ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, මේ පූජාවෙන් පස්සේ.
රුවන්වැලි සෑය ළඟ කරපු භාවනාවක්, ඔය 22/04/2019 නිබ්බාන භාවනාවෙදි, සංස්කාර සහිත වූවක් හෝ මම යැයි දකී. “සඞ්‌ඛාරවන්තං වා අත්තානං.” ඒ කොටස සිහි කරන්නේ කූඤ්ඤය තදින් දැනුණා. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චය දක්වා. එතන නිත්‍යයි කියන චිත්තය, ඒ කොටස සිහි කිරීම. ඉතින් මේ කොටස බොහොම වැදගත් කොටසක්. මොකද? ඕකෙන් අපිට පේනවා, ඔතන අර parallelogram එකක් වාගේ එකකුත් හැදෙනවා. පරාමාසයේ ඉඳන් විඤ්ඤාණයට, නිත්‍ය චිත්තයේ ඉඳන් දිට්ඨි ආශ්‍රවයට කියන එක.
එතකොට මේ භාවනාව අවසානයේ දි, කුමක් මගින් සංස්කාර සහ විඤ්ඤාණ disjoint වෙනවා ද, කියන එක විමසුවා. ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය අර නිත්‍ය දිට්ඨි ඉවත් වීමෙන් යැයි අවබෝධ වුණා. එනම්, තවදුරටත් මෙවැනි සංස්කාර උදෙසා චේතනා නොකරමියි යන්න සිතන්නේ, කූඤ්ඤය නැති වී වැනසී යනවා. මනස සැහැල්ලු වෙනවා. එනමුදු එය straight ය. බුදු පියාණන්ගෙන් ඇසුවා, මේකෙ real experience එක මොන ආකාරය ද, කියන එක. “එය පෙන්නුවොත් ඔබ ආශ්‍රව නසා ඇති ය” යි පැවසුවා.
ඉතින් මේ අවස්ථාවෙදි අපිට පේනවා, ඔය ජීවිත ඉන්ද්‍රිය clockwise rotation වෙනවා කියන එක. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් විඤ්ඤාණය නිත්‍ය සඤ්ඤාව. විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය චිත්තය, ඉදංසච්චයේ ඉඳන් ආපහු ජීවිත ඉන්ද්‍රියට එනවා නිත්‍ය දිට්ඨිය කියලා. එතකොට ඕක clockwise කැරකෙන්නේ. ඉතින් මේ විදිහට කැරකුණොත් අපි මෝහයට යනවා. අන්න ඒක නොවිය යුතුයි කියන එක.
ඊළඟට, තව භාවනාවක් තමයි, ඔය අනුරාධපුර meditation centre එකේ බුදු මැදුරේදි කරපු භාවනාව. ඒකේ විඤ්ඤාණය disjoint වීම කියන එක විමසුවා. අපි දන්නවා, එතන ඔය ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසකායගන්ථය, පරාමාසකායගන්ථයෙන් පරිදේවය, පරිදේවයෙන් ඉදංසච්චය ඉඳන් අර නිත්‍ය දිට්ඨිය සහගතව ජීවිත ඉන්ද්‍රියට එන arrows හතරක් තියෙනවා. මේකේ මැද්දේ අපි දන්නවා ඔය අත්ත සඤ්ඤා, එහෙම ඉදංසච්චය පැත්තට ගිහිල්ලා, ආපහු අත්ත චිත්තය අර විඤ්ඤාණයෙන් නිත්‍යභාවය කියන stamp එක ගහලා පරාමාසකායගන්ථයට එනවා කියන එක.
එතකොට, ඔතන විඤ්ඤාණය තුළ හෝ මා ඇතැයි, කියලා දකින එක තමයි පරිදේවය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට “විඤ්ඤාණස්මිං වා අත්තානං.” එතකොට, විඤ්ඤාණය ජීවිත ඉන්ද්‍රියෙන් වෙන් වීම, disjoint වීම කියන එක විමසුවා. යා වුණා වූ කඳු දෙක වෙන් වීම මගින්. එනම් පරාමාසේ ඉඳන් ඉදංසච්චයට, අපි දන්නවා එතන කඳු දෙක. ඒ දෙක වෙන් වෙන් වීම, අතර ඇති දෙපැත්තට ම ගමන් කරන්නා වූ ධර්මයෝ නැවතිය යුතුයි.
