Date: 23/02/2019 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, ඒ පූජාවට පස්සේ.

එතකොට මම මේ 10/02/2019 පටිවිරති භාවනාව නැවතත් කරගෙන ගියා. ඒකේ පෙන්නනවා, ඒ කියන්නේ, බාහිර වූ රූපයකට අපේ මනසින් නාම කොටස් සුඛ, දුක වශයෙන් එකතු කරලා, එමගින් විඤ්ඤාණය උපදවා, යමක් සුඛ, දුක, අදුක්ඛම සුඛ වශයෙන් දැනගන්නවා. එම විඤ්ඤාණය මිය යන්නේ, පරිදේව වන්නේ, එමගින් සෝකය ඇති වෙනවා. මෙසේ සංස්කාර පරිදේව වූ පසු, නැවතත් රූපයට සුඛ, දුක වශයෙන් එකතු කරනු ලබනවා. අවසානයට, මෙසේ මේ නිත්‍යභාවය නැති නිසා, continuous විදිහට මේක කළ නොහැකි වීම, මරණය වූ පසු මනා කොට විද්‍යාමාන වෙනවා.

එනමුදු නැවතත් රූප සොයනවා. මෙහි දී රූපය බාහිරව ඇති අතර, තමා විසින් එකතු කරන නාම කොටස, පෙර මෙන් නොවන බව වටහා ගන්නේ, එවැනි රූප කෙරෙහි ද, නාම කොටස කෙරෙහි ද, ආරති, විරති, පටිවිරති ඇති වන්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි කියලා, ඉගෙන ගත්තා.

දැන් 11/02/2019 නිබ්බාන භාවනාවෙදි, අවසානයට සඳහන් කළ නිස්සරණය කියන එක සිහි වුණා. නිස්සරණය, escape. චිත්තයාගේ යම් ඡන්ද රාග විනයක්, ඡන්ද රාග ප්‍රහාණයක් වේ ද, එය නිස්සරණය වෙනවා. කෙසේ ඡන්දරාග විනය වේ ද? ප්‍රහාණය වේ ද? සංකල්පයට ඇති රාගය ඉවත් කළ යුතුයි. ඡන්දය නැති විය යුතුයි. එනම් චිත්තය තුළ සමාදහන් වී ඇති ධර්මයෝ මුලින් ම උපුටා දැමිය යුතුයි. මෙම ධර්මයෝ නීවරණ ලෙස හඳුන්වනවා. බොජ්ඣඞ්ගයෝ වැඩිය යුතුයි.

එතකොට, සංකල්පයට ඇති රාගය පහ කිරීම, 15/10/2017 නිබ්බාන භාවනාවෙදි ඉගෙනගෙන තියෙනවා. ඒකේ අපිට පේනවා අර විඤ්ඤාණයේ නිත්‍යභාවය අවිද්‍යා අනුසය තුළ විපල්ලාස ලෙස තැන්පත් වෙලා තියෙනවා. අවිද්‍යා අනුසය මගින් සඤ්ඤාව ඔසවනවා. මාන අනුසය මගින් ඒකේ පැහැදෙනවා. පටිඝානුසය මගින් අසම්පජානකාරීත්වය සුඛ යැයි පවසනවා. මෙසේ රාග සහිත වී රාග අනුසය වෙනවා. මේ ජරා වේදනා අසම්පජාන රේඛාව තණ්හාව මගින් කැරකැවීම සමඟ සිදු වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා.

ඉතින් අපි දන්නවා රාග කොටස කියන එක පහළ. ඡන්ද කොටස ඇවිල්ලා උඩ. ඉතින් පහළ ඇති රාග කොටස පහ කිරීම සිහි කළොත්, අපි කුමකට ද කරකවන්නේ? කුමකට සඤ්ඤාව ඔසවයි ද, ඇති වන්නේ සෝකය නම්? ඉතින් මේ වෙනකොට නළලේ වම් පැත්ත සිහිය, සතිය කියන එක අධිකයි. ඒ ඉන්ද්‍රිය අධිකව තියෙනවා. නළල මැද හොඳින් දැනෙනවා. සිතත් නතර වෙනවා.

ඉතින් ටික වෙලාවකින් යම්කිසි පුද්ගලයකුගේ අතීත භවයක්, සිටින අවස්ථාවක් දැක්කා. ඒ කුමකට සඤ්ඤාව ඔසවයි ද? සෝකය ඇති වෙනවා නම්? එතකොට, එතෙන්දි කල්පනා කළා කුමක් නිසා සෝක වෙයි ද? ඔහු මිය යයි. ඔහුට ව්‍යාධිය ඇත. යම් පුද්ගලයෙක් දකින විට ම එම තැනැත්තාට ව්‍යාධි, මරණ ඇති බව වැටහෙන්නේ, පෙර ඥාතියකු බොහෝ කලකට පසු දකින්නේ සතුටින් පිළිගන්නේ ද, එසේ සඤ්ඤා එසවීමක් නොවන්නේ ය. මෙසේ නිර්වාණය සාක්ෂාත් කරයි.

ඒක තමයි මං කරපු භාවනාව.