ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. ඒකේ රූපයේ රාගය, ඕගොල්ලෝ දන්නවා මෙතන curve එක 6.2, 6.4, 7.1. ඒකේ රූපයේ රාගය, 6.2, නිත්‍ය වූයේ නම් ජාතියට බිය විය යුතුයි. එනම් මෝහ වූයේ නම් ජාතියට බිය විය යුතුයි.
එතකොට චූල අස්සපුර සූත්‍රයේ, සාඨෙය්‍ය සහ මායාව මගින් මිච්ඡා දිට්ඨි වන බව පෙන්වා දෙනවා. 6.2 නිත්‍ය යනු රූපයේ ලාභය පවතී යැයි සිතනවා. එහෙම නම්, ලාභමච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය.
6.4 වූයේ නම් මරණයට බිය විය යුතුයි. එනම්, ලෝභය වූයේ නම්, මරණයට බිය විය යුතුයි. 6.4 සුඛය පරාමාසගත වීම. සුඛය ලාභ වශයෙන් ගත්තොත්, ආවාසමච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය. ඒ සුඛය පරාමාස වෙලා ඇති නිසායි, ඒක ආවාස කරගෙන තියෙන්නේ.
ජාතියත් මරණයත් දුකෙහි ඇතුළත් වෙනවා. දුක්ඛය විශාලතම බියයි. බිය යුතු වුවත්, ඕතප්පය ඇති කරගත යුතු කාරණාවක් වුවත්, අපි එම කරුණු ලාභ වශයෙන් ගෙන මිච්ඡා දිට්ඨියට ම පිළිපන්නේ වෙයි. එහි ම බැස ගනී. කුම්මග්ග පටිසේවනය වන්නේ, පාපයන් කරනවා.
ඊළඟට අපිට එනවා 7.1 ධම්මමච්ඡරිය, වන්නේ චේතනා කරනවා. මෙයට සංස්කාරයෝ ද, එම සංස්කාරයන් මගින් ඇති වන සඤ්ඤා ද තුඩු දෙනවා. ලාභයි කියලා කියන සඤ්ඤා. ඉතින් මෙතෙන්දි අපිට අර diagram එක පේනවා. 7.1 ධම්මමච්ඡරිය චේතනාව දක්වා එන එක. චේතනාවෙන් පරාමාසය. පරාමාසයෙන් පල්ලෙහා දිට්ඨි සල්ලය.
එතකොට ඒ සංස්කාරවලින් අපිට පේනවා, පරාමාස හරහා ඒ සඤ්ඤාව කියන එකට සුඛයි කියන එක එහෙම කියනවා නේ. එතකොට අර දිට්ඨි සල්ලයෙන් ඒ සඤ්ඤාවන් අල්ලගෙන ඉන්නවා.
එතකොට දිට්ඨි සල්ලය මගින් සඤ්ඤාව අල්ලාගෙන ඉන්නවා නම්, එතන අපිට පේනවා කුලමච්ඡරිය. සඤ්ඤාව වැටෙනවා එතන කුලමච්ඡරියට. ඒකෙන් සාඨෙය්‍ය, සාඨෙය්‍යයෙන් මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙනවා.
ඊළඟට සංස්කාරවලින් ගත්තහම, ඒකෙන් ඇති වෙනවා වණ්ණ මච්ඡරිය. ඒකෙන් සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය.
එතකොට අකනිට්ඨ බ්‍රහ්ම ලෝකයේ රහතන් වහන්සේලා, මේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ලාභ වශයෙන් නොගනී. මිච්ඡා දිට්ඨි නොවේ, යනුවෙන් මෙනෙහි කරන්නේ අනාශ්‍රව වීම සිදු වන අතර, ඉන් අනතුරුව විඤ්ඤාණ ධාරාව ඉතා ම slow වෙන බව වැටහුණා.
ඉතින් ඕක වෙන්නේ හරියට ම ඔය සඤ්ඤාවේ කෑල්ල සිහි කරනකොට තමයි ඔය slow වීම කියන එක සිද්ධ වෙන්නේ. කුමක් නිසා ද? ලාභ වශයෙන් ගෙන මිච්ඡා දිට්ඨි වන බව දන්නේ, දක්නේ, ලාභ වශයෙන් රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කිසිවක් නොගැනීම මගිනි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්