ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම උපාදාන පරිතස්සනා සූත්‍රයේ, අපි ඊයේ භාවනාවෙදි රූප කොටස සිහි කළා. අද වේදනා කොටස වැඩියෙන් සිහි කළා.
උපාදානයෙන් වන කැලඹීම. තථාගතයන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම, වේදනාවෝ මම යැයි දකී, “වෙදනං අත්තතො සමනුපස්සති.” වේදනාව සහිත වූවක් හෝ මම යැයි දකී, “වෙදනාවන්තං වා අත්තානං.” මා තුළ හෝ වේදනාව ඇති යැයි දකී. “අත්තනි වා වෙදනං.” වේදනා තුළ හෝ මා ඇතැයි දකියි. “වෙදනාය වා අත්තානං.”
ඔහුගේ ඒ වේදනාව වෙනස් වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීම. අන් අයුරකට පෙරළීම හේතු කොටගෙන, වේදනාව පෙරළීමට අනුව පෙරලුණ විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීම නිසා, විඤ්ඤාණය වේදනාවේ වෙනස් වීම ගැන සිත යොමු වී තැබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටිත්. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම ඇත්තේ ද, සෝක ඇත්තේ ද, විඝාතවා කියලා පෙන්නනවා. අපේක්ෂා ඇත්තේ ද වෙයි. උපාදාන වී කැලඹෙයි, කියලා.
ඊළඟට පෙන්නනවා, උපාදාන නොවීමෙන් කැලඹීම නොවීම. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් දක්නා වූ, ආර්ය ධර්මයේ දක්ෂ වූ, ආර්ය ධර්මයේ හික්මුනා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ හික්මුනා වූ, බහුශ්‍රැත වූ ආර්ය ශ්‍රාවක තෙමේ, වේදනාව මම යැයි නොදකී. “න වෙදනං අත්තතො සමනුපස්සති.” වේදනා සහිත වූවක් හෝ මම යැයි නොදකී. “න වෙදනාවන්තං වා අත්තානං.” මා තුළ හෝ වේදනාව ඇතැයි නොදකී. “න අත්තනි වා වෙදනං.” වේදනාව තුළ හෝ මා ඇතැයි නොදකියි. “න වෙදනාය වා අත්තානං.”
ඔහුගේ වේදනාව විනාස වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීම හේතු කොටගෙන ඔහුගේ විඤ්ඤාණය ද වේදනාව වෙනස් වීමට අනුව, වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ වේදනාව වෙනස් වීමට අනුව වෙනස් වීමෙන් උපදනා කැලඹීම නොවන්නේ, ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සිත මැඩ නොපැවැත්වීම නිසා බය සහිත වන්නේ නොවෙයි. සෝක වන්නේ නොවෙයි. අපේක්ෂා සහිත වන්නේ නොවෙයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. උපාදාන නොවීමෙන් කැලඹීම නොවෙයි. කියලා.
අන්න ඒ කොටසෙදි මම 21/12/2015 අත්තානුදිට්ඨිය භාවනාව මෙන් සිහි කළා. ඒකේ පෙන්නනවා මේ වේදනා අර නාමරූප තියෙන තැන අපි සුභයි කියලා ලකුණු කරනවා. එතැනින් චේතනා. අන්න ඒ රේඛාව ගැන හිතන්න ඕනෑ. ඒකේ රාග අනුසය මගින් යමක් පවසන්නේ ද, අදහස් වන්නේ ද, මෙම තුන් අගයෝ. මොනවද මේ තුන් අගයෝ?
එකක් තමයි නාමරූප ඇති තැන ලකුණු කරන සුභ අගයෝ round 1 එක. ඊළඟට දෙවනියට පරාමාස ඇති තැන සුඛ අගයෝ. පස් වෙනි රවුම. ඒ කියන්නේ මමංකාර අත්තා ඇති වෙන්නේ. ඊළඟට තුන් වෙනියට රාග අනුසය හරහා චේතනාව දක්වා වූ මාන අගයෝ. ඒක අර අහංකාර අත්තාත් එක්ක සම්බන්ධයි.
ඒ පථයන් තුනක් හරහා නැවතත් සනාථ කිරීම. ඒ කියන්නේ රාග අනුසයෙන් ඔය කියන අදහස් තුන, පථ 3ක් හරහා නැවතත් සනාථ කිරීම, ඔය triangle එකක් තියෙනවා, ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය, අන්න එතෙන්ට තමයි නිත්‍ය දිට්ඨි එන්නේ c කියලා ගන්නේ. ජීවිත ඉන්ද්‍රිය පරාමාසකායගන්ථය ඒක තමයි අර b කියලා ලකුණු කරනවා, නිත්‍ය චිත්තය. ඊළඟට පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට එතන එනවා a නිත්‍ය සඤ්ඤාව.
