ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම, “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. එතකොට ඒකේ තියෙනවා, රූපයේ ඡන්දය, වේදනා ඡන්දය කියන එක එහෙම සිහි කළා. ඡන්දය කියන්නේ ඉෂ්ට වස්තුවයි, සුඛ වේදනාවයි. කබලිංකාර ආහාරය, ස්පර්ශය, එතන වේදනාව. එතකොට රූපයේ රාගය, 6.2. නිත්‍ය වූයේ නම් ජාතියට බිය විය යුතුයි. එනම් මෝහ වූයේ නම් ජාතියට බිය විය යුතුයි. 6.4 වූයේ නම් මරණයට බිය විය යුතුයි. එනම් ලෝභ වූයේ නම් මරණයට බිය විය යුතුයි.
භාවනාවට පෙර මේක මෙල්බර්න්වලදි කළ භාවනාවක්. ඒකේ park එකේ දුවන කලු බල්ලෙක් දැක්කා. භාවනාවට ඇස් වහනකොට ම කහ පාට බල්ලෙක් දුවනවා මෙන් පෙනුණා. දැන් කෙසේ කහ පාට බල්ලෙක් පෙනෙන්නේ ද? කියලා සිතුණා, කුමකට මෙසේ හඳුනා ගන්න උත්සාහ කරන්නේ ද? ලෝභය නිසා ය. කහ වර්ණය සුඛය, එහෙනම්, හඳුනා ගන්නකොට ම මරණයට බිය විය යුතුයි.
සඤ්ඤාවෙන් ඉස්සවීම වන විට ම සෝකය ඇති වන බව ඊයේ භාවනාවේ අර්ථයෙන් සිහි වන්නේ, වස්තුවක් හඳුනා ගන්න මොහොතකින් මරණයට බිය විය යුතුයි. එසේ නම් ලෝභය නිසා මරණයට බිය විය යුතුයි. එතකොට area 1 වලින් area 6. Area 6 වල මෝහය ඇත,
මෝහය කුමක් නිසා ඇති වන්නේ ද? අපි දන්නවා ථීනමිද්ධයෙන් මෝහය තයොධම්ම සූත්‍රයෙන්. ව්‍යාපාදයෙන් පස්සේ වට දෙකක් කරකවලා ථීනමිද්ධය. මේ විදිහට ආයතන භාවනාවේ මෙන් රූපය නිසා මෝහය. තව ද ස්පර්ශය නිසා මෝහය වන බව දන්නවා. එසේ නම් ස්පර්ශ වන විට ම ලෝභය වන විට ම මරණයට බිය විය යුතුයි. Area 6, මෙහි මෝහය ඇත්තේ, ජාතියට බිය විය යුතුයි, යනුවෙන් වටහා ගන්නේ රූප කෙරෙහි ද, ඒ ස්පර්ශ කෙරෙහි ද, බිය විය යුතු ය, යනුවෙන් වටහා ගන්නේ සෝක නොවන්නේ, රූපයේ ඡන්දරාගය පහ කරයි, නිර්වාණය සාක්ෂාත් කරයි.
ඒක තමයි මං කරපු භාවනාව.