Date: 28/05/2019 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා, පූජාවෙන් පස්සේ.

මේක මේ අනුරාධපුරයේ දී කරපු භාවනාවක්. ඒ බුදුපියවරුන්ට කෘතඥතාවය පළ කරනවිට, මගේ identity card එක මිරිහානේ ඇතියි කියලා සිතිවිල්ලක් ආවා. දෙවෙනුව දෙවිවරුන්ට කෘතඥතාවය පළ කරනකොට මගේ identity card එක මිරිහානේ ඇතියි කියලා සිතිවිල්ලක් ආවා. මේක මනසේ බුදුපියවරු පැළ කරන්නක් ලෙස වැටහුණා. රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ “අත්තතො සමනුපස්සති,” යන ධර්මය සිහි කළා.

රූපය මම යැයි දකිනවා. “රූපං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා ජාතිය ඉඳන් රූපය දක්වා ඒ රේඛාවෙන් අපි ලකුණු කරනවා. වේදනාව මම යැයි දකිනවා. “වෙදනං අත්තතො සමනුපස්සති.” අන්න ඒ අවස්ථාවෙදි අපි විඤ්ඤාණ භය අගති සෝක වේදනා දක්වා ඇවිල්ලා ඒ වේදනාව තමා, කියලා ගන්නවා. ඊළඟට තුන් වෙනුවට සඤ්ඤාව මම යැයි දකී. “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” ඒක පරාමාසකායගන්ථයේ ඉඳන් චේතනාව දක්වා තියෙන රේඛාවේ ලකුණු කරනවා. ඊළඟට සංස්කාරයන් මම යැයි දකී. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති.” එතන අපි දන්නවා, මේ සංස්කාරයේ ඉඳන් විඤ්ඤාණය දක්වා අර නිත්‍ය සඤ්ඤාව කියන එක එනවා, අර ජීවිත ඉන්ද්‍රිය ළඟ ලකුණු කරන සංස්කාරය. අන්න ඒ සංස්කාරය අත්තා කියලා ගැනීම. ඊළඟට පස් වෙනියට එනවා විඤ්ඤාණය මම යැයි දකී. “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” ඒක අපි චේතනා ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා අර අත්ත චිත්තයෙන් ලකුණු කරලා පෙන්නනවා. ඉතින් ඔය අවස්ථාවේ දී අපි දන්නවා, අර විඤ්ඤාණයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය කියන එක ඇවිල්ලා, ඒ නිත්‍ය චිත්තයේ බල පෑම ඇතිව, ඊට පස්සේ ඉදංසච්චය ඉඳන් පරාමාසගත වෙලා, පරාමාසගත වූ අත්ත චිත්තය. ඒ අගය අනුව තමයි, මෙතන මේ චේතනාව ජීවිත ඉන්ද්‍රිය තැන ලකුණු වෙන්නේ.

එතකොට මෙහෙම කාරණා 5 බලලා, අවසානයට, මගේ identity card එක මිරිහානේ ඇතියි, යන්න සමඟ සම්බන්ධ වුණා. රූපය මෙතන ය, අනුරාධපුරයේ. Identity card එක මිරිහානේ, ඒ කියන්නේ අත්තා. Identity card එක තමයි අත්තා. එහෙම නම් මේ දෙක disjoined. මෙවිට නළල මැදින් ධම්ම චක්ඛුව, මතු වුණා. මෙවිට ආකාසානඤ්චායතන විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන යන තුන ම එකවර එකක් පසු කර අනෙක පෙනෙන්නාක් මෙන් විද්‍යාමාන වුණා. මේ සියල්ල ම බාහිර ධාතු යැයි දැනගත්තා.

උදාහරණයක් වශයෙන් තේජෝ ධාතු හය වෙනි ධ්‍යානයේ රූප. මෙම ආලෝක මගේ නොවේ යැයි ගත්තා. මෙසේ රූප සහ තමා, වෙන් වීම වටහා ගන්න ඕනෑ.

