ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ රාගය, 6.2, නිත්‍ය වූයේ නම් ජාතියට බිය විය යුතුයි. එනම් මෝහය වූයේ නම් ජාතියට බිය විය යුතුයි. 6.4 වූයේ නම් මරණයට බිය විය යුතුයි. එනම්, ලෝභ වූයේ නම්, මරණයට බිය විය යුතුයි. ජාතිය සහ මරණය යන දෙක ම දුකෙහි ඇතුළත් ය. දුක්ඛය විශාලතම බයයි.
දුක්ඛ table එකේ slide 2 එකට මනස යොමු වුණා, භය අගති වීම. මේ පැත්තෙන් ධාතු, වේදනා, භය අගති. සංස්කාර, ඉදංසච්ච.
මේකෙන් අනතුරුව, 09/03/2019 කායුජ්ජුකතාව භාවනාව නැවතත් කළා. මනස ප්‍රභාස්වරයි. එතෙන්දි අපි ඉගෙන ගත්තා නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පවා ඉවත් කරන බව. ඊළඟට අපිට පේනවා. වේදනා, සඤ්ඤා, චේතනා නිසා පැවතීමක් නැත. කායමුදුතා, කායපාගුඤ්ඤතා. විඤ්ඤාණය නිසා පැවතීමක් නැත, චිත්තුජ්ජුකතා. ඉදංසච්ච ගබඩා මගින් පැවතීමක් නැත, කායුජ්ජුකතා. පරාමාසගත වූ බොරු වැටහීම් මගින් පැවතීමක් නැත, චිත්තපාගුඤ්ඤතා යැයි මනා කොට සිහි කොට, නිත්‍යභාවය ඉවත් කරන්නේ, ධාතු විෂයයෙහි පෙර පවරා තිබූ අගයෝ, පහ කර රූප නිසා පැවතීමක් නැති බව වටහා ගන්නේ, නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
Advanced 2 program එකේ, කරුණාව පවත්වන විට ප්‍රශ්නයක් මතු වුණා. උපෙක්ඛා භාවනාවෙදි, අධිචිත්ත ශික්ෂාව මගින් සම්මා දිට්ඨිය උපෙක්ඛාවට කාවද්දන බව අපි දන්නවා. මෙම සම්මා දිට්ඨිය තුළ, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය, අරූප ධ්‍යාන සඤ්ඤා, රූපයට නිත්‍යයි එකතු කිරීම යන තුන් කාරණයන් ඉවත් කිරීම ඇත.
මුදිතා භාවනාවෙදි අපි දන්නවා, 1 උපෙක්ඛා නිමිත්ත, එතනින් 2 පග්ගහ නිමිත්ත, එතනින් අපි එනවා 3 අව්‍යාපාද විතක්කය. එතකොට උපෙක්ඛා නිමිත්තෙදි අපි සංස්කාර ඉවත් කරනවා. පග්ගහ නිමිත්තට එනකොට සංස්කාර නිසා වන සඤ්ඤා ඉවත් වෙනවා. ඉතින් ඒ විදිහට අත්ත සඤ්ඤා ඉවත් වෙලා, අර සබ්බාසව එකේ ඉගෙන ගත්ත විදිහට, ඒකෙන් සම්මා දිට්ඨිය ඇති වීම මගින්, උපෙක්ඛා නිමිත්තට මනා කොට එළඹ වීම සිද්ධ වෙනවා කියලා අපි දන්නවා.
එතකොට මේකෙ සඳහන් වෙනවා සම්මා දිට්ඨිය, ඒ කියන්නේ මුදිතා භාවනාවේ සඳහන් වන සම්මා දිට්ඨිය, උපෙක්ඛා භාවනාවේ සඳහන් සම්මා දිට්ඨියට වඩා දුර්වලයි. ඒ කියන්නේ තුන් වෙනියට අපි පෙන්නුවා නේ රූපයට නිත්‍යයි එකතු කිරීම කියන කාරණය. අන්න ඒ එකතු නොකිරීම මෙහි ඇතුළත් නැත. පග්ගහ නිමිත්ත තුළ සම්මා දිට්ඨිය ඇතුළත් වන බැවින් මේ කෙසේ දුර්වල වී ද? සහම්පති බුදුපියාගෙන් ඒක විමසුවා.
අධිචිත්ත ශික්ෂාව මගින් ඇති වෙන ධර්මයන්ගේ කුසල කර්මය අධික බවත්, මුදිතා භාවනාවේ පග්ගහ නිමිත්ත මගින් ඇති වෙන ධර්මයන්ගේ චිත්ත කොටස පමණක් ඇති නිසා කුසල කර්මය අඩු බවත් පැවැසුවා.
අධිචිත්ත ශික්ෂාවේ සවිතක්ක සවිචාර සමාධිය, දෙතිස් කුණප, මළ සිරුරු, එනම් රූප කොටස් විමසා ඉවත් කරන බැවින් එහි කුසල කර්මයෝ අධික ය.
උදාහරණ වශයෙන් පාණාතිපාත කරන්නේ, රූප විෂයයෙහි ය. අපි දන්නවා නේ කර්මය පාණාතිපාතය, අදත්තාදානය ඒවායින් ඇති වෙන ස්වභාවය.
භාවිත කාය කියන එක අපි හොඳින් වඩන්න ඕනෑ. මෙය දුටුවා වූ විද්‍යාමාන වූ රූප විෂයයෙහි පවත්වනවා.
මුදිතා භාවනාවේදි පග්ගහ නිමිත්ත වන්නේ නොදුටුවා වූ නිර්වාණයක් උපමා කොට “නිබ්බානං රතනංති කරිත්වා ආශ්චර්ය භාවෙන අතුලං” තම සිතෙහි නැංවීමක් මගින් කරන්නක් බැවින්, එහි කුසල කර්මයෝ අඩුයි.
ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් මේ භාවනා කළා ම මේ කූඤ්ඤය පවා දැනෙනවා. ඉතින් කුමක් නිසා ද? කූඤ්ඤය රූපය සමඟ සම්බන්ධ බව බුදුපියා පැවසුවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්