ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම මෙත්තා සූත්‍ර භාවනාව නැවතත් කළා. ඕගොල්ලන්ට මතක ඇති, අපි 23 වෙනිදා උපෙක්ඛා භාවනාව, ඒ වෙලාවෙදි මෙත්තා සූත්‍රය කළා කියලා. ඒකේ උජු, සුජු, කියන කොටස සිහි කරනකොට, කාමයෙහි වරදවා හැසිරීම එපා, අදත්තාදාන එපා, පාණාතිපාත එපා, කියන reverse order එකට බැලුවා.
දැන් ඔය කාමයෙහි වරදවා හැසිරීම එපා, කියන එක මව් කුසට යන අවස්ථාව කියන එක කල්පනා කරන්න. එතකොට අදත්තාදාන එපා, අර මව් කුසට ගිහින් ශුක්‍රාණු හොරකම් කරගන්න එක. පාණාතිපාත එපා, අර මනෝමය කාය මරාගෙන තමන් ඒ ශරීරයකට යන එක නේ ද?
එතකොට, ඕක බැලුවා ම ඕගොල්ලන්ට පේනවා, අමෝහයෙන් අලෝභය, අලෝභයෙන් අදෝෂය කියලා. ඉතින් ඒක අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නත් පුළුවන් දෙපැත්තට.
ඉතින් මේක භාවිතකායා නේ ද කියලා කල්පනා වෙනවා නේ ද? භාවිතකායා නේ ඕකේ තියෙන්නේ. භාවිතකායෙන් භාවිතසීලය. සම්පප්‍රලාප එපා, එමගින් අමෝහ වීම. පිසුණා වාච එපා. අපි දන්නවා පිසුණා වාචයෙන් මෝහය. වෙන් කළා ම පවතිනවා කියන මෝහය එපා. පරුෂා වාචා එපා. මුසාවාද එපා. එනම් සුඛ යන මුසාව පවතිනවා යැයි අභිජ්ඣා වීම එපා.
එතකොට, මේ විදිහට මුසාවාද එපා යන්න මගින් සුවච වීම. එතකොට එහෙම නම් ඊර්ෂ්‍යාව එපා, මක්ඛ එපා, පලාස, මච්ඡරිය එපා.
දැන් අන්න භාවිතචිත්ත වීම කියන එක වැටහෙනවා. එතකොට, මුදු අනතිමානී, මුදු වීම අනතිමානී වීමට තුඩු දෙනවා. ඒ සංස්කාර order කරන්නේ නැතෙයි කියන එක. එමගින් සහ ස්වල්ප වූ ක්‍රියාවලියන් ඇති වන්නේ භාවිතචිත්ත පැවත් වීමට පහසු වෙනවා.
ඉන්ද්‍රිය සංවරය මගින් සීලය සම්පූර්ණ වීමටත්, සතිය ඇති වීමටත් උදව් උපකාර කරනවා.
කුලයේ නෑලීම වන්නේ මගේ නොවේ යැයි ගන්නේ සම්මා දිට්ඨිය. එමගින් භාවිතපඤ්‌ඤා වීම. මේ සමඟ මෙත්තාව මගින් රූප විෂය ඉක්මවන්නේ, මරණයේ sample එක දන්නේ, දක්නේ සතිය ඇති වෙනවා.
එතකොට මෙතන මේ සතිය කියලා කිව්වහම අපි දන්නවා. 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට, 3 ජාති ඉඳන් ජරාවට. මරණයේ sample එකත් එක්ක, මැරෙනවා නම් අපි දන්නවා එහෙම නම් මේ තත්වය.
එතකොට භාවිතපඤ්‌ඤා නොසෙල්වී සිටින්නේ, නිත්‍යභාවය ඉවත් කර මවක් මෙන් දස කුසලය සහිතව මෙත්තාව පවත්වා, සතිය ස්ථාවර වන්නේ, අභිජ්ඣා ඉවත් ඉවත් කරනවා. ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන් “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති” කියන එක දක්වා ම ගමන් කරන්න.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්