පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
05/07/2015 කායුජ්ජුකතා භාවනාව කියන එක නැවතත් කරගෙන ගියා. එහි සංස්කාර ඉවත් කිරීම මගින් චිත්තමුදුතා ඇති වෙන බව අපි දනිමු. එවිට චේතනා ඉඳන් විඤ්ඤාණය දක්වා දැන් නිත්‍යයි කියලා ඉවත් වෙනවා. මීට වේදනා සඳහා හදන සංස්කාර ඉවත් වූවත්, ආකිඤ්චඤ්ඤායතන වී ඇතත්, පෙර විඤ්ඤාණඤ්චායතනය මැරීම නිසා ඇති වුණ සුඛුම වූ නිත්‍යභාවයක් පවතිනවා. මෙම නිසා විඤ්ඤාණය තුළ වූ යම් නිත්‍යභාවයක් වේ ද, එය ඉවත් කිරීම වන්නේ, අත්තා diagram එකේ රතු පථය අර red 1 වලින් අපි පටන් ගන්නේ, නොවීම මගින් චිත්තුජ්ජුකතාවය වන බව අපි දනිමු.
ඒ කියන්නේ අපි අර 1 කියලා ලකුණු කරලා තියෙනවා, විඤ්ඤාණයේ ඉඳන් අර නිත්‍යයි කියන තැනට. එනම් විඤ්ඤාණය තුළ වූ නිත්‍යභාවය ඉවත් වීම නිසා, දිට්ඨි ආශ්‍රව ඒකෙන් අපි අර 3 කියලා ගන්නවා, දිට්ඨි ආශ්‍රවයේ ඉතින් දිට්ඨි සල්ලයට එන එක. ඊට පස්සේ දිට්ඨි සල්ලයෙන් අපි අර සඤ්ඤාවට එනවා. සඤ්ඤාවෙන් 4 කියලා ගන්නවා, චේතනාව දක්වා එන එක. ඊට පස්සේ එතනින් අපි චේතනාවෙන් පල්ලෙහාට එනවා අත්තා කියලා 5. ඊට පස්සේ 5න් අපි යනවා අත්තා කියන එකේ පසු සඤ්ඤාව හැටියට අවිද්‍යා ආශ්‍රව 6. අන්න ඒක ඉවත් වීම කියන එක සිදු වෙනවා.
මෙසේ ඉදංසච්චගත වීමක් එම පථය හරහා සිදු නොවන්නේ, ඒ කියන්නේ, red වලින් තියෙන 1 නෑ. ඒ වගේ ම green රේඛාව, අපි දන්නවා අර නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ අර මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ඉදංසච්චය දක්වා එන එක, ඒ රේඛාව නැති වෙන්න පුළුවන්.
මේ වන විට නෙවසඤ්ඤානාසඤ්ඤායතන වීම සිදු විය හැකි ය. මෙහි දී ද නිත්‍යභාවය අවසන් නොවේ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ බොහෝ කලක් බැසගෙන සිටීම නිසා ඇති වූ නිත්‍යභාවය ඉදංසච්චාභිනිවෙසකායගන්ථය තුළ ඇත. මෙය ඉවත් වන්නේ නම්, ඒ කියන්නේ අර green වලින් තියෙන iii වෙනි රේඛාව, ඉදංසච්චයේ ඉඳන් අවිද්‍යා ආශ්‍රව දක්වා එන එක, ඒක නොවන්නේ නම් කායුජ්ජුකතාවය කියන එක ඇති වෙනවා.
ඒ කියන්නේ, මොකක් ද? දැන් අපිට පේනවා චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා තියෙන එක අයින් වෙනවා, චිත්ත මුදිතාවෙන්. ඊට පස්සේ විඤ්ඤාණයේ ඉඳන් අපි පල්ලෙහාට එනව නේ red 1 වලින් ලකුණු කරන්නේ. අන්න ඒක නැති වෙනවා චිත්තුජ්ජුකතාවෙන්. ඒකෙ තියෙන්නේ මොකක් ද? විඤ්ඤාණඤ්චායතනය මැරීම නිසා වුණු සියුම් වූ නිත්‍යභාවය ඉවත් වීම.
ඊට පස්සේ, අපි ඉදංසච්චය ඉඳන් අපි උඩට එනවා නේ, අර රතු රේඛාව තියෙන තැනට පෙර නිත්‍ය කියලා අපි ලකුණු කරගන්නේ. අන්න ඒක නැති වෙන්නේ කායුජ්ජුකතාවෙන්. ඒ කියන්නේ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙ ඇති වුණ නිත්‍යභාවය ඉවත් වීම කියන එක. ඒක තමයි අර පල්ලෙහාට තියෙන එකේ පරාවර්තනය නේ උඩට තියෙන්නේ, ඒක නේ උඩට ලකුණු කරන්නේ. ඒක නැති වීම.
