ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම උපාදාන පරිතස්සනා සූත්‍රයේ, අපි ඊයේ භාවනාවෙදි වේදනා කොටස සිහි කළා. අද සඤ්ඤා කොටස වැඩියෙන් සිහි කළා.
ඒකේ පෙන්නනවා උපාදානයෙන් වන කැලඹීම කියන එක. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම, සඤ්ඤාව මම යැයි දකී. “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” සඤ්ඤාව සහිත වූවක් හෝ මම යැයි දකී. “සඤ්ඤාවන්තං වා අත්තානං.” මා තුළ හෝ සඤ්ඤාව ඇති යැයි දකී. “අත්තනි වා සඤ්ඤා.” සඤ්ඤාව තුළ හෝ මා ඇතැයි දකියි. “සඤ්ඤාය වා අත්තානං.”
ඔහුගේ ඒ සඤ්ඤාව වෙනස් වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ සඤ්ඤාව වෙනස් වීම, අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, සඤ්ඤාව පෙරලුණ අනුව පෙරලුණ විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ සඤ්ඤාව වෙනස් වීම නිසා, විඤ්ඤාණය සඤ්ඤාවේ වෙනස් වීම ගැන සිත යොමු වී තිබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටී. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම් ඇත්තේ ද, සෝක ඇත්තේ ද, අපේක්ෂා ඇත්තේ ද වෙයි. උපාදාන වී කැලඹෙයි.
ඊළඟට පෙන්නනවා, උපාදාන නොවීමෙන් කැලඹීම නොවීම. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් දක්නා වූ, ආර්ය ධර්මයේ දක්ෂ වූ, ආර්ය ධර්මයේ හික්මුනා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ හික්මුනා වූ, බහුශ්‍රැත වූ ආර්ය ශ්‍රාවක තෙමේ, සඤ්ඤාව මම යැයි නොදකී. “න සඤ්ඤං අත්තතො සමනුපස්සති.” සඤ්ඤාව සහිත වූවක් හෝ මම යැයි නොදකී. “න සඤ්ඤාවන්තං වා අත්තානං.” මා තුළ හෝ සඤ්ඤාව ඇතැයි නොදකී. “න අත්තනි වා සඤ්ඤා.” සඤ්ඤාව තුළ හෝ මා ඇතැයි නොදකියි. “න සඤ්ඤාය වා අත්තානං.”
ඔහුගේ ඒ සඤ්ඤාව විනාස වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ සඤ්ඤාව විනාස වීම හේතු කොට, ඔහුගේ විඤ්ඤාණය ද සඤ්ඤාව වෙනස් වීමට අනුව, වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ සඤ්ඤාව වෙනස් වීම අනුව වෙනස් වීමෙන් උපදනා කැලඹීම නොවන්නේ, ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සිත මැඩ නොපැවැත්වීම නිසා, බය සහිත වන්නේ නොවෙයි. සෝක වන්නේ නොවෙයි. අපේක්ෂා සහිත වන්නේ නොවෙයි. උපාදාන නොවීමෙන් කැලඹීම නොවෙයි. කියලා.
ඉතින් මේ කොටසේ දි, 22/12/2015 අත්තානුදිට්ඨිය 2 භාවනාව මෙන් සිහි කළා. ඉතින් මේක සඳහා ඊට ඉස්සෙල්ලා කරලා තියෙනවා, ශ්‍රද්ධා 4 භාවනාවේ ඉගෙන ගත් අත්ත සඤ්ඤා. අන්න ඒ අත්ත සඤ්ඤාව, අපි හිතමු, a2 කියලා ගන්නවා කියලා. ඊළඟට අපි b2 කියලා ගනිමු අත්ත චිත්තය. C2 කියලා ගනිමු අත්ත දිට්ඨිය. එතකොට මේක හොඳින් මෙනෙහි කරන්න ඕනෑ. ඉතින් මෙතන diagram එකක් එනවා. අපි ඒක දානවා internet එකටත්.
මේකේ පළමුවෙන් ම ඕගොල්ලෝ දන්නවා, ඔය සුඛය පරාමාසගත වූවාට පස්සේ, ඒකේ මමංකාර අත්තා ඇති වෙනවා නේ. ඒක නිසා දිට්ඨි ආශ්‍රව. දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රව. එතෙන්ට ආවා ම රාග සල්ලය. එතකොට රාග සල්ලයෙන් ඇති වුණ සුභ කියන දිට්ඨි විපල්ලාසය. ඒකේ බලපෑම සහිතව වේදනා සිට චේතනා දක්වා සුඛ යන සඤ්ඤා විපල්ලාසය ඇති වෙනවා. එතකොට අර භය අගතියේ වේදනාවට ඇවිල්ලා ඒක පරාවර්තනය වෙලා වේදනාවේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට සුඛ යන සඤ්ඤා විපල්ලාසය. එතකොට ඊට පස්සේ අපිට පේනවා සුඛ යන චිත්ත විපල්ලාසය වේදනාව ඉඳන් පරාමාසකායගන්ථයට ලකුණු වෙනවා. ඊළඟට සුඛ යන දිට්ඨි විපල්ලාසයට බලපාන්නා වූ කාරණා 3ක් තියෙනවා.
