ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
උපාදාන පරිතස්සනා කියන සූත්‍රය, බුද්ධ ජයන්තියේ ඛන්ධ සංයුත්තයේ 29 වෙනි පිටුව. ඒ සූත්‍ර දේශනාව මනසට යොමු වුණා. උපාදානයෙන් වන කැලඹීම. කැලඹීම කියන්නේ agitation කියලා කියන්නේ.
මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම, රූපය මම යැයි දකී, “රූපං අත්තතො සමනුපස්සති.” රූප සහිත වූවක් හෝ මම යැයි දකී “රූපවන්තං වා අත්තානං.” මා තුළ හෝ රූපය ඇති යැයි දකී. “අත්තනි වා රූපං.” රූපය තුළ හෝ මා ඇතැයි දකියි. “රූපස්මිං වා අත්තානං.”
ඔහුගේ ඒ රූපය වෙනස් වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ රූපය වෙනස් වීම. අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, රූපයේ පෙරළීමට අනුව පෙරලුණ විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ රූපය වෙනස් වීම නිසා, විඤ්ඤාණය රූපයේ වෙනස් වීම ගැන සිත යොමු වී තිබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටී. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම ඇත්තේ ද, සෝක ඇත්තේ ද, විඝාතවා කියන එක පෙන්නුවා. අපේක්ෂා ඇත්තේ ද වෙයි. උපාදාන වී කැලඹෙයි, කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා.
ඊළඟට පෙන්නනවා, උපාදාන නොවීමෙන් කැලඹීම නොවීම කියන එක. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් දක්නා වූ, ආර්ය ධර්මයේ දක්ෂ වූ, ආර්ය ධර්මයේ හික්මුනා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ හික්මුනා වූ, බහුශ්‍රැත වූ ආර්ය ශ්‍රාවක තෙමේ, රූපය මම යැයි නොදකී, “න රූපං අත්තතො සමනුපස්සති.” රූප සහිත වූවක් හෝ මම යැයි නොදකී, “න රූපවන්තං වා අත්තානං.” මා තුළ හෝ රූපය ඇති යැයි නොදකී. “න අත්තනි වා රූපං,” රූපය තුළ හෝ මා ඇතැයි නොදකියි. “න රූපස්මිං වා අත්තානං.”
ඔහුගේ ඒ රූපය විනාස වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ රූපය වෙනස් වීම හේතු කොටගෙන ඔහුගේ විඤ්ඤාණය ද රූපයේ වෙනස් වීමට අනුව, වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ රූපය වෙනස් වීමට අනුව වෙනස් වීමෙන් උපදනා කැලඹීම නොවන්නේ, ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සිත මැඩගෙන නොපැවැත්වීම නිසා බය සහිත වන්නේ නොවෙයි. සෝක වන්නේ නොවෙයි. අපේක්ෂා සහිත වන්නේ නොවෙයි කියලා පෙන්නනවා. උපාදාන නොවීමෙන් කැලඹීම නොවෙයි කියලා.
ඉතින් මේ කොටසෙදි බැලුවා, ධාතු. රූප කීවා ම ධාතු. ඒවායේ වෙනස් වීම් තියෙනවා. අන්න ඒක මගේ නොවෙයි කියලා ගන්නවා. දැන් හිතන්න කෝ බලන්න, කාට හරි, හෘදය අමාරුවක් හරි, cancer හරි මොකක් හරි හැදිලා තියෙනවා කියලා නේ ද? ඉතින් මේ පපුව රිදෙනකොට මෙයා ඉතින් කල්පනා කරනවා. අනේ මම මැරෙයි ද දන්නේ නෑ, heart attack හැදෙයි ද නේ ද? එතකොට අර ඒකත් එක්ක එයාගේ විඤ්ඤාණය දැන්, වෙන වැඩක් කරන්න ගියා වුණත් තමන්ගේ විඤ්ඤාණය, අර පපුවේ තියෙන අමාරුව ගැන ඒක ගැන දුවනවා නේ ද? එතකොට ඒක සමඟ විඤ්ඤාණය පෙරළෙනවා. ඒක තමයි පෙන්නන්නේ, අර විඤ්ඤාණය preoccupation කියන එකයි. විඤ්ඤාණය අරක ගැනයි බැහැගෙන තියෙන්නේ.
