Date: 07/04/2019 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ රාගය, 6.2, නිත්‍ය වූයේ නම් ජාතියට බිය විය යුතුයි. එනම් මෝහ වූයේ නම් ජාතියට බිය විය යුතුයි. 15/03/2019 නිබ්බාන භාවනාව මෙන් භාවනාව කළා. 6.2 නිත්‍ය යනු රූපය ලාභ යැයි පවතී යැයි සිතනවා. එතෙන්දි අපිට එනවා, ලාභමච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය.

6.4 වූයේ නම් මරණයට බිය විය යුතුයි. එනම්, ලෝභ වූයේ නම්, මරණයට බිය විය යුතුයි. 6.4 සුඛය පරාමාසගත වීම. සුඛය ලාභ වශයෙන් ගත්තොත්, ආවාසමච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය. ඒ සුඛය පරාමාස වෙලා, ඒක ආවාස කරගන්නවා.

ඊළඟට, 7.1 ධම්මමච්ඡරිය, වන්නේ චේතනා කරනවා. මේකට සංස්කාරයෝ ද, එම සංස්කාරයන් මගින් ඇති වන සඤ්ඤා ද තුඩු දෙනවා. ලාභ යන සඤ්ඤා. දිට්ඨි සල්ලය මගින් එම සඤ්ඤා අල්ලාගෙන සිටිනවා. ඉතින් අපි ඒක සාකච්ඡා කළා එතන කුලමච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය.

ඒ වගේ ම, සංස්කාරවලින් අපි වණ්ණ මච්ඡරිය සාඨෙය්‍ය මිච්ඡා දිට්ඨිය. එතකොට මේ අවස්ථාවේ දී, කාය මුදුතා, කායපාගුඤ්ඤතා, චිත්තපාගුඤ්ඤතා දක්වා අනුපිළිවෙළින් සිහි කරගෙන ආවා. එතකොට, විඤ්ඤාණ ධාරාව ඉතාමත් ම slow වෙනවායි කියලා වැටහෙනවා.

මෙතෙන්දි ලාභ වශයෙන් ගෙන මිච්ඡා දිට්ඨි නොවීමත්, චිත්තපාගුඤ්ඤතාවය මගින් පරාමාසය පිරිසිදු වීම, ඒ වගේ ම මිච්ඡා දිට්ඨි නොවීම, චතුරාර්ය සත්‍ය ඇතුල් වීම නිසා ඒ පරාමාස චේතනා, චේතනා පරාමාස, දෙපැත්තට යනවා. ඒක නොවීම. ඒ වගේ ම ඊයේ භාවනාව මෙන් අත්තා යැයි ගෙන ව්‍යාධි නොවීම. මනොසඤ්‌චෙතනා ආහාර නොවීම. උදව් උපකාර කළයි කියන එක වැටහුණා.

එතකොට පරාමාස චේතනා වෙනවා නම්, භය අගති දක්වා ගමන් කරනවා. මෙය වන්නේ මිච්ඡා දිට්ඨි වන්නේ ය. මෙය නොවීමට සම්මා දිට්ඨිය ඇති කරගත යුතුයි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පමණක් සිටිය යුතුයි. එනම් සුපටිපන්න විය යුතුයි.

ඉතින් ඔය සුපටිපන්න කියන ගුණය බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා, උපාදාන පරිවත්තන සූත්‍රයේ. බුද්ධ ජයන්ති පොතේ 105 වෙනි පිටුවේ තියෙන්නේ. “මහණෙනි, රූපය කවරේ ද? මහණෙනි, පඨවි ආදී සතර මහා භූත රූපය ද, සතර මහා භූතයන් නිසා පවත්නා රූපය ද, යන මෙය රූපයයි කියනු ලැබේ. ආහාර හේතු කොටගෙන රූපයන්ගේ පහළ වීම වෙයි. ආහාර නිරෝධයෙන් රූප නිරෝධය වෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම, රූප නිරෝධගාමිනී පටිපදාව වන්නේ ය. ඒ කවරේ ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන්නයි.”

එතන ඒ පාලි භාෂාවෙන් පෙන්නනවා “යෙ හි භික්ඛවෙ සමණා වා බ්‍රාහ්‌මණා වා එවං රූපං අභිඤ්ඤාය, රූප සමුදයං අභිඤ්ඤාය, රූප නිරොධං අභිඤ්ඤාය, එවං රූප නිරෝධගාමිනී පටිපදා අභිඤ්ඤාය, රූපස්ස නිබ්බිදාය, විරාගාය, නිරොධාය පටිපන්නා තෙ සුපටිපන්නා.” ඒ සුපටිපන්නා කියන්නේ practicing well කියන එකයි. “යෙ සුප්පටිපන්නා, තෙ ඉමස්මිං ධම්මවිනයෙ ගාධන්ති.”

