙයින් ඇති වෙන ප්‍රඥාව සම්මා ඥාන බවට පත්වෙනවා.
අන්න ඒ අවස්ථාවෙදි සතියේ ඉඳන් ප්‍රඥාව දක්වා, රූපයට නිත්‍යයි එකතු කරන සඤ්ඤාව ඉවත් වෙනවා. ඒක තමයි තුන් වෙනි වටයක් ගිහිල්ලා වෙන දේ, තුන් වෙනි කාරණය.
දැන් භාවිතචිත්තයේ සම්මා සංකප්පය ඇත. එය ආර්ය වූ සම්මා සංකප්පයයි. “අරිය චිත්තස්ස, අනාශ්‍රව චිත්තස්ස, අරිය මග්ගං සමඞ්ගිනො, අරිය මග්ගං භාවිතො, තක්කො විතක්කො සංකප්පො අප්පනා ව්‍යප්පනා චෙතසො අභිනිරොපනා වචී සඞ්‌ඛාරා. අයං භික්ඛවෙ සම්මා සංකප්පො අරිය අනාසවා, ලොකොත්තර මග්‌ගඞ්‌ගො.”
මේක advanced 2 program එකේ ඉගෙන ගත්ත අවිතක්ක අවිචාර සමාධියේ විදිහට බලන්න ඕනෑ. කාම විතක්කයෝ නැත. විචාරයෝ නැත. ව්‍යාපාද විතක්කයෝ නැත. විචාරයෝ නැත. විහිංසා විතක්කයෝ නැත. විචාරයෝ නැත.
එතකොට අපි දන්නවා පළමු වෙනි එක කාම විතක්ක කතාව. සවිතක්ක සවිචාර සමාධිය. එතකොට ඒකේ අපි දන්නවා අපි A කියලා ගත්තොත් මෙත්තාව රූපයේ ජරා වෙන බව දැකලා ඉක්මවීම කරනවා. මේක, දැන් අපි ඉස්සෙල්ලා තුන් වෙනියට කතා කළා නේ, රූපයට නිත්‍යයි එකතු කරන සඤ්ඤාව ඉවත් වීම සමඟ යුගන්ධ couple වෙනවා. එතකොට අමෝහ පාරේ යන්නේ සංස්කාර ඉවතලනවා, කාම විචාරයෝ නැත.
ඊළඟට අවිතක්ක විචාරමාත්‍ර සමාධිය අපි දන්නවා භවයේ යන විතක්කය නැත. ඒ නිසා ව්‍යාපාද විතක්කය නැත. අන්න ඒක සම්බන්ධ වෙනවා, අපි දෙවෙනි එකට පෙන්නුවා, අර රවුමක් කැරකෙනකොට සතියේ ඉඳන් පෙන්නුවේ නේ ද? සඤ්ඤාව මගේ යැයි නොගැනීම සමඟ යුගන්ධ couple වෙනවා. අදෝෂයේ අර්ථ දැක්වීමත් එක්ක සිහි කරන්න, අරූප ධ්‍යානයකවත් ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ නේ.
එතකොට ඊට පස්සේ, විහිංසා විචාරය. තුන් වෙනි කාරණාව, පග්ගහ නිමිත්ත මගින් චිත්ත සංස්කාර නවතනවා. අන්න ඒක අපි පළවෙනියට කිව්වේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාර ඉවතලනවා කියලා. අන්න ඒකත් එක්ක යුගන්ධ couple වෙනවා.
ඉතින් එතන තමන්ට තේරෙනවා. නිර්වාණය ම රතනයක් කියලා පග්ගහ නිමිත්තෙන් පෙන්වා දෙනකොට මේ චිත්ත සංස්කාර ඉවතලීමට තුඩු දෙනවා. කුමක් නිසා ද? යම් සමුදය දහමක් වේ ද, එය මගින් ඇති වන්නේ දුක බව දැකීම නිසා.
දැන් පේනවා ද, මේ සවිතක්ක සවිචාර සමාධියේ, මේ තුන් වෙනි එක විහිංසා විතක්කයෙන් තමයි එතන ව්‍යාපාද විතක්කය. ව්‍යාපාද විතක්කයෙන් තමයි කාම විතක්කය අන්න ඒ විදිහට ඒක එන්නේ අර යුගන්ධ වෙන එක හොඳට බලන්න ඕනෑ. අර star එකේ, ඒ කාරණා තුනයි, මේකත් එක්ක.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්