Date: 11/02/2019 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,.

මම භාවනාවට කළේ 09/02/2019 භාවනාව නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා.

එතකොට ඒකේ මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ලෝභය ඇත්තේ, area 1 to area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි. ද්වේෂය ඇත්තේ, සෝකයට බිය විය යුතුයි. කුමක් නිසා ද? යම් සෝක ධර්මයක් වේ ද, ඒ තුළ බිය ගෙන දෙන්නා වූ දේ අඩංගු නිසා ය. පරිදේව වී සෝකයට පැමිණියේ, නැවතත් රූප සොයා ගොස් පරිදේවයට ම යා යුතු ය.

මින් අනතුරුව, 05/09/2016 නිබ්බාන භාවනාවට සිත යොමු වුණා. ඒකෙ චිත්තානුපස්සනාව වඩන අයකු, නාම කොටසේ සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය දැනගනී, යනුවෙන් විමසලා තියෙනවා.

කොයි විදිහට ද? පළවෙනියට සමාධිභාවනා සූත්‍ර අර්ථයෙන්, සඤ්ඤාවන්ගේ සමුදය, අස්තංගමය දැනගන්නවා. දෙවෙනියට ආස්වාදය, satisfaction, චෛතසිකවල ආස්වාදය කෙසේ දන්නේ ද? රාග සහිත සිත, රාග සහිත බව දැනගන්නවා. කාමයෙහි වේමත්‌තතාවය මත එහි ආස්වාදය දැනගන්නවා. වේමත්‌තතාවය කියලා කිව්වා ම අපි දන්නවා නේ රූපයේ කාමය එකක්, ශබ්දයේ කාමය තව එකක්. ස්පර්ශයේ කාමය තව එකක් කියලා. නිබ්බෙධික සූත්‍රය. එතකොට වීත රාග, වීත මෝහ, වීත දෝස චිත්තයන්ගේ ආස්වාදය විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග විදිහට දැනගන්නවා.

එතකොට ආදීනවය. චිත්තයාගේ යම් මිදීමක් නොවන අයකුට, එම චිත්තය මගින් මැඩ ගැනීම නිසා යම් උවදුරක් වේ ද, එයයි. උදාහරණ වශයෙන් චේතනා මගින් වන අනාගත පරියුට්ඨානය ගත හැකියි. මෙසේ සංසාරයේ සැරිසැරීම සිදු වෙනවා. ඔන්න ඔය අවස්ථාවේ දී, දැන් අපි මෝහය නිසා ඒ ජාතියට බිය විය යුතුයි. ලෝභය ඇත්තේ, මරණයට බිය විය යුතුයි. ද්වේෂය ඇත්තේ සෝකයට බිය විය යුතුයි, යනු වෙන් සිහි කරන්නේ, කූඤ්ඤය පවා දැනීම ඇති වෙනවා. එතන සිත බොහොම ප්‍රභාස්වර වෙනවා.

ඒ අවස්ථාවෙදි ඉතින් අර චේතනා කොටසත් තමන්ට විමසන්න පුළුවන්. අපි දන්නවා, චේතනාවට එන්නේ සඤ්ඤාවෙන් චේතනාවට, වේදනාවෙන් චේතනාවට, පරාමාසයෙන් චේතනාවට. අර අත්තා කියලා එනවා. ඉතින් ඕක අර පෙරළිලා ගිහින් බෝලේ වගේ උඩින් වතුර ගිහිල්ලා, අපි දන්නවා නේ, විඤ්ඤාණයට එනවායි කියන එක. එතකොට, එතන චේතනාවෙන් විඤ්ඤාණය, දැන් නිත්‍යයි කියලා එනවා. ඊට පස්සේ, ඉදංසච්චයේ ඉඳන් විඤ්ඤාණයට පෙර නිත්‍යයි කියලා එනවා. අර 6 සතිය එහෙම ලකුණු කරන්නේ, පරාමාසකායගන්ථයේ ඉඳන් විඤ්ඤාණයට එන තැන. එතකොට ඒ විදිහට විමසලා බලනවා. ඉතින් මේක විඤ්ඤාණයේ මේ විදිහට වුණා නම්, මරණයට බිය විය යුතුයි.

ඊට පස්සේ, නිස්සරණය, escape කියන එක. චිත්තයාගේ යම් ඡන්දරාග විනයක්, ඡන්ද රාග ප්‍රහාණයක් වේ ද, එය නිස්සරණය වේ. කෙසේ ඡන්දරාගය විනය වේ ද? ඡන්ද රාග ප්‍රහාණය වේ ද? සංකල්පයට ඇති රාගය ඉවත් කළ යුතුයි. ඡන්දය නැති විය යුතුයි. එනම් චිත්තය තුළ සමාදහන් වී ඇති එම ධර්මයෝ මුලින් ම උපුටා දැමිය යුතුයි. මෙම ධර්මයෝ නීවරණ ලෙස හඳුන්වනවා. බොජ්ඣඞ්ගයෝ වැඩිය යුතුයි. මේ භාවනාව කළා ම අර කූඤ්ඤය බොහොම සැරට දැනීම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.