අර කාරණා තුන ඕකෙන් නැවතත් සනාථ කරනවා කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒකේ අපි diagram එකකුත් දීලා තියෙනවා ඒ භාවනාවෙදි. ඉතින් ඕකේ මේ පථ තුනක් එනවා දැන්. ඒ පථ තුන එන්නේ. එකක් තමයි විඤ්ඤාණයෙන් භය අගතියට ඇවිල්ලා, භය අගතියෙන් සෝකය, සෝකයෙන් වේදනාව, ඒක එක පථයක්. තවත් එකක් එනවා ජීවිත ඉන්ද්‍රියෙන් පරාමාසකායගන්ථය එතනින් සෝකය, සෝකයෙන් වේදනාවට එන පථයක්. ඊළඟට එනවා පරාමාසකායගන්ථය පටන් අරගෙන ඉදංසච්චය පරිදේවය භය අගති සෝක වේදනා.
ඒකේ මුල තුනට එන්නේ, පේනවා ද එක line එකක් විඤ්ඤාණය, ජීවිත ඉන්ද්‍රිය, පරාමාසකායගන්ථය, කියන line එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඔය තුන ම.
ඉතින් ඕකේ මේ විඤ්ඤාණ භය අගතිය සෝක වේදනාව කියන පළවෙනි පථය අපි බැලුවොත්, මේ පථයට ඉදංසච්ච ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එන අර නිත්‍ය දිට්ඨි c රේඛාව මගින්, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයේ බලපෑම ඇති අතර මෙහි සෝකය අධික ය යනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. සුඛ යන මෝඩ මතය ඇත. මෙය “වෙදනං අත්තතො සමනුපස්සති” කියන එක වෙනවා.
ඉතින් ඔය “වෙදනං අත්තතො සමනුපස්සති,” ඔය කියන කාරණාවෙදි මම බැලුවා, මේ වේදනාව එකක්, විඤ්ඤාණය තව එකක්. විඤ්ඤාණය ඇතුළත මේ වේදනාව තිබුණාට, මේ දෙක disjoint. අර අපි එකට glue කරගෙන අල්ලගෙන ඉන්න නිසායි, මේකෙ ප්‍රශ්නය තියෙන්නේ. ඒක නේ අර හෙලවෙන්නේ නැතෙයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. මේක කළහම මේ දකුණු පැත්ත ඇහැ ඇරෙනවා. මේ පැත්ත ඇරෙනවා. ඒ තරම් ප්‍රබලයි ඒ කොටස. අන්න ඒ කෑල්ල අල්ලා ගන්න ඕනෑ භාවනාවෙදි හොඳට.
එතකොට ඊළඟට දෙවෙනියට එනවා ජීවිත ඉන්ද්‍රිය පරාමාස සෝක වේදනා කියන පථය. මේකේ නිත්‍ය යන චිත්ත විපල්ලාසය ඇත. චිත්තයේ වෙනස දන්නේ, බිඳුන ජල පහර, දිට්ඨිය බිඳී ඇත්තේ, ඒ නිසා වූ ව්‍යාධි ස්වභාවය සෝකයට ඇතුළත් වන නමුත්, සුඛ යන මෝඩ මතය ඇත. මෙය “අත්තනි වා වෙදනං,” ඒ කියන්නේ අර නටන මනුස්සයා සිංදු හොයනවා කීවේ. අන්න ඒ වගේ ලෙඩ වෙච්ච මනුස්සයා නැවතත් ලෙඩ ම හොයනවා.
ඊළඟට තුන් වෙනියට එනවා පරාමාසකායගන්ථය ඉදංසච්චය පරිදේව භය අගති සෝක වේදනා. මේකේ නිත්‍ය යන සඤ්ඤා විපල්ලාසය ඇත. ඒකේ බලපෑම තියෙනවා. ජරා ස්වභාවය සෝකයට ඇතුළත් වන නමුත් සුඛ යන මෝඩ මතය ඇත. මෙය “වෙදනාය වා අත්තානං” කියලා ගන්න ඕනෑ.
ඉතින් එතන එහෙම නම් ඕගොල්ලන්ට පේනවා, මේ ඕකේ කිව්ව කාරණා තුන තියෙනවා නේ අන්තිමට. මොකක් ද? සෝකයයි, ව්‍යාධියයි, ජරාවයි. ඒකේ ඉතින් මතක නේ අපි අර, odd path, even path වල අපි ඕක බලලා තියෙනවා. ඒකෙන් triangle එකක් හැදිලා නේ දැන් නේ ද. ඒ triangle එක විද්‍යාමාන වෙනවා.
මෙසේ වේදනාව දක්වා එන ඉහත පාරවල් තුන මගින් ම ඇති වන්නේ සෝක, ව්‍යාධි, ජරා යන triangle එක බව දන්නේ, දක්නේ වේදනාව මගේ යැයි නොගනී. කම්ම දායාදයේ ගැම්ම පේනවා, මගේ නොවේ යැයි මනා කොට විමසන්නේ විමුක්ති සහගත ස්වභාවයට සිත පැමිණෙනවා. අර කූඤ්ඤය පවා හොඳින් දැනෙනවා.
එතකොට ඒක තමයි මං කරපු භාවනාව.