එකක් තමයි, අපි ඕක C1 කියලා ලකුණු කරගන්නවා, පරාමාසකායගන්ථය ඉඳන් භය අගතිය දක්වා. අත්තභාවය නිසා සුභ වීම. අපි අත්තා කියලා ගත්තොත් නේ සුභයි කියන එක ගන්නේ ලාභයි කියලා. සුඛය පරාමාස වීමෙන් ඇති වෙච්ච මමංකාර අත්තා. තුන් වෙනි කාරණයට එනවා අවිද්‍යා ආශ්‍රවය නිසා ඇති වුණ බල පෑම. අර 11 වෙනි රවුමේ එන බල පෑම. අන්න ඒක පරාවර්තනය වෙලා, දැන් ඔතන සුඛ යන දිට්ඨි විපල්ලාසය ඔතන ඇති වෙනවා. ඒක පරාවර්තනය වෙලා අපිට එනවා, දැන් අපි පෙන්නුවේ පරාමාසයෙන් භය අගතියට නේ. පරාවර්තනය වුණා ම කොහාට ද යන්නේ? පරාමාසයෙන් ඉඳන් මනොසඤ්‌චෙතනාවට යනවා. ගිහිල්ලා එතන ඒ අත්තා සඤ්ඤාව කියන එක, අර a2, අත්තා සඤ්ඤාව එතන හැදෙනවා.
එතකොට ඊට පස්සේ වෙන්නේ මොකක් ද? දැන් ඔය අත්තා කියලා යම්කිසි අගයක් වෙනවා ද ඒක චේතනාව මගින් පැවැත් වීම කියන එක කරනවා. එහෙම නම් අපිට a2, වලින් අන්න b2 කියන එකට එනවා. අන්න අත්තා චිත්තය. ඒක එන්නේ මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසකායගන්ථයට අත්තා දිට්ඨිය. අන්න ඒකට පදුට්ඨමනසඞ්කප්පය නිසා ඇති වෙච්ච නිත්‍යභාවය කියන එක බලපානවා.
දැන් එහෙම නම් අපි ලකුණු කරගත්තා a2 අත්තා සඤ්ඤාව, පරාමාසකායගන්ථයේ ඉඳන් මනොසඤ්‌චෙතනාවට. මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා b2 අත්තා චිත්තය. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් අපි පල්ලෙහා c2 කියලා දාගන්නවා අත්තා දිට්ඨිය, පරාමාසකායගන්ථ දක්වා.
ඉතින් සඤ්ඤාව මම යැයි කියලා දකිනවා කියන්නේ “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” කියන එක, අර පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා තියෙන්නා වූ එක තමයි, ඒ “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියන එකට එන්නේ. ඒ කියන්නේ අපි අර a2 කියලා ගන්නේ නේ ද? දැන් බලන්න දැන් ඕක හරි ලස්සනයි නේ ද? අර පහළට ගිය එක, පරාවර්තනය වෙලා උඩට ආවා. දැන් පේනවා නේ ද, මේ මුළු අත්තා, ඒ කියන්නේ අපි දන්නවා ඊළඟ එකට එන්නේ අර “රූපවන්තං වා අත්තානං” කිව්වේ. අන්න ඒ වගේ, ඒ අර මනොසඤ්‌චෙතනාවේ ඉඳන් භය අගතියට. ඒක දැන් මේක පරාවර්තනය වෙලා දැන් පේනවා මෙයා මේක සම්පූර්ණ එකයි කියලා. “මමයි, සඤ්ඤාවයි දෙක ම එකයි” කියලා. ලස්සනට හැදිලා තියෙනවා.
ඊට පස්සේ සඤ්ඤාව සහිත වූවක් හෝ මම යැයි දකිනවා. අන්න ඒක “සඤ්ඤාවන්තං වා අත්තානං” කියන එක, භය අගතිය ඉඳන් චේතනාව දක්වා මුළු රේඛාව ම කියන එක ගන්න ඕනේ.
ඊළඟට මා තුළ හෝ සඤ්ඤාව ඇතියි කියලා දකිනවා. “අත්තනි වා සඤ්ඤා.” මතක ද අර නටන මනුස්සයා සිංදුව හොයනවා කිව්වේ, ඒ විදිහට හිතන්න කිව්වේ. මේක අර b2, ඒ කියන්නේ මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට දක්වා යන්නා වූ චිත්ත විපල්ලාසය. අත්තා යැයි යම් අගයක් වේ ද, එය චේතනාව මගින්, නොනැසී පවත්වන අවස්ථාවක්. ඒ කියන්නේ ඒකට සංස්කාර කරනවා නේ අපි.
ඊට පස්සේ සඤ්ඤාව තුළ හෝ මා ඇතියි කියලා දකිනවා. මේක අර c2 කියලා ලකුණු කර ගත්තේ, ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසකායගන්ථයට. ඒ අත්තා කියන දිට්ඨිය විපල්ලාසය ලෙස සිතන්න ඕනෑ. මේ රේඛාව දික් කළොත් කොහාට ද යන්නේ? අපි දන්නවා, පරාමාසයෙන් සෝකය, ජරාව. එතකොට එහෙම නම්, සෝකය, ජරා දක්වා ගමන් කරනවා. අන්න ඕක තමයි ප්‍රතිඵලය. එනමුදු, සුඛ යන, අපි c1 කියලා සුඛ යන දිට්ඨිය විපල්ලාසය ලකුණු කරගත්තා නේ, පරාමාසයේ ඉඳන් පල්ලෙහාට නේ ද. අන්න ඒකේ බලපෑම ඇත්තේ, මනා කොට එවැනි සඤ්ඤාවකින් මා පවතිනවා යැයි වරදවා වටහාගෙන, එවැනි සඤ්ඤා දෙන රූප සොයාගෙන යනවා. මෙයට අත්තා යැයි ගැනීම නිසා වන ව්‍යාධි ස්වභාවයත් එකතු වන්නේ, ජරා, ව්‍යාධි, සෝක දායාද කරගෙන උපාදාන පරිතස්සනා වන්නේ ය කියන එක එනවා.
මගේ නොවේයි මනා කොට විමසන්නේ විමුක්ති සහගත ස්වභාවයට සිත පැමිණෙනවා. කූඤ්ඤය හිටන් හොඳින් දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.