ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාව කළේ, මෝහය ඇත්තේ, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වන්නේ නම්, භූත වීම පෙනෙන්නේ, ජාතියට බිය විය යුතුයි. ජාතිය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බිය බව පෙටකොපදෙසයේ සඳහන් වෙනවා. සිංහල පොතේ පිටු 49 පෙන්නනවා.
ඊළඟට ලෝභය ඇත්තේ, area 1 වලින් area 6 ඇති වන්නේ, මරණය එහි ගැබ් ගෙන ඇත්තේ, මරණයට බිය විය යුතුයි. මරණය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බියයි.
ද්වේෂය ඇත්තේ, සෝකයට බිය විය යුතුයි. කුමක් නිසා ද? යම් සෝක ධර්මයක් වේ ද, එය තුළ බිය ගෙන දෙන්නා වූ දේ අඩංගු නිසා ය. පරිදේව වී සෝකයට පැමිණියේ, නැවතත් රූප සොයා ගොස් පරිදේවයට ම යා යුතු ද? සෝකය දුකේ ඇතුළත් වේ. දුක්ඛය විශාලතම බියයි.
“තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං.” තණ්හාව නිසා බිය ඇති වේ. වේදනාවට සඤ්ඤාවෙන් අගයක් දී තණ්හාව වේ. තව ද සඤ්ඤූපග විඤ්ඤාණට්ඨිති නිසා, භය අගති වෙන බව අපි දනිමු. එසේ නම්, සඤ්ඤාව අල්ලාගෙන සිටීමෙන් බිය ඇති වේ. සියලු සඤ්ඤාවෝ සුඛ නොව දුක ම වන්නේ ය. දුක්ඛය විශාලතම බයයි.
මෙසේ ප්‍රතිලෝම ලෙස භය අගතියේ සිට විමසන්නේ, අපි දන්නවා තුන් වෙනි පාර, චේතනා ඉඳන් දිට්ඨි ආශ්‍රව, දිට්ඨි සල්ල, ඉන් පසුව භය අගති. ඒ වගේ ම විඤ්ඤාණ ආහාර පාරේ, අපිට පේනවා විඤ්ඤාණ ආහාරයෙන් අර නිත්‍ය කියලා ගත්තා. ඒකෙ පසු සඤ්ඤාව දිට්ඨි ආශ්‍රව. ඔය විදිහට පල්ලෙහාට එනවා, එතකොට ප්‍රතිලෝම අපි විමසුවොත් භය අගතියේ ඉඳන්, අත්තා යැයි ගැනීම ද, නිත්‍යයි ගැනීම ද යන කාරණා දෙක ම බිය ඇති වීමට තුඩු දෙනවා.
“යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛය” තුළ අත්තා යන්න ගැබ් ගෙන ඇත. දුක්ඛය විශාලතම බියයි. නිත්‍යයි ගැනීම අවිද්‍යාවයි. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ. ඔය විදිහට ජාති ජරා. මුළු දුක්ඛය ම ඇති වෙනවා. දුක්ඛය විශාලතම බියයි. මෙහෙම වටහා ගන්න ඕනෑ. ඉතින් මේක කළහම සිත ප්‍රභාස්වරයි. හරියට කළහම නිරෝධයට හිටන් යනවා.
ඒක තමයි මං කරපු භාවනාව.