ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඊයේ භාවනාවෙදි අපි උපාදාන පරිතස්සනා සූත්‍රයට අනුව සඤ්ඤා කොටස සිහි කළා. අද සංස්කාර කොටස වැඩියෙන් සිහි කළා.
උපාදානයෙන් වන කැලඹීම. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම, සංස්කාරයන් මම යැයි දකී. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති.” සංස්කාර සහිත වූවක් හෝ මම යැයි දකී. “සඞ්‌ඛාරවන්තං වා අත්තානං.” මා තුළ හෝ සංස්කාර ඇතැයි දකී. “අත්තනි වා සඞ්‌ඛාරෙ.” සංස්කාර තුළ හෝ මා ඇතැයි දකියි. “සඞ්‌ඛාරෙසු වා අත්තානං.”
ඔහුගේ ඒ සංස්කාරයෝ වෙනස් වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ සංස්කාරයන්ගේ වෙනස් වීම, අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, සංස්කාරයන්ගේ පෙරළීමට අනුව පෙරලුණ විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ සංස්කාරයන්ගේ වෙනස් වීම නිසා, විඤ්ඤාණය සංස්කාරයන්ගේ වෙනස් වීම ගැන, සිත යොමු වී තිබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටී. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම් ඇත්තේ ද, සෝක ඇත්තේ ද, අපේක්ෂා ඇත්තේ ද වෙයි. උපාදාන වී කැලඹෙයි, කියලා.
උපාදාන නොවීමෙන් කැලඹීම නොවීම පෙන්නනවා, ඊළඟට. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් දක්නා වූ, ආර්ය ධර්මයේ දක්ෂ වූ, ආර්ය ධර්මයේ හික්මුනා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ හික්මුනා වූ, බහුශ්‍රැත වූ ආර්ය ශ්‍රාවක තෙමේ, සංස්කාරයන් මම යැයි නොදකී. “න සංස්කාරයේ අත්තතො සමනුපස්සති.” සංස්කාර සහිත වූවක් හෝ මම යැයි නොදකී. “න සඞ්‌ඛාරවන්තං වා අත්තානං.” මා තුළ හෝ සංස්කාර ඇතැයි නොදකී. “න අත්තනි වා සඞ්‌ඛාරෙ.” සංස්කාර තුළ හෝ මා ඇතැයි නොදකියි. “න සඞ්‌ඛාරෙසු වා අත්තානං.”
ඔහුගේ සංස්කාරයෝ විනාස වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ සංස්කාරයන්ගේ විනාස වීම හේතු කොට, ඔහුගේ විඤ්ඤාණය ද සංස්කාරයන්ගේ වෙනස් වීමට අනුව, වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ සංස්කාරයන්ගේ වෙනස් වීමට අනුව වෙනස් වීමෙන් උපදනා කැලඹීම නොවන්නේ, ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සිත මැඩ නොපැවැත්වීම නිසා, බය සහිත වන්නේ නොවෙයි. සෝක වන්නේ නොවෙයි. අපේක්ෂා සහිත වන්නේ නොවෙයි. උපාදාන නොවීමෙන් කැලඹීම නොවෙයි.
ඉතින් මෙන්න මේ කොටසේ දි, මම 19/12/2015 ශ්‍රද්ධා 5 භාවනාවේ ධර්ම කොටසකට සිත යොමු වුණා. එහි දී නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය, ඉදංසච්චය ජීවිත ඉන්ද්‍රිය යන රේඛාව මගින් නිරූපණය කරන බවත්, මෙහි දී සංස්කාරවල mode අගය, highest frequency එක පැවැත්වීම විශේෂිතයි යන්නත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දි අපිට පේනවා, diagram එකක් වශයෙන්, ඔය ජීවිත ඉන්ද්‍රිය ඉඳන් විඤ්ඤාණය දක්වා අපි a කියලා ලකුණු කරනවා නිත්‍ය සඤ්ඤාව. විඤ්ඤාණය ඉඳන් ඉදංසච්චයට අපි b කියලා ලකුණු කරනවා නිත්‍ය චිත්තය. ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා ලකුණු කරනවා c කියලා නිත්‍ය දිට්ඨිය කියන එක.
ඊළඟට ආපහු පේනවා අපිට, මම ඒක රතු පාටෙන් ඇඳගෙන තියෙනවා, ඒ කියන්නේ විඤ්ඤාණ ආහාරයෙන්, ඔය සංස්කාර හරහා, අපි එනවා භය අගතියට එතනින් වේදනාව එතනින් නාමරූප එතන සුභයි කියලා අපි ලකුණු කරනවා. ඒක හරහා මනොසඤ්‌චෙතනාවට එතනින් එනවා ජීවිත ඉන්ද්‍රියට. ඔන්න ඔහොම පථයක් තියෙනවා.
එතකොට මේකේ සුභ යන අර්ථය පැවතිය යුතුයි. පළවෙනි කාරණය ඒකයි රවුම් එක. දෙක සුඛ යැයි යමක් පරාමාසගත වූයේ ද, එම අගයෝ පැවතිය යුතුයි. පස් වෙනි රවුම. තුන එම සුඛය නිසා යම් මානයක් වී ද, එය නොසිඳී පැවතිය යුතු ය. හය වෙනි රවුම.
මෙම අගයෝ චේතනාව මගින් සිදු කරනවා, යනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා, සංස්කාරයෝ කියලා කීවා ම, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා.
