පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
සතර ආහාර දුක්ඛයෙන් පටන් ගත්තා. පුත්ත මාංස සූත්‍රය කියන එක සිහි කළා. තමන්ගේ ම දරුවව කෑම. මේ ශරීරය අසූචි ගොඩක්. සෙම, පිත, වමනය. මෙය යමෙක් කන්න පුරුදු වුණා නම්, සත්‍ය වශයෙන් ම අපි අසුභ වූ දෙයක්, සුභ වශයෙන් ගන්න පුරුදු වෙනවා. මේක නේ ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? තමන්ගේ ම ශරීරය තමා කන ලෙස සිතා බලන්න. මේ අසූචි ගොඩ කන්න පුරුදු වීම. දැන් අපිට අසුභ වූ දෙය සුභයි, අසුභය ඉවසනවා.
ස්පර්ශ ආහාරය සිහි කළා, පුත්ත මාංස සූත්‍රයට අනුව. හම ගහපු හරකා කෙසේ සිටියත් සත්තු කනවා. දුකට පත් වෙනවා. නමුත් අපි ඒක සුඛ වශයෙන් ගන්නවා. දැන් අපි දුක් වූ දේවල් සුඛ වශයෙන් ගන්න පුරුදු වෙලා. ඇසෙන් ස්පර්ශ වන අවස්ථාවක දී අපි සුඛ යැයි සිතනවා. ඒකට පුරුදු වෙලා දුක ඉවසනවා.
මනොසඤ්‌චෙතනා ආහාරය සිහි කළා. ගිනි අඟුරු වලකට වැටීම. බුදුහාමුදුරුවෝ පෙන්නනවා, පුත්ත මාංස සූත්‍රයේ, “මහණෙනි, මනොසඤ්‌චෙතනා ආහාරය කෙසේ දත යුතු වන්නේ ද? මහණෙනි, යම් සේ මිනිසකුගේ උසට වැඩි වූ, ගිනි දැල්ල නැති, දුම් නැති, අඟුරින් පිරුණු ගිනි අඟුරු වලක් වේ ද, එයට ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල කරන පුරුෂයෙක් එන්නේ. ඒ මොහු, බල සම්පන්න පුරුෂයන් දෙදෙනෙක් ඔහුගේ දෑත වෙන වෙන ම, අල්ලාගෙන, ඒ අඟුරු වලට අදින්නාහු ය. මහණෙනි, ඉක්බිති ඒ පුරුෂයාගේ අදහස, දුරුව යන්නේ ය. පැතුම දුරුව යන්නේ ය, ආශාව දුරුව යන්නේ ය. ඊට හේතු කවරේ ද? මහණෙනි, ඒ පුරුෂයාට මේ අදහස ඇති වේ, මම මේ අඟුරු වලට වැටෙන්නේ නම්, ඒ නිසා මරණය හෝ මරණය සමාන දුකකට පත් වෙමි කියායි. මහණෙනි, මනොසඤ්‌චෙතනා ආහාරය එසේ දත යුතු ය” යි මම කියමි.
මගේ යැයි කියලා අරගෙන අපි පිච්චෙනවා. අත්තා යැයි ගැනීම, පිච්චීම වෙනවා. මෙතෙන්දි කුමකට පුරුදු වන්නේ ද? ඉවසන්නේ ද? බුදුපියා උදව් කළා. අත්තා යැයි ගැනීම ම රෝගයක්. “රොගං වදති අත්තතො.” එහෙනම් අපි ව්‍යාධියට පුරුදු වෙනවා. පීච්චීමෙන් ඇති වෙන ප්‍රතිඵලය රෝගී බව. අපි දැන් එයට මනා කොට පුරුදු වී සිටිනවා, ඉවසනවා.
විඤ්ඤාණ ආහාරය සිහි කළා. කස පාර වැදීම. අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ගැනීම. මෙය හරියට school principal කෙනෙක් ළමයකුට දඩුවම් කරනවා වගේ කියලා හිතන්න. Principal අහනවා ගන්නවා ද මීට පස්සේ, නිත්‍යයි කියලා. අහලා කස පාරක් ගසනවා. ආයිත් අහනවා ගන්නවා ද මීට පස්සේ, නිත්‍යයි කියලා. ආයිත් කස පාරක් ගසනවා. අපි මොකට ද පුරුදු වෙන්නේ? මරණයට. විඤ්ඤාණය මැරෙනවා. අපි එය නැවත නිත්‍යයි කියලා මරණයට පුරුදු වෙලා.
මෙසේ අපි අසුභයට පුරුදු වෙලා, දුකට පුරුදු වෙලා ලෙඩටත් පුරුදු වෙලා, මරණයට පුරුදු වෙලා. මෙම ධර්මතාවයන් ඉවසමින් ම වාසය කරනවා.
මේකෙන් අනතුරුව, 26/03/2019 මෙත්තා සූත්‍ර භාවනාව නැවතත් කළා. භාවිත කායා, භාවිත සීල, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා. නැවතත් එම මෙම පුරුද්ද ඇති වෙන දේ එපා. “න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති.”
ඒක තමයි මං කරපු භාවනාව.