ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම කරපු භාවනාව, ඒ plane එකේ එන ගමන් මෙත්තා සූත්‍ර භාවනාව කළා. “කුලෙසු අනනුගිද්ධො” දක්වා පැමිණියා. කුලයේ ඇලෙන්නේ නැත්නම් මගේ නොවෙයි. මගේ නොවේ නම් වේදනාව මගේ යැයි නොගනී. වේදනාවට උපාදාන නොවේ. එනම් සීලබ්බත උපාදානය. එසේ නම් භවය නොවේ. භව නිරොධො ජාති නිරොධො, ජාති නිරොධො ජරා මරණ නිරොධො, කියලා භාවනාව සිදු වුණා.
ඉන් පසු දුකට පත් වී සිටින සියලු සත්වයන්ට මෙත්තාව පැවැත් වූවා. මෙතනදි කරුණා අප්‍රමාණය වෙන බව වැටහිලා කරුණාව පැවැත් වූවා.
එසේ නම්, වේදනාව ඇසුරු කොට ඇති කුලමච්ඡරිය අවස්ථාවේ දී භාවිතා කරන ධර්මය අනුව, මෙත්තාව හෝ කරුණාව පැවැත්විය හැකි බව පෙනුණා. කරුණා භාවනාව දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා ධර්මය ඔස්සේ යන බව වැටහුණා.
ඊළඟට, 15/03/2019 නිබ්බාන භාවනාව සමඟ මෙනෙහි කරන්නේ, කුලමච්ඡරිය සඤ්ඤාව සමඟ සම්බන්ධ වන්නේ, සඤ්ඤා කුලයේ නෑලෙන්නේ, එය මගේ නොවේ යැයි මෙනෙහි කරන්නේ, මුදිතා අප්‍රමාණය කරා එළඹුණා. මුදිතාව පැතුරුවා.
ඒ භාවනාවෙදි සඤ්ඤාව අල්ලාගෙන නොසිටීම නිසා, අත්ත සඤ්ඤාවෙන් මිදීමත්, ආකිඤ්චඤ්ඤායතනය දක්වා ගමන් කිරීමත් සිද්ධ වුණා.
ඒකේ ඕගොල්ලන්ට සමහර විට මතක ඇති, ඉතින් ඔතන diagram එක වගේ එනවා අර 7.1 ධම්මමච්ඡරිය, ඒකේ චේතනාවට එන line එක, සඤ්ඤාවෙන් චේතනාව, එතකොට පරාමාසයට සංස්කාරවලින් එන්නා වූ එක, එතකොට දිට්ඨි සල්ලයෙන් අර සඤ්ඤාව අල්ලාගෙන ඉන්නවා කියන එක.
එතකොට ඒ සඤ්ඤාව අත හැරීමයි ඒ පෙන්නුවේ. මෙම සඤ්ඤා සාදන සංස්කාර මගේ යැයි නොගන්නේ උපෙක්ඛා අප්‍රමාණය දක්වා ගමන් කරනවා. උපෙක්ඛාව පැතුරුණා. මෙසේ කුලමච්ඡරිය අවස්ථාවේ දී යම් බ්‍රහ්ම විහාර ධර්මයකට සිත යොමු කරයි ද, එසේ එක් එක් අප්‍රමාණයෝ පැවැත්වීම කළ හැකි බව වැටහුණා.
ඒක තමයි මං කරපු භාවනාව.