එතකොට පළවෙනි කාරණය. සංස්කාරයන් මම යැයි දකී. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති.” මෙය නිත්‍ය සඤ්ඤාවට තුඩු දෙන, උඩ ජීවිත ඉන්ද්‍රිය තැන ලකුණු කරන සංස්කාරයන් මම යැයි දැකීම ලෙස වටහා ගත යුතුයි. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා, අපි අර ජීවිත ඉන්ද්‍රිය තියෙන තැන සංස්කාරය ඉඳන් විඤ්ඤාණයට අපි a නිත්‍යයි කියලා සඤ්ඤාව ලකුණු කළා නේ. අන්න ඒ නිත්‍ය සඤ්ඤාවට තුඩු දෙන එක.
ඉතින් මේක නිකම්ම හිතන්නත් එපා. ඒකට බලපානවා, අපි ඊයේ කළ භාවනාවේ ඒක තව පෙරළිලා ගිහිල්ලා නේ ඕක හැදිලා තියෙන්නේ නේ ද? එතකොට ඒක සම්බන්ධ කරලා බලන්න ඕනෑ.
ඊළඟට දෙවෙනි කාරණය. සංස්කාරයන් සහිත වූවක් හෝ මම යැයි දකී. “සඞ්‌ඛාරවන්තං වා අත්තානං.” මෙහි දී භය අගතියේ සිට චේතනාව දක්වා මුළු රේඛාව ම ගත යුතු වූවත්, මෙහි දී අධික බලපෑම ඇත්තේ, විඤ්ඤාණය ඉඳන් ඉදංසච්චයට අපි b කියලා ලකුණු කරන නිත්‍ය යන චිත්ත විපල්ලාසය මගින් නිසා, එය ම ගත යුතුයි.
ඉතින් ඒක හරි ලස්සනයි. දැන් අපි කිව්වා ඊයේ ධර්මයත් එක්ක සම්බන්ධ කරලා තමයි මෙතන මේ a කියලා ආවේ. අන්න විඤ්ඤාණය හැදුණා. විඤ්ඤාණය හැදුණායින් පස්සේ දැන් නිත්‍යයි කියලා ගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒකේ පසු එක එනවා නේ දිට්ඨි ආශ්‍රවයට එහෙම නේ ද? පේනවා ද, දැන් මෙතන චේතනාව ළඟ glue කරනවා කියන එක විඤ්ඤාණයෙන් ම කරනවා කියලා පේනවා ඒ අවස්ථාව වෙනකොට, කෑලි දෙක, උඩ කෑල්ලයි යට කෑල්ලයි. දැන් එහෙම නම් ඒ සංස්කාර සහිත වූවක් හෝ මම යැයි දකිනවා.
තුන් වෙනි කාරණයට, මා තුළ හෝ සංස්කාර ඇතැයි කියලා දකිනවා. “අත්තනි වා සඞ්‌ඛාරෙ.” කියන එක. එතකොට එතන ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට c කියලා ලකුණු කරගත්තා නේ නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය. අන්න ඒක නිරූපණය කරන රේඛාවට සමාන්තර රේඛාවක් මෝහ අගතිය ඉඳන් අර පරිදේව තියෙන තැන සංස්කාරයට ලකුණු කරන රේඛාව සමාන්තර වෙනවා.
එතකොට මෙම පහළ සංස්කාරයන් මා තුළ ඇති යැයි සිතිවිලි වන්නේ “අත්තනි වා සඞ්‌ඛාරෙ,” යන්න වටහා ගත යුතුයි. එනම්, මෝහ ගලේ වැදී කුඩු වූවත්, පවතී යැයි තම සංස්කාරයන් උදම් අනයි, කියලා රහතන් වහන්සේ කියනවා. ඔය මිනිස්සු කියන්නේ අපේ වැඩ කිඩ මෙහෙමයි, කියලා එහෙම නේ ද? මැරිලා ඉවරයි. අන්න ඒ තත්වයයි තියෙන්නේ.
එතකොට, ඊට පස්සේ හතර වෙනි කාරණයට පෙන්නනවා, සංස්කාර තුළ හෝ මා ඇතැයි දකියි. “සඞ්‌ඛාරෙසු වා අත්තානං.” අර අපි රූප හොයාගෙන යනවා කීවේ නේ ද? අන්න ඒ වගේ තමයි මෙතනත්. එතකොට මෙහි දී, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් අර භය අගති. දැන් අපි රතු පථයක් පෙන්නුවා නේ. අන්න ඒක බලන්න ඕනෑ. ඒ කියන්නේ විඤ්ඤාණ ආහාර භය අගති වේදනා නාමරූප එතනින් අපි එනවා මනොසඤ්‌චෙතනාවට. මනොසඤ්‌චෙතනාවෙන් ජීවිත ඉන්ද්‍රිය දක්වා එනවා.
මනෝමය කායකින් සිටින පුද්ගලයාට, identity එකක් නැති යැයි හැඟෙනවා. රූප නැත. තමාට අයිති වූ රටක්, ලෝකයක් නැති යැයි හැඟෙනවා. කාමයේ වරදවා හැසිරීම යන සංස්කාරයේ මම ඇත. එවිට මට රූප ඇත. අදත්තාදානයේ යන සංස්කාරයේ මම ඇත. එවිට මට රූප ඇත. මනෝමය කාය මරාගෙන යන සංස්කාරයේ මම ඇත. එවිට මට රූප ඇත, යනුවෙන් මෙම සංස්කාරය තුළ මම ඇත, යන්න වටහා ගත යුතුයි. මෙම සංස්කාරයන්ගෙන් මම පවතිනවා යැයි වරදවා වටහාගෙන, එවැනි සංස්කාරයන්ට ම තුඩු දෙන රූප සොයා යයි. මෙහි දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දොමනස්ස යන මුළු දුක්ඛ පොදිය ම දායාද කරගෙන උපාදාන පරිතස්සනා වන්නේ ය.
මගේ නොවේයි මනා කොට විමසන්නේ විමුක්ති සහගත ස්වභාවයට පැමිණිලා අර කූඤ්ඤය හෙම දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.