Date: 27/01/2019 Name: Dukka Nirodha Sutta 3

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම 2016 ඉන්දියා trip එකේදි, ජේතවනාරාමයේ දම් සභා මණ්ඩපය අසල භාවනා කරනවිට, ඇසුණ ධර්මයට සිත යොමු කළා. චතුරාර්ය සත්‍ය ධර්මය කොටස් දෙකකට බෙදිය හැකියි. පළවෙනි එක දුක්ඛයත් දුක්ඛ සමුදයත් එක කොටසක්. දෙවෙනුවට දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් තව කොටසක්. දුක්ඛයත් දුක්ඛ සමුදය සත්‍යයෙත් ආස්වාදය ඇත. දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවේ ආදීනවය ඇත.

දුක්ඛයත් දුක්ඛ සමුදය සත්‍යයෙත් ආස්වාදය කුමක් ද? ධ්‍යානයක් හෝ අභිනන්දනා කරන්නේ නම්, ඒ නිසා ඉපදීම ඇත. එය දුකේ ඇතුළත් වන්නේ ය. දුක්ඛ නිරෝධයේත්, නිරෝධගාමිනී පටිපදාවේ ආදීනවය කුමක් ද? යම් දහමක් වැඩිය යුතු ද, භාවිතා කළ යුතු ද, එම දහම නොවැඩීම නිසා, කුසලය ඉපදීම නැති නිසා, ආදීනවය ඇත. මෙය ද දුකෙහි ඇතුළත් වන්නේ ය.

එහෙම නම්, දෙයාකාරයට ම දුකයි. අභිනන්දනා කළා නම්, ඉපදී දුකයි. යමක් කළ යුතු දේ නොකරන්නේ දුකයි. කුමක් කළ යුතු ද? කුමක් වැඩිය යුතු ද? අරි අට මඟ වැඩිය යුතුයි.

මේ 13/01/2019 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත් අයුරින්, අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් වැඩිය යුතුයි.

ඕගොල්ලන්ට මතකයි, අපි බැලුවා, අනුලෝම භාවිත ප්‍රඥා, භාවිත චිත්තා, භාවිත සීලා, භාවිත කාය කියලා. ප්‍රතිලෝමව බලලා තියෙනවා. භාවිත කායාවලින් භාවිත සීලා, භාවිත සීලාවලින් භාවිත චිත්තා, භාවිත චිත්තා කියන එකෙන් භාවිත ප්‍රඥා.

මෙසේ වඩන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පවා ඉවත් කරනවා. දුරු කරනවා. “පජහති.” ඒක හරියට අර ප්‍රහාණ සඤ්ඤාව වගේ. අභාවයට පමුණනවා. සප්ත බොජ්ඣඞ්ගයෝ වැඩිය යුතුයි.

ජාති, ජරා, ව්‍යාධි, මරණ. අපි දන්නවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාට, මරණය තියෙනවා. අරූප ධ්‍යාන ඵල ලාභියාට ව්‍යාධිය තියෙනවා. මනුස්සයන්ට, දෙවියන්ට ජාති, ජරා තියෙනවා. මෙසේ උපෙක්ඛා සහගත වන්නේ නම්, සඤ්ඤාවෝ ඉවත් කරනවා.

පංචඉන්ද්‍රියයෝ වැඩිය යුත්තේ ය. පළවෙනියට අපි දන්නවා, අර star එකේ, අර අරි අට මඟ අනුලෝම, ප්‍රතිලෝම විදිහට වඩනවා නම්, සංස්කාරයෝ මගේ යැයි නොගනී. කුමන සංස්කාරයෝ ද? නෙවසඤ්ඤානාසඤ්ඤායතන හදන සංස්කාරයෝ. එතකොට සමාධිය මගින් ඒක ඉවත් කරනවා. මේක එක වටයක් ධාවනය වෙන්නේ, සඤ්ඤාවෝ ඉවත් කරනවා. කුමන සඤ්ඤාවෝ ද? අරූප ධ්‍යාන සඤ්ඤාවෝයි. එතකොට ඒක සති ඉන්ද්‍රිය මගින් ඒ සඤ්ඤාව මගේ යැයි නොගනී.

MM_Star_27_01_2019.jpg

මෙහි තව වටයක් ගමන් කරනවා. රූපය මගේ යැයි නොගනී. මෙයින් ඇති වෙන ප්‍රඥාව සම්මා ඥාන බවට පත් වෙනවා. රූපයට නිත්‍යයි එකතු කරන සඤ්ඤාව ඉවත් වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මගින් මුසාවාදය වැනි අකුසලයන් වළකනවා. ඉහළ සමාධිවලට ඇති ඇල්ම පවා පහ කරනවා. විරිය ඉන්ද්‍රිය මගින් රූප ස්පර්ශය නවත්වනවා. අපි දුක්ඛය බලන්නේ යම් සේ ද, ජාති, ජරා, ව්‍යාධි, මරණ විස්තර ඇතිව බලන්නේ ද, එසේ ම වැඩිය යුතු ධර්මයෝ ද එසේ බැලිය යුතුයි. කම්මැලි නොවිය යුතුයි.

ඒක තමයි මං කරපු භාවනාව.