පාරිලෙය්‍ය සූත්‍රයේ ධර්ම කොටසකට සිත යොමු වුණා. “මහණෙනි, මේ ලෝකයේ ආර්යයන් නොදක්නා වූ, ආර්ය ධර්මයේ අදක්ෂ වූ, ආර්ය ධර්මයේ නොහික්මුණා වූ, සත්පුරුෂයන් නොදක්නා වූ, සත්පුරුෂ ධර්මයේ අදක්ෂ වූ, සත්පුරුෂ ධර්මයේ නොහික්මුණා වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ, රූපය මම යැයි දකී, රූපං අත්තතො සමනුපස්සති, යා ඛො පන සා, භික්ඛවෙ, සමනුපස්සනා සඞ්‌ඛාරො.” සංස්කාරය කියලා කියන්නේ he regards form as self. This regarding is a formation. එතකොට සංස්කාරයෝ කියලා කීවා ම, රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. මේ විදිහට විමසා බලන්නේ, සංස්කාරයන් චේතනාව ළඟ glue කිරීම මගින් ඇති කර ගත් බව සිතන්නේ, කූඤ්ඤය දැනුණා.

එතකොට අපිට පේනවා මේ වේදනාවේ ඉඳන් චේතනා දක්වා නාමරූප. ඊට පස්සේ චේතනාවෙන් ඒ සංස්කාර, ජීවිත ඉන්ද්‍රිය තියෙන තැන එතනින් විඤ්ඤාණය. චේතනා ළඟ glue කිරීම.

16/11/2015 අත්තානුදිට්ඨිය භාවනාවෙදි, චේතනා මගින් glue කරන්නේ කෙසේ ද, යන්න විමසලා තියෙනවා. යම් නාමරූප ධර්මයක් වේ ද, එයින් ඇති වෙන බලපෑම පරියුට්ඨානය හරහා චේතනා වීම සිදු විය. නාමරූප ධර්මයන්ගෙන් වන බලපෑම මානය. යම් චේතනාවක් වේ ද, එය ඉදංසච්ච හරහා විඤ්ඤාණගත වී, අවිද්‍යා ආශ්‍රව බවට පත් වෙයි. මෙසේ කැරකැවීමත්, කැරකැවීම නිසා ඇති වුණු ආස්වාදයත්, එක ම ධර්මයක් ලෙස වැටහෙන්නේ, වෙනස සොයා ගත නොහැකි වන්නේ, ඇලීම කියන එක සිද්ධ වෙනවා.

ඉතින් මේ අවස්ථාවේ දී අපිට diagram එකක් වශයෙන් පේනවා, අපි දන්නවා කබලිංකාර ආහාරය, ස්පර්ශ ආහාරය, ඔය දෙක අතර පහළින් පරියුට්ඨානය කියන එක ලකුණු වෙනවා. ස්පර්ශ ආහාරයෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව දක්වා, නාමරූප. එතකොට ඒ නාමරූපවලින් අපිට පේනවා මානය කියන එක ඇති වෙලා, ඒකේ මැඩ ගැනීම කියන එක ඇති වෙනවා.

උදාහරණයක් හැටියට කියනවා නම්, ඔය virgin soldier කෙනෙකුට අනිත් යුධ භටයෝ විහිළු කරනවා. අනිත් අය ඒ කාමයේ වරදවා හැසිරිලා තියෙනවා, එයින් ඇති වෙන මානය තියෙනවා. එතකොට දුස්සීලභාවය සිත මැඩ ගැනීම.

ඊළඟට අපිට පේනවා දකුණු පැත්තේ, චේතනා ඉදංසච්චය අවිද්‍යා ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රවයෙන් අත්ත සඤ්ඤාව ආපහු චේතනාව දක්වා එනවා.

එතකොට දකුණු පැත්තේ parallelogram එකක් මගින් glue වීම බුදුපියා පෙන්වා දුන්නා. ඒ කියන්නේ ඒ චේතනා ඉදංසච්චය අවිද්‍යා ආශ්‍රව අත්ත සඤ්ඤාව කියන එක. මේකේ විඤ්ඤාණ ධාරාව දුවවන්නේ ජීවිත ඉන්ද්‍රිය උණුසුම් වන්නේ ය. එවිට විඤ්ඤාණය මොළොක් වී චේතනාව ළඟ glue වන්නේ ය. හරියට glue heat කළා මෙන්. ඉතින් ඔතන π අකුරේ ධර්මයක සමඟ සම්බන්ධතාවකුත් තියෙනවා. ඔය විදිහට කොහොම ද වෙන්නේ කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.