Date: 09/02/2019 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.

මම 06/09/2018 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ පෙන්නනවා මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ඉතින් කෙනෙක් මේක අර සත්තො ගුහායං ගාථාවෙන් පටන් අරගෙන, ඒ විදිහට බලාගෙන එන්න පුළුවන්, 6.2 කියන හරිය.

ලෝභය ඇත්තේ, area 1 area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි. ද්වේෂය ඇත්තේ, සෝකයට බිය විය යුතුයි. කුමක් නිසා ද? යම් සෝක ධර්මයක් වේ ද, ඒ තුළ බිය ගෙන දෙන්නා වූ දේ අඩංගු නිසා ය. පරිදේව වී සෝකයට පැමිණියේ, නැවතත් රූප සොයා ගොස් පරිදේවයට ම යා යුතු ද?

ඒ භාවනාවෙදි අපි මෙනෙහි කළා, උපෙක්ඛා අප්‍රමාණය සමාධි ඉන්ද්‍රිය සමඟ වඩන්නේ, කෙසේ නිර්වාණය සාක්ෂාත් කරන්නේ ද කියන එක. සමාධි ඉන්ද්‍රිය මගින් අවිද්‍යා ආශ්‍රව නොවීම, ඒකේ විමසලා තියෙනවා. මෙහි අවිද්‍යා ආශ්‍රව නොවන්නේ, ප්‍රඥා ඉන්ද්‍රිය මගින්, දිට්ඨි ආශ්‍රව නොවීම නිසා ය.

ඉතින් අපි දන්නවා අර අත්තා diagram එක, ඒ නිත්‍යයි කියලා ගත්ත එකේ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රව. එතනින් අපි එනවා අර 4 වෙනි කාරණය සඤ්ඤාව ඉඳන් චේතනාවට එන එක. ඊට පස්සේ චේතනාවෙන් 5 අත්තා කියලා ගන්නවා. ඒ අත්තා කියන එකේ පසු සඤ්ඤාව අවිද්‍යා ආශ්‍රව. ඒක නොවීම මගින් තමයි මේක සිද්ධ වෙන්නේ.

එතකොට මේක සම්බන්ධ වුණා, 28/01/2019 ඒ දුක්ඛ table භාවනාවත් සමඟ සම්බන්ධ වුණා. අනිත්‍ය නම්, ඒ කියන්නේ, දිට්ඨි ආශ්‍රව නොවීම. දුක නම්, ඒ කියන්නේ අර 4 වෙනි කාරණය සඤ්ඤාව ඉඳන් චේතනාව දක්වා, ඒක සඤ්ඤාව දුක නම්. ඊළඟට විපරිණාමයට පත් වෙනවා නම්, ඒ කියන්නේ පරිදේව වූ සංස්කාරයන් නිසා, නිත්‍යයි එකතු කළ නොහැකි නම්, මගේ යැයි ගන්න වටිනවා ද? එතකොට එතනින් එනවා අර 5 වෙනි කාරණය අත්තා කියලා ගන්න එක. ඒ මුසාව අත්තා කරගෙන 6 වෙනියට අවිද්‍යා ආශ්‍රව වීම නොවටී කියන එක.

මේ වෙලාවේ අර තමන්ගේ නළලේ band එක කියන එක නිකම් තදින් හොඳට තමන්ට දැනෙනවා. ඒක පවතිනවා. ඉතින්, මේකට දස කුසලය එකතු කළා. මිච්ඡා ආජීවය හොඳින් මෙනෙහි කළා. අර මැරුණු මනුස්සයා වගේ ඉන්නවා කියන එක. මේ වෙලාවෙදි මුදිතා චෙතො විමුක්තිය ඇති වුණා. අර band එක ඇති නමුත් එහි tension එක අඩුයි කියන එක තේරෙනවා. උපෙක්ඛාව උග්‍ර වෙලා, පවතිනවා.

ඉතින් මේක මේ lightning sign එකේ භාවනාවයි නැවතත් වැටහෙන්නේ, රූපයට උපෙක්ඛා ඇත්තේ, සුඛ දුක පහව ඇත්තේ, සිත කීකරුයි. සෝක පරිදේව ඉක්මවා ඇති බව වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Skilled_sates_of_mind_p4/s_Skilled_sates_of_mind_p4-04.jpg