ඒ පූජාවෙන් පස්සේ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඉන්දියාවේ බුද්ධගයා Bodhgaya වල බෝ ගහ අසල කළ භාවනාව මේ කියන්නේ.
එහි බෝසතාණන් වහන්සේ භාවනා කරනකොට, බෝසතාණන් වහන්සේට චක්ඛුංච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සො ඒ තුනේ එකතුව තමයි ස්පර්ශය වෙන්නේ. ඒ බෝසතාණන් වහන්සේට මෙහෙම මෙනෙහි කරනකොට ස්පර්ශයෙන් වේදනාව, වේදනාවෙන් තණ්හාව, තණ්හාවෙන් උපාදානය, උපාදානයෙන් භවය, භවයෙන් ජාතිය කියලා වැටහුණා. ස්පර්ශය කුමක් ඇති විට ඇති වන්නේ ද? සළායතන ඇති විට ස්පර්ශය ඇති වෙයි. සළායතන කුමක් ඇති විට ඇති වන්නේ ද? නාමරූප පච්චයෙන් සළායතන කියලා වැටහුණා.
මේක වැටහුණේ පුබ්බේනිවාසානුස්සති ඥානයට පසුවයි. එතකොට, ඒකේ අපි දන්නවා, අපි සාකච්ඡා කරලා තියෙනවා, ඒ භය අගතියේ ඉතින් සෝකය දක්වා නාමරූප පච්චයා සළායතනං කියලා අපි ලකුණු කරගෙන තියෙනවා. ඒ නාමරූප පච්චයෙන් සළායතන, කුමන ආයතන ද? දුක් වෙන ඇස, දුක් වෙන කන, දුක් වෙන මනස ජරාවට පත් වෙලා තියෙනවා. නාමරූප පච්චයෙන් වෙන සළායතන සෝක කරනවා කියලා. ඉතින් අනත්ත ලක්ඛණය සිහි කරන්නේ, මේක වැටහුණා. පෙර භවයක යමක් මගේ යැයි ගන්නා ලද්දේ ද එමගින් අහවල් තැන්වල, අහවල් ගති ඇතිව, එයට සුදුසු ආයතන ඇතිව ඉපදෙනවා. එසේ නම් පෙර නාමරූපයෝ මගින් දැන් මෙන්න සළායතන. මෙය තුන් කාලයට ම සාධාරණ වශයෙන් දකිනවා.
ඉඳන් මේක තේරුම් ගැනීම සඳහා මගේ අතීත භවයන් මම සිහි කළා. පාණාතිපාත කරලා අපායේ ඉපදෙනවා. එතකොට සතෙක් මරණ විට වන වේදනාවන් අගයන්නේ, එවැනි වේදනා දෙන අපායේ ඉපදීම ඇති වන්නා වූ ආයතනයෝ සෝක කරනවා. මෙහි දී විඳීමෙන් තොරව ඉපදීම නිසා ම සෝකය ඇති ස්ථානයක් අපාය. ඊළඟට කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලයට පෙර හතර වෙනි ධ්‍යාන තලයේ ඉපිද සිටියේ උපෙක්ඛා සහිත වූයේ එහි ඉපිද යම් වූ සුඛ වේදනාවක් ස්පර්ශ වූයේ ද, එමගින් සළායතන සෝක කරනවා. පෙර උපෙක්ඛාව නැති බව නිසා ය.
ඊළඟට තුන් වෙනියට අරූප ධ්‍යාන තලයක ඉපදෙන්නේ, ආකාසානඤ්චායතනය වූ අයට, රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා ස්පර්ශ වන්නේ ද, මනායතනය සෝක වන්නේ ය. මෙසේ පුබ්බේනිවාසානුස්සති ඥානය මගින් දැනගන්නවා.
බෝසතාණන් වහන්සේ නාමරූප සිට ජාති, ජරා දක්වා නැවතත් repeat කරනවා. ඒ කියන්නේ සෝක කරන සළායතන මගින් ඇති වන ස්පර්ශය, ඒවා සෝක කරන හැටි, ඊළඟට වේදනාව සෝක කරන හැටි, තණ්හාව, ඔය විදිහට අර ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛය කියන එක බලපු එක, නැවතත් repeat කිරීම කියන එක කරනවා, එතන ඉඳන් ම.
කුමක් ඇති විට නාමරූප ඇති වන්නේ ද? “විඤ්ඤාණ පච්චයා නාමරූපං” යැයි වැටහුණා. මේ දිබ්බචක්ඛු ඥානය ඇති වීමෙන් පස්සේ වැටහුණේ. කුමක් නිසා ද? යම් දහමක් මගින් දැනගන්නේ සෝක කරන ආයතන බව පෙර දැනගන්නේ, එම සියලු ධර්මයෝ විඤ්ඤාණය මගින් ම දැනගනී. ස්පර්ශ කරති. කුමක් ඇති විට විඤ්ඤාණය ඇති වේ ද? “සඞ්‌ඛාර පච්චයා විඤ්ඤාණං” යන්න කියලා වැටහුණා. මෙහි දී පෙර බලා ඇති ධර්ම කාරණාවෝ උපයෝගී විය. කුමන ධර්ම කාරණාවෝ ද?
දිබ්බචක්ඛුවෙන් දැනගන්නා වූ අඳුර සහිත වූ අපාය වැනි තැන්වල ඉපදීමට තුඩු දෙන, පෙර පාණාතිපාත වැනි සංස්කාර පුබ්බේනිවාසානුස්සති ඥානයෙන් දිබ්බචක්ඛුවත් දෙක ම උදව් උපකාර වෙලා තියෙනවා. එනමුදු මෙම අවබෝධය සම්පූර්ණ වීම, ආසවක්ඛය ඥානය ලැබීම සමඟ ඇති වුණා. එම සංස්කාර ඇති වන්නේ “අවිද්‍යා පච්චයෙන්” යැයි එම ඥානය ඇති වන විට ම හටගත්තා.
ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මේක කළහම තථාගතයන් වහන්සේට ඒ හරියට ඔළුවෙන්, අර ඉන්ද්‍රියන් තියෙනවා නේ විරිය, සති, ආදී වශයෙන්. ඒ ඉන්ද්‍රියන් තියෙන ඒ ඔළුවෙ උඩ හරියට නිකම් ආප්පයක් වාගේ උඩු අතට ආලෝකය විහිදිලා තියෙනවා. ඊට පස්සේ, මේ කකුලේ කෙණ්ඩාවලින් ආලෝකය විහිදිලා තියෙනවා. දැන් උඩිනුත් විහිදෙනවා. කෙණ්ඩාවලිනුත් විහිදෙනවා. ඊට පස්සේ, මේ මුළු ශරීරයේ ම ප්‍රභාස්වරව, හැමතැනට ම ආලෝකය විහිදිලා තියෙනවා.
ඉතින් ඒක තමයි කරපු භාවනාව.