ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම භාවනාවට ගත්තේ, අපි උපාදාන පරිතස්සනා සූත්‍රය, ඒ 22/04/2019 නිබ්බාන භාවනාවෙදි, අපි සංස්කාර කොටස කියන එක සිහි කළා. අද විඤ්ඤාණ කොටස කියන එක වැඩියෙන් සිහි කළා.
උපාදානයෙන් වන කැලඹීම. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ, අශ්‍රැතවත් පෘථග්ජන තෙම, විඤ්ඤාණය මම යැයි දකී. “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” විඤ්ඤාණය සහිත වූවක් හෝ මම යැයි දකී. “විඤ්ඤාණවන්තං වා අත්තානං.” මා තුළ හෝ විඤ්ඤාණය ඇතැයි දකී. “අත්තනි වා විඤ්ඤාණං.” විඤ්ඤාණය තුළ හෝ මා ඇතැයි දකියි. “විඤ්ඤාණස්මිං වා අත්තානං.”
ඔහුගේ ඒ විඤ්ඤාණය වෙනස් වෙයි. අන් අයුරකට පෙරළෙයි. ඔහුගේ විඤ්ඤාණයාගේ වෙනස් වීම. අන් ආකාරයකට පෙරළීම හේතු කොටගෙන, විඤ්ඤාණයාගේ පෙරළීමට අනුව පෙරලුණ විඤ්ඤාණයක් වෙයි. ඔහුගේ විඤ්ඤාණයාගේ වෙනස් වීම නිසා, විඤ්ඤාණය, විඤ්ඤාණයාගේ වෙනස් වීම ගැන සිත යොමු වී තිබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටී. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම ඇත්තේ ද, සෝක ඇත්තේ ද, අපේක්ෂා ඇත්තේ ද, වෙයි. උපාදාන වී කැලඹෙයි.
ඊළඟට, උපාදාන නොවීමෙන් කැලඹීම නොවීම පෙන්නනවා. මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් දක්නා වූ, ආර්ය ධර්මයේ දක්ෂ වූ, ආර්ය ධර්මයේ හික්මුනා වූ, සත්පුරුෂයන් දක්නා වූ, සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ හික්මුනා වූ, බහුශ්‍රැත වූ, ආර්ය ශ්‍රාවක තෙමේ, විඤ්ඤාණය මම යැයි නොදකී. “න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” විඤ්ඤාණය සහිත වූවක් හෝ මම යැයි නොදකී. “න විඤ්ඤාණවන්තං වා අත්තානං.” මා තුළ හෝ විඤ්ඤාණය ඇතැයි නොදකී. “න අත්තනි වා විඤ්ඤාණං.” විඤ්ඤාණය තුළ හෝ මා ඇතැයි නොදකියි. “න විඤ්ඤාණස්මිං වා අත්තානං.”
ඔහුගේ ඒ විඤ්ඤාණය විනාස වෙයි. අන් අයුරකට පැමිණෙයි. ඔහුගේ විඤ්ඤාණයාගේ වෙනස් වීම හේතු කොට, ඔහුගේ විඤ්ඤාණය ද, විඤ්ඤාණයාගේ වෙනස් වීමට අනුව, වෙනස් නොවන්නේ වෙයි. ඔහුගේ විඤ්ඤාණයාගේ වෙනස් වීමට අනුව වෙනස් වීමෙන් උපදනා කැලඹීම නොවන්නේ, ධර්මයෝ සිත මැඩගෙන නොසිටී. සිත මැඩගෙන නොපැවැත්වීම නිසා බය සහිත වන්නේ නොවෙයි. සෝක වන්නේ නොවෙයි. අපේක්ෂා සහිත වන්නේ නොවෙයි කියලා පැහැදිලි කරනවා. මේ විදිහට උපාදාන නොවීමෙන් කැලඹීම නොවෙයි, කියලා.
එතකොට මෙතෙන්ටත් diagram එකක් එනවා. අපි එකත් internet එකට දානවා.