ඒ කියන්නේ පරාමාසේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය සඤ්ඤා, ඊළඟට ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට අත්ත චිත්තය. ඒවා නතර වෙන්න ඕනෑ. නිත්‍ය යන දිට්ඨි විපල්ලාසය මගින් සුභ යන දිට්ඨි විපල්ලාසය නිසා ඇති වූ අත්ත සඤ්ඤා, අත්ත චිත්ත, අත්ත දිට්ඨි යන ධර්මයන් නිත්‍ය වශයෙන් පරාමාසය සිට ඉදංසච්චයට ඇතුළත් වෙන බව සාකච්ඡා කර තියෙනවා. ඒ වුණත් අපි දැන් මෙතෙන්දි අපි පෙන්නුවේ, නිත්‍ය සඤ්ඤා සහ අත්ත චිත්ත පමණක්, මෙතන දක්වන්නේ කුමක් නිසා ද කියන එක. ඒ කියන්නේ පරාමාසේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය සඤ්ඤා. ඉදංසච්චයේ ඉඳන් පරාමාසයට අත්ත චිත්ත. ඇයි එහෙම කියන්නේ?
යම් නිත්‍ය සඤ්ඤාවක් වේ ද, එයට තුඩු දෙන්නා වූ ධර්මයෝ, එනම්, පළවෙනි එකට, පදුට්ඨමනසඞ්කප්පය, ඊළඟට දෙවෙනි එක සංස්කාරවලට අගය දීම, යන දෙයාකාර ධර්මයන් නොපවතින නිසා ය. පරිදේව වූ සංස්කාර බව දනී. ඉතින් මෙතෙන්දි අපිට පේනවා මේ anticlockwise rotation එකක් තියෙනවා කියන එක. අර arrows හතර බැලුවොත් අපිට පේනවා අනිත් පැත්තටයි කැරකෙන්නේ. මේක වෙනවා නම් අපි රූප හොයාගෙන තමයි ගමන් කිරීම කියන එක සිද්ධ වෙන්නේ.
ඊළඟට බැලුවා මේ සඤ්ඤාව disjoint වෙනවා, කියන එක. ඒකේ අපි දන්නවා “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියන රේඛාව, අපි ලකුණු කරනවා ඔය චේතනාවේ ඉඳන් පරාමාසයට. ඊළඟට අපිට පේනවා රූපයේ ඉඳන් ජාතියට, “රූපං අත්තතො සමනුපස්සති.” අපි කියමු අන්න ඒක 1 යි කියලා. ඊළඟට අපි ලකුණු කරගමු 2 යි කියලා සඤ්ඤාවේ ඉඳන් වේදනාවට. 3 යි කියලා ලකුණු කරගමු චේතනාවේ ඉඳන් පරාමාසකායගන්ථයට.
එතකොට දැන් අපිට පේනවා මේ “සඤ්ඤං අත්තතො සමනුපස්සති” කියන රේඛාව, ඔය 1 වෙනි එකේ තිබ්බත්, 2 වෙනි එකේ තිබ්බත්, 3 වෙනි එකේ තිබ්බත්, කොතැන පිහිටියත් දුක ම පමණක් ඇති වෙනවා. දන්නේ, දක්නේ සඤ්ඤාව සහ විඤ්ඤාණය disjoint වීම කියන එක සිද්ධ වෙනවා. කෙසේ ද? යම් සඤ්ඤාවක් වේ ද, එමගින් ගොඩ නැගෙන විඤ්ඤාණය තුළ රෝගී බව ම පවතී. යම් විඤ්ඤාණයක් වේ ද, එය තුළ සඤ්ඤාව පිළිබඳව හැඟීම් ඇති ද, එහි රෝගී බව ම පවතී. හොද්දක ඇති ලූනු ගෙඩිය නරක් වී ඇති මෙනි.
එතකොට තව ද මේ ආකාරයට සඤ්ඤාව සංස්කාරයෙන් ද වෙන් වෙන බව වටහා ගන්න ඕනෑ. උදාහරණයකට කියනවා නම්, ලී කෑල්ල එකක්, හදන භාණ්ඩය තව එකක්. එක ම වර්ගයක ලීවලින් පමණක් මේස නොසාදයි. සාදන හැම මේසයක ම එක ම වර්ගයේ ලී නැත. වර්ණය නැත. ඒ කියන උදාහරණයෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේකේ පෙන්නුවේ, අර රූප ජාති රේඛා ළඟ තිබ්බොත් ජාතිය දුකයි. ඊළඟට සඤ්ඤා වේදනා රේඛාවේ අපි දානවා ඔතන පහළට ජරාව. ජරාව දුකයි. චේතනා පරාමාස භය අගති, එතන ව්‍යාධි. එතකොට ජාති, ජරා, ව්‍යාධි. දුක්ඛය ම තමයි තියෙන්නේ කියන අර්ථය ඇතිව තමයි වෙන් වීම කියන එක තියෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්