ඉතින් මේ අවස්ථාවේ දී 05/11/2015 අත්තානුදිට්ඨිය භාවනා මෙන් හොඳින් විමසුවා. ඒ 05/11/2015 භාවනාව කෙටියෙන් කියනවා නම්. ඔතන අර squares දෙකක් තියෙනවා. වේදනා ඔය නාමරූප තියෙන තැන සුභයි කියලා ලකුණු වෙනවා. ඊළඟට පරාමාස පල්ලෙහායින් සෝකය එතනින් වේදනාවට එන එක. වම් පැත්තේ diamond එකක් වාගේ.
ආපහු එනවා පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පල්ලෙහායින් පරිදේව, ආපහු එනවා පරාමාසයට. ඉතින් ඕකේ තියෙන්නේ මොකක් ද? ඔය රාග අනුසය එක්ක ඒක සම්බන්ධයි. ඉතින් ඔය වේදනා, නාමරූපයෙන් දික් කළහම චේතනාවට නේ යන්නේ. ඉතින් ඔය චේතනාව කියන තැන දී ඔය දෙක glue කරනවා. එකට එක්කහු කරනවා. එහෙම කළහම අපිට මේ චේතනා භය අගති දක්වා කියන එක ඒ මුළු රේඛාවෙන් ම පෙන්නනවා “රූපවන්තං වා අත්තානං” කියන එක. ඒ කියන්නේ මේ අත්තා තුළ තමයි මේ රූපය තියෙන අර්ථය. ඒක අර subset එකක් වගේයි.
ඊට පස්සේ අපි ඔය සෝකය ඉඳන් වේදනා රේඛාව අපි දික් කළොත් එහෙම ඒ දිට්ඨි අනුසය පාර දන්නවා නේ ඒකෙන් අපි යන්නේ රූපයට. ඊට පස්සේ ආපහු ඔය නාමරූප වේදනා ඒ රේඛාවෙන් අපිට පේනවා මේ ජාතියේ ඉඳන් ඒක එන්නේ. ඉතින් එහෙම නම්, අපිට පේනවා රූපයේ ඉඳන් ජාති දක්වා ම, අන්න එතන එනවා “රූපං අත්තතො සමනුපස්සති.” අර මුලින් ගත්ත එක තමයි වැදගත් වෙන්නේ. අර භය අගති චේතනා දක්වා කියලා. එතන අපි ගත්ත නේ, “රූපවන්තං වා අත්තානං” කියලා. එතකොට, අන්න ඒ අත්තාට මෙතන බැලුවාහම, දැන් අර රූපයයි අත්තයි දෙක ම එකයි කියලා, සමානයි කියලා එයාගේ හැඟීම තියෙනවා.
ඊට පස්සේ පෙන්නනවා “අත්තනි වා රූපං” කියන එක. ඒක ඕගොල්ලන්ට හොඳට පුරුදුයි, අර නටන මනුස්සයා නැටීමට ගැළපෙන සිංදුව හොයනවා කිව්වේ. එතන, සඤ්ඤා වේදනා එක්ක තමයි එතන සම්බන්ධ වෙලා ඒක එන්නේ. එතකොට “මම සිංදුව නිසයි නටන්නේ, නටන මට ගැළපෙන සිංදුවක් හොයනවා” කියන එක.
එතකොට ඊළඟට හතර වෙනියට එනවා “රූපස්මිං වා අත්තානං” කියලා. දැන් එතනදි කල්පනා කරන්න, ඔය වේදනාව නිසා තමයි අත්තා මම කියන කතාව ඇති වෙලා තියෙන්නේ. අර මමංකාරය කියන එක තියෙනවා නේ පරාමාසයයි චේතනාවයි අතර. අන්න එතන පොඩ්ඩක් කල්පනා කරන්න.