එතකොට ඒ “මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මෙසේ රූපය දැන, රූපයේ සමුදය දැන, රූප නිරෝධය දැන, මෙසේ රූප නිරෝධගාමිනී පටිපදාව දැන, රූපයාගේ කළ කිරීම පිණිස නොඇලීම පිණිස නිරෝධය පිණිස පිළිපන්නාහු ද ඔහු මනා කොට පිළිපන්නාහු වෙත්. යම් කෙනෙක් මනා කොට පිළිපන්නාහු ද ඔහු මේ ධර්මයේ මනා කොට පිහිටියාහු වෙත්. මහණෙනි, යම් ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ රූපය දැන, රූපයේ සමුදය දැන, රූපයේ නිරෝධය දැන, රූපයේ නිරෝධගාමිනී පටිපදාව දැන, රූපයේ කලකිරීමෙන්, නොඇලීමෙන් නිරෝධයෙන් දැඩි කොට නොගැනීමෙන් මිදුණාහු ද ඔහු මනා කොට මිදුණාහු වෙත්. යම් කෙනෙක් මනා කොට මිදුණාහු ද, ඔහු නිම වන ලද සියලු කටයුතු ඇත්තාහ. යම් කෙනෙක් මනා කොට නිම වූ සියලු කටයුතු ඇත්තාහු ද, ඔවුන්ට පැනවීම පිණිස වෘත්තයක් නැත්තේ ය.” පාලි භාෂාවෙන් පෙන්නනවා “වට්ටං” වටයක් නෑ. කියන එක පෙන්නනවා. “මහණෙනි, මේ විදිහට බුදුහාමුදුරුවෝ ඉතින් වේදනාව, සඤ්ඤාව, සංස්කාරය, විඤ්ඤාණයටත් එනවා.

සංස්කාර කොටස බැලුවොත්, “මහණෙනි, සංස්කාරයෝ කවරෙහි ද? මහණෙනි, මේ චේතනා සයෙකි. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. මහණෙනි, මේ සංස්කාරයෝ යැයි කියනු ලැබේ. ස්පර්ශය හේතු කොටගෙන සංස්කාරයන්ගේ හටගැනීම වෙයි. ස්පර්ශ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි. මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම සංස්කාර නිරෝධගාමිනී පටිපදාවයි. ඒ කවරහු ද?” සම්මා දිට්ඨියේ ඉඳන් සම්මා සමාධිය දක්වා පෙන්නනවා.

ඉතින් මේ අවස්ථාවේ දී මම රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ඒවා සිහි කළා. මෙම චේතනා නොවන්නේ, චිත්තපාගුඤ්ඤතා මනා කොට පවතින්නේ, නිර්වාණය සාක්ෂාත් කරයි.

ඉතින් මේ භාවනා කළහම එක වෙලාවට, තමන්ට පේනවා මේ වම් පැත්තේ ඇහැ ඇරෙනවා වගේ. ඒක ආලෝකය වම් පැත්තෙන් එහෙම ඇති වෙලා, ඒ සතිය ප්‍රභාස්වර වෙනවා කියලා.

තව දවසක් ඕක කරනකොට ඔයිටත් වඩා, ඇස් දෙක ම ඇරෙනවා. ඒ කියන්නේ මේකෙ මට තේරුණේ, අර රූප සංචේතනාවෙන් අපි රූපය පැත්තේ ඉඳන් එන ධාරාව නෑ. දැන් ඊට පස්සේ දැන් අපි චිත්තපාගුඤ්ඤතාවෙත් එක්ක පරාමාසයේ ඉඳන් පල්ලෙහාට යන එන එක නෑ නේ. පේනවද මේක L shaped එකට සම්බන්ධ වෙන්නේ. උඩින් චේතනාව දක්වා එන එක, මෙතනින් පරාමාසය. රූපය අයින් කළාට හරි යන්නේ නෑ, පාගුඤ්ඤතාවය නැත්නම් පරාමාසයෙන්, අහං සහ මමං, අර අපි එනවා නේ පල්ලෙහා. ආවා නම් ඉතින් එතනින් සල්ලයත් එක්ක සඤ්ඤාවට යනවා. රූපය පැත්තක තියෙද්දි පරාමාසයෙන් මේ කෑල්ල සිද්ධ කරගන්නවා එයා. අහං සහ මමං කතාවෙන්. ඒකත් නැති වෙන්න ඕනෑ, මේ පැත්තෙන් එන එකත් නැති වෙන්න ඕනෑ. ඒ දෙක ම නැති වුණා ම ඉතින් පේනවා මේක තමයි ධර්මය.

මේක තමයි ඒ සුපටිපන්න විදිහට ඉඳීම. ඒ කියන්නේ අරි අට මඟට නැවත නැවතත් පැමිණීමෙන් තමයි තමන්ගේ අර පරාමාසය එතන පිරිසිදු වෙලා තමන් commode එක සුද්ද කරනවා වගේ ඒක පැවැත් වීම කියන එක. හරි ම ලස්සනයි.

ඒක තමයි මං කරපු භාවනාව.