ඒ කියන්නේ විඤ්ඤාණඤ්චායතනය තුළ නිත්‍යභාවය ඉවත් වී චිත්තුජ්ජුකතා. ඉදංසච්චය තුළ ඇති වෙච්ච නිත්‍යභාවය ඉවත් වී කායුජ්ජුකතා.
එතකොට දැන් එහෙම නම් අපිට පේනවා, චේතනා ඉදංසච්ච, විඤ්ඤාණ පරාමාස, cross එක තියෙනවා. ඊට පස්සේ පරාමාස ඉඳන් පරිදේවයට එනවා. ඉදංසච්චය ඉඳන් පරිදේවයට එනවා. එතකොට දැන් පරාමාස වී ඇති නිත්‍ය යන අදහස ඉවත් වී සෝක නොවන්නේ නම් චිත්තපාගුඤ්ඤතා කියලා අපි ඉගෙනගෙන තියෙනවා.
ඒ කියන්නේ අර විඤ්ඤාණයේ ඉඳන් අපි එනවා පරාමාස, පරාමාසයෙන් සෝකයට එනවා කියන එක, ඒක නැති වෙනවා කියන එක. ඉතින් මේ වන විට නෙවසඤ්ඤානාසඤ්ඤායතන ලාභියාගේ half pipe එක අපිට පේනවා. Half pipe එකේ තියෙන්නේ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට, පරාමාස ඉඳන් පරිදේවයට කියන එක. එතකොට, ඒක දක්වා එන්නා වූ ඒ පාරවල් දෙක ම වැනසී යන බව, disappear වෙනවයි කියන එක, වැටහෙනවා.
ඒ කියන්නේ, අපි පරාමාසයේ ඉඳන් පරිදේවයට එන්නෙත් නෑ. ඉදංසච්චය ඉඳන් පරිදේවයට එන්නෙත් නෑ. පරාමාසයේ ඉඳන් පරිදේවයට එන එක වැළකෙන්නේ චිත්තපාගුඤ්ඤතාවෙන්. ඉදංසච්චය ඉඳන් පරිදේවයට එන එක වැළකෙන්නේ කායුජ්ජුකතාවෙන්. ඒ දෙකෙන් වැළකෙනවා. එතකොට ඒ කියන්නේ කෙනෙක් ලකුණු කරගත්තොත්, ඔය පරාමාසයේ ඉඳන් පරිදේවයට එන රේඛාව X කියලා, පරාමාසයේ ඉඳන් සෝකයට යන එක Y කියලා ගත්තොත්, අපිට පේනවා ඔය X කියන රේඛාවේ ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් පරිදේවයට එන රේඛාව අත්තා හරහා පරාවර්තනය වීමෙන් තමයි, Y කියන එක ඇති වෙන්නේ. ඒ කියන්නේ පරාමාස සෝක කියන එක වටහා ගන්නවා.
එතකොට, කායුජ්ජුකතා නොවන්නේ නම්, චිත්තපාගුඤ්ඤතා නොවෙයි. කුමක් නිසා ද? ඉදංසච්චය තුළ බැස ඇති ධර්මයෝ ඉවත් නොවන්නේ නම්, එම ධර්මයන්ගේ බලපෑම ඉවත් නොවන බැවිනි. එවැනි ධර්මයන්ගෙන් හානියක් නොවනවා යැයි සිතන්නේ නම්, ඒ කියන්නේ ඉදංසච්ච ධර්මයන්, එම ධර්මයන්ට ඉඩ දීමෙන් සෝක වීම වැළැක්විය නොහැක. සෝක වන්නේ චිත්තපාගුඤ්ඤතා නැත කියන එක තියෙනවා.
ඉතින් මෙහෙම බැලුවහම කෙනෙකුට පේනවා, දැන් එහෙනම් අපි මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කතාවත් ගිහිල්ලා නේ තියෙන්නේ. එතකොට අර පරිදේවයට අපි එන්නේ නෑ කොහෙන්වත්. පරාමාසයෙන් ඉදංසච්චයෙනුත් එන්නේ නෑ. එහෙනම් මොකක් ද මේ අවස්ථාව? ඉතින් මේ අවස්ථාව තමයි රහතන් වහන්සේ ජීවත් වෙන අවස්ථාව.
එතකොට අර උඩ knowledge instance එක විතරයි තියෙන්නේ. ඒ විදිහට තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්