ඒකෙ ඉතින් ඕගොල්ලන්ට මතක ඇති සඤ්ඤාවට දීපු diagram එක, ඒකේ අපි අර a2 අත්ත සඤ්ඤා කියලා තියෙනවා, ඒක පරාවර්තනය වෙලා b2 අත්ත චිත්තය කියලා එනවා. එතන අපි ලියාගත්තා “අත්තා යම් අගයක් වේ ද, එය චේතනා මගින් පැවැත්වීම වෙනවා” කියලා. මනොසඤ්‌චෙතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එක රේඛාවක්. ඊට පස්සේ, විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය චිත්ත කියන එක තියෙනවා. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨි කියන එක අපි ලකුණු කරගන්නවා. ඊට පස්සේ, පරාමාසකායගන්ථයයි ඉදංසච්චයයි අතර, අපිට පේනවා ඔය නිත්‍ය සඤ්ඤාව ගිහිල්ලා අර කඳු දෙකක් යා වෙනවා වගේ එහෙම කියලා කිව්වා. ඊට පස්සේ, ඒකේ ඉදංසච්චයේ ඉඳන් ආපහු පරාමාසයට ඒක copy වීමක් තියෙනවා. පල්ලෙහා තියෙනවා පරිදේවය. පරිදේවයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියටත් රේඛාවක් තියෙනවා.
එතකොට, මේකේ විඤ්ඤාණය මම යැයි දකී, කියලා කිව්වම, “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති” කියලා කිව්වහම අර 24/12/2015 අත්තානුදිට්ඨිය 4 භාවනාවෙදි, නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය මගින් සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වූ අත්ත සඤ්ඤා, අත්ත චිත්ත, අත්ත දිට්ඨි යන ධර්මයන් නිත්‍ය වශයෙන් පරාමාසයේ සිට ඉදංසච්චයට ඇතුළත් වෙන බව සාකච්ඡා කරලා තියෙනවා. මෙසේ ඉදංසච්චගත වූ අත්ත චිත්තය නැවතත් පරාමාසයට කොපි වන අතර, එහි නිත්‍යභාවය සහිතව ම පරාමාස චේතනා ජීවිත ඉන්ද්‍රිය වීම කියන එක සිදු වෙනවා. මෙසේ ඇති වූ, චේතනාවේ සිට ජීවිත ඉන්ද්‍රිය දක්වා ලකුණු කරන, අත්ත චිත්තය “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති,” ලෙස වටහා ගත යුතුයි. මෙයට, විඤ්ඤාණ ආහාරයේ ඉඳන් එන නිත්‍ය චිත්තයේ, අනුමැතිය ඇති බව අමතක නොකළ යුතුයි.
එතකොට මෙම අවස්ථාව පරාමාස කන්ද සහ ඉදංසච්ච කන්ද යා කළ අවස්ථාව බව සාකච්ඡා කරලා තිබෙනවා. සුඛ යැයි සිතූ දේ වරදවා වටහා ගැනීමෙන් පරාමාස කන්ද ගොඩ නැගෙනවා. සංස්කාර නිත්‍යයි බැස ගැනීමෙන් ඉදංසච්ච කන්ද විය. මෙම අවස්ථාවේ දී, විඤ්ඤාණය අසරණ යැයි වැටහෙනවා. චේතනාව විසින් රූපය ගැන යමක් පවසන්නේ ද එය පමණක් දනී. චේතනාවත් අසරණ ය. සඤ්ඤා, වේදනා මගින් යම් එකමුතුවක් ඇත්ද, එය විඤ්ඤාණයට ඒත්තු ගන්වනවා.
එතකොට අර රූපය ගැන එයා දන්නෙ නෑ. රූපය මොකක් ද හරියට තියෙන්නේ කියලා. ඕක අපි පැහැදිලි කරලා තියෙනවා, අර මැද්දෙන් cupboard එකක් ගහලා වගේ කියලා. විඤ්ඤාණයෙන් මේ රූපය දන්නේ නෑ. රූපයෙන් විඤ්ඤාණය දන්නේ නෑ කියලා, දවස් 4 වැඩසටහනේ.
ඊළඟට පෙන්නනවා දෙවෙනියට, විඤ්ඤාණය සහිත වූවක් හෝ මම යැයි දකී, “විඤ්ඤාණවන්තං වා අත්තානං.” මෙහි දී ද අධික බලපෑම ඇති වන්නේ, විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චය දක්වා එන අර b කියලා අපි ලකුණු කර තිබෙනවා b2 කියලා එහෙම. අන්න ඒ ලකුණු කරන නිත්‍ය චිත්ත විපල්ලාසය මගින් නිසා ඒක ම අපි ගන්න ඕනෑ. “විඤ්ඤාණවන්තං වා අත්තානං,” කියලා.
ඉතින් ඔතෙන්දි අපිට පේනවා, මේ පථ දෙකකින් ම මමංකාරය සනාථ කරනවා කියලා. ඉතින් ඒ පථ දෙකකින් ම මමංකාරය සනාථ කරන නිසා, මේ අවස්ථාවේ දී මමංකාර අගය අහංකාර අගයට වඩා අධිකයි. ඒ පථ දෙක වෙන්නේ මොකක් ද?
