ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. ඒ රූපයේ ඡන්දය, වේදනා ඡන්දය කියන එක සිහි කළා. ඡන්දය ඉෂ්ට වස්තුවයි සුඛ වේදනාවයි. රූපයේ රාගය ඕගොල්ලෝ දන්නවා bell shaped curve එක තියෙනවා 6.2, 6.4, 7.1.
6.2 ලාභය පවතී යැයි කියලා සිතනවා. නිත්‍යයි. 6.4 වෙන විට, රූප රාග curve එකේ peak එක. 7.1 ධම්මමච්ඡරිය, 7.1 සුභ යැයි කියලා ගන්නවා. මේ දුක්ඛ table එකේ අනිත්‍ය නම්, දුක නම්, විපරිණාමයට පත් වෙනවා නම් මගේ යැයි ගන්න වටිනවා ද කියලා අපි පෙර වටහාගෙන තියෙනවා.
මේකට සමාන වෙනවා lightning sign එකේ පරිදේව වූ සංස්කාරය මගින් සඤ්ඤාව සුඛ යැයි පැවසීම නිසා එම මුසාව අත්තා කරගැනීම සිදු වන අතර, එය එසේ කිරීම නොවටින බව පෙන්නා දීම.
ඊළඟට දුක්ඛ table එකේ මගේ යැයි ගන්න නොවටින්නේ, නන්දි වීම වටින්නේ ද යන්න, lightning sign එකේ දිට්ඨි ආශ්‍රව සිට කාම ආශ්‍රව නොවීමට සමාන වෙනවා. අපි දන්නවා මේ අර සෝකය හරහා අත්තා ඉඳන් අපි එනවා දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට. එතන කාම ආශ්‍රවය කියන්නේ සුඛයි කියන එකේ පසු සඤ්ඤාව නේ.
එතකොට දැන් එහෙනම් අපි මේ lightning sign එකේ වේදනාව දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සෝකයේ ඉඳන් වේදනාව දක්වා. දුක්ඛ table එකේ නන්දි වීම නොවටින්නේ නම් දුක වන්නේ ද සුඛ වන්නේ ද යන්න, lightning sign එකේ රූපයට සුඛ යැයි පැවරීම සුදුසු නොවන්නේ යන්නට සමාන වෙනවා.
එසේ නම් lightning sign එකේ තියෙන්නේ දුක්ඛ table එකේ ධර්මයයි වැටහෙන්නේ, මුළු නළල ම band එකක් වගේ හොඳින් දැනෙනවා. කිසිවක් මගේ යැයි නොගනී.
මෙහි ටික වෙලාවක් ගත කරන්නේ, යම් ධ්‍යානයක් මෙම පිරිසිදු මනසට ගත හැකි දැ යි විමසුවා. ඒ කියන්නේ ධ්යානෙක ඉඳන් අනිත් එකට මාරු වීම කියන එක. සියලු ධ්‍යානයන් කැමති පරිදි ගත හැකි වන තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ mind is malleable කියන එකයි. කර්මන්ය කියන්නේ, කාර්යයට සුදුසුව සිටි කල්හි කියන්නේ. අන්න ඒ තත්වෙට පත් වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්