ඉතින් ඔය වේදනාව මළාට පස්සේ, දැන් අපි ආපහු, ඒ වේදනාව ගන්න අපි රූප හොයාගෙන යනවා. ඉතින් මේක කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්, ඔය මනෝමය කායෙන් ඉන්න පුද්ගලයාට identity එකක් නෑ නේ. එයාට නැහැයි කියලා හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ මට රූපයක් නෑ. මට රටක් නෑ. ඉතින් ඒ පාර මොකක් ද එයා කරන්නේ? එයා ජාතිය ඇති කරගත්තොත්, එම රූපය මගින් මට identity එකක් හැදෙනවා. එතකොට එහෙනම්, ඒ රූපය තුළ තමා ඇතැයි කියලා හැඟීමක් එනවා. රූපයක් නැත්නම් මට මොකක්වත් නෑ. රූපයෙන් තමයි මට මේක ඇති කරගෙන තියෙන්නේ.
ඉතින් අර odd path එක කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. දැන් ප්‍රිය දෙයින් වෙන් වෙලා නේ තියෙන්නේ තමන්ගේ වේදනාව. ඉතින් පියෙහි විප්පයොගය ඉඳන් අපි යනවා, ජාතිය කරා හොයාගෙන යනවා.
ඉතින් මේ වෙලාවේ. මගේ නොවේ කියලා මනා කොට විමසුවොත්, අන්න එහෙම විමසුවා ම විමුක්ති සහගත ස්වභාවයකට සිත පැමිණෙනවා. මේ විදිහට නොසෙල්වී පවතින චිත්තය, “කුමකින් සෙලවෙන්නේ ද” යි කියලා විමසීම සහිතව. Observer කෙනෙක් බලාගෙන ඉන්නවා වගේ බලාගෙන හිටියා.
මේක වෙනස් වෙන්නේ දස අකුසලය නිසා කියලා වැටහුණා. දැන් මිච්ඡා දිට්ඨිය ඇති වුණොත්, රූපය තමා වශයෙන් ගන්නවා. එතකොට රූපය වෙනස් වීම සමඟ ඊළඟට හිතත් පෙරළෙනවා. පරුෂා වාච සමඟ පෙරළෙනවා. මේ විදිහට පේනවා දස අකුසලය මම සම්පූර්ණයෙන් සිහි කළා. ඒවායෙන් තමයි මේක පෙරළෙන්නේ කියන එක පේනවා.
තව ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට, පෙර කළා වූ පරුෂා වාචා වැනි දේ මත, ඒ බැස ගැනීම පහසුවෙන් සිදු වෙන බව පේනවා. දැන් භාවනාවට පෙර හරි, තමන් පරුෂා වාචා එහෙම කරලා තියෙනවා නේ. එතකොට ඒකේ, තමන්ගේ අර frequency එක තියෙනවා නේ. අන්න ඒක බලපානවා. එතකොට එහෙම නම් අපි කර්මය කර ඇත. පරුෂා වාචා කළා කියන්නේ කර්මය කළා. “කම්මං කෙත්තං, විඤ්ඤාණං බීජං.” කෙත සාදා ඇති නිසා විඤ්ඤාණය ඒකෙ හොඳින් පැළ වෙනවා. ඒකයි තියෙන්නේ.
ඉතින් ඕගොල්ලො දන්නවා, අපි සාකච්ඡා කරලා තියෙනවා, කම්ම පටි සරණා අර නාමරූප කියන තැන. කම්ම යෝනි කියන එක ඉදංසච්චය තියෙන තැන. කම්ම දායාද සෝකය තියෙන තැන. කම්ම බන්ධු අර ගිද්ධිලෝභ තියෙන තැන අපි diagram එකකින් පෙන්වා දීලා තියෙනවා.
දැන් කම්ම යෝනියේ ඉඳන් භය අගති දක්වා දුවන ධර්මයන්ගෙන් අපි අර දැන් නවතලා තියෙන සිත වෙනසකට පත් කිරීම වේගයෙන් සිදු කරන බවත්, ඒක බොහොම significant කියලත් වැටහුණා. මේකේ බලපෑම කම්ම පටි සරණා ඒ කියන්නේ නාමරූප ස්ථානයේදි වන බලපෑමට වඩා අධික බව වැටහුණා. අනිත් අතට මේ කම්ම දායාදයේ දී එකේ උරුම කර ගත් දේ නිසා වන හානිය අධිකයි.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්