අපි හිතමු path 1 කියලා, විඤ්ඤාණයේ ඉඳන් අපි ඉදංසච්චයට එනවා අර නිත්‍ය චිත්තය. ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට එනවා, අර copy වෙලා එන එක. ඊට පස්සේ අපි පරාමාසයේ ඉඳන් චේතනාවට එනවා.
එතකොට ඊළඟට path 2 කියලා එනවා. නිත්‍ය චිත්ත විපල්ලාසය ඉඳන් දිට්ඨි ආශ්‍රව, ඒක පසු සඤ්ඤාවක් වෙනවා නේ. දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, දිට්ඨි සල්ලයෙන් සඤ්ඤා, සඤ්ඤාවෙන් චේතනා.
එතකොට මේ පථ දෙකෙන්, පළවෙනි path එක strong. Path 2 එක weak. ඒකේ හේතුව තමයි අර අවිද්‍යා ආශ්‍රවේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට එන contribution එක මෙතන නෑ. දෙවෙනි පථයේ. එතකොට ඒ නිසා අර මමංකාර අගය අහංකාර අගයට වඩා අධිකයි.
ඊළඟට, මා තුළ හෝ විඤ්ඤාණය ඇතැයි කියලා දකිනවා. “අත්තනි වා විඤ්ඤාණං.” එතකොට එතන අර ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය “අත්තනි වා විඤ්ඤාණං,” ලෙස ගත යුතුයි. කුමක් නිසා ද? යම් ජීවිත ඉන්ද්‍රියක් පෙර විඤ්ඤාණය වීමට තුඩු දුන්නා ද, එම ජීවිත ඉන්ද්‍රිය ම නැවතත් මුණගැසෙන බැවිනි. එයට හානියක් සිදු වී නැති යැයි නිත්‍යභාවය මගින් ඒත්තු ගන්වන නිසා ය.
ඊළඟට හතර වෙනි එකට එනවා. විඤ්ඤාණය තුළ හෝ මා ඇතැයි දකියි. “විඤ්ඤාණස්මිං වා අත්තානං.” එතකොට එතෙන්ටත් එනවා අර diagram එක. Diamond එකක් තියෙනවා නේ පරාමාස ජීවිත ඉන්ද්‍රිය ඉදංසච්ච පරිදේව පරාමාස කියලා. මේ diagram එකේ arrow එක යන්නෙ අනිත් පැත්තට. ඒ කියන්නේ ඉදංසච්චයෙන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රියෙන් පරාමාසයට. ඉතින් ඔහොම වෙලා, අර copy වීම කියන එක සිද්ධ වෙනවා. පරාමාසයෙන් පරිදේවය, පරිදේවයෙන් ඉදංසච්චයට. ඔය විදිහටයි ඔය circle එක යන්නේ.
සංස්කාර පරිදේව වූ පසු නැවතත් ජීවිත ඉන්ද්‍රිය සොයා යන්නා වූ පරිදේව, ජීවිත ඉන්ද්‍රිය රේඛාවන් නිරූපණය කරන ධර්මයෝ “විඤ්ඤාණස්මිං වා අත්තානං,” ලෙස ගත යුතුයි. කුමන ධර්මයක් මෙහි ඇතුළත් ද? ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කරන ධර්මයෝ ය. ඒවා මොනවා ද? අර මව් පියාගෙන් ලැබුණා වූ රූප. ශුක්‍රාණු එහෙම ගත්තේ, කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනොසඤ්‌චෙතනා ආහාර සහ විඤ්ඤාණ ආහාර.
ඉතින් මෙන්න මේක රෝදයක් මෙන් සිතන්න ඕනෑ. ඒ රෝදය සබ්බාසව එකේ රෝදය. ඇයි ඉතින් දැන් තමන්ට ම පේනවා හරියට අර arrows අර පැත්තට දැම්මේ මොකද කියලා. පරාමාසයෙන් එකතු කරනවා. පරිදේවයට ගිහිල්ලා උඩට පරිදේවයෙන් ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එනවා. ඒ අදහස.
එතකොට මතක නේ භව ආශ්‍රවයෙන් තමයි අපි අවිද්‍යා ආශ්‍රවයට contribute කරනවා කිව්වේ. ඉතින් මගේ නොවේ යැයි, මනා කොට විමසන්නේ විමුක්ති සහිත ස්වභාවයට සිත පැමිණෙනවා. කූඤ්ඤය පවා හොඳින් දැනෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.