ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
අද භාවනාවට ගත්තේ, අර උපාදාන පරිතස්සනා සූත්‍රය. ඒකේ කොටස් 5ක් බැලුවා. උපාදානයෙන් වන කැලඹීම. රූපස්මිං වා අත්තානං, වෙදනාය වා අත්තානං, සඤ්ඤාය වා අත්තානං, සඞ්‌ඛාරෙසු වා අත්තානං, විඤ්ඤාණස්මිං වා අත්තානං.
ඔහුගේ ඒ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ වෙනස් වෙනවා. අන් අයුරකට පෙරළෙනවා. වෙනස් වීම ගැන සිත යොමු වී තිබීමෙන් ඇති වූ කැලඹීම නිසා වන ධර්මයෝ සිත මැඩගෙන සිටී. සිත මැඩගෙන සිටීමෙන් තැති ගැනීම ඇත්තේ ද, සෝක ඇත්තේ ද අපේක්ෂා ඇත්තේ ද වෙයි. උපාදාන වී කැලඹෙයි, කියලා අපි බැලුවා.
එතකොට දැන් මේකේ කාරණා 5 බැලුවොතින්, රූපස්මිං වා අත්තානං කියලා, වේදනාව අත්තා ලෙස ගන්නේ, සුඛය නිසා මමංකාරයක් සිදු වෙයි. දැන් එම සුඛය මිය යන්නේ 5.4, ප්‍රිය වූ දෙයක් ඇති යැයි සිතා, ජාති දක්වා odd path එකේ පැමිණෙනවා. මනෝමය කායෙන් සිටින පුද්ගලයාට identity එකක් නැති යැයි හැඟෙනවා. රූප නැත. රටක් නැත. ජාතිය ඇති කරගත්තොත් එම රූපය මගින් identity ය සෑදේ. මෙසේ රූපය තුළ තමා ඇති යැයි කියලා හැඟෙනවා.
ඊළඟට වෙදනාය වා අත්තානං. එතෙන්දි අපි ගන්නවා පරාමාස ඉදංසච්චය පරිදේවය භය අගතිය සෝක වේදනාව කියන පථය. ඉතින් මේකේ මේ නිත්‍ය යන සඤ්ඤා විපල්ලාසය තියෙනවා ඔය පරාමාසකායගන්ථයේ ඉඳන් ඉදංසච්චයට ඇදෙනවා කියලා. එතකොට ඒ ජරා ස්වභාවය ඒ සෝකයට ඇතුළත් වන නමුත්, සුඛ යන මෝඩ මතය ඇත. මෙය, වෙදනාය වා අත්තානං, කියලා සාකච්ඡා කළා. මෙහි දී සුභය ම සනාථ වෙනවා.
ඕක පෙන්වා දීලා තියෙනවා, 31/10/2015 නිබ්බාන භාවනාවේ. විඤ්ඤාණය ඉඳන් වේදනාව දක්වා පැමිණිලා සුභය සනාථ වෙනවා. එය ම අවිද්‍යා අනුසය වන බව කියලා, සාකච්ඡා කරලා තියෙනවා. එහෙම නම් ඒ විඤ්ඤාණයේ ඒ උණුසුම තියෙනවා. ඉතින් මේ අවස්ථාව වන විට තවත් රවුම් 2ක් එහෙම ගිහිල්ලා. එහෙම නම් අවිද්‍යා අනුසය නිසා ඇති වෙච්ච බලපෑම කියන එක තියෙනවා.
එතකොට වේදනාව සහ විඤ්ඤාණය disjoint කියලා සිහි කරන්නේ, ඒ ධම්ම චක්ඛුව නැවතත් මතු වුණා. දැන් එතන උදාහරණයක් වශයෙන් ගත්තොතින් විඤ්ඤාණය හොද්ද කියලා ගත්තොතින් එහෙම, වේදනාව අපි ලුණු කියලා ගම්මු. වේදනාවේ අගය අඩු අවස්ථාව, ඒ කියන්නේ හොද්දේ ලුණු නැති යැයි කියලා පවසනවා. වේදනාව එකක්, විඤ්ඤාණය තව එකක්. ලුණු වැඩි අවස්ථාවෙදි, මේ හොද්ද කන්න බෑයි පවසනවා. එතකොට වේදනාවේ අගය වැඩි නිසා විඤ්ඤාණය නොසැලකිය යුතු බවට පත් වෙලා තියෙනවා. එහෙම නම් වේදනාව එකකි. විඤ්ඤාණය තව එකකි. මෙසේ disjoint වීම කියන එක වටහා ගන්න පුළුවනි.
ඉතින් මේ වෙලාවෙදි, සඤ්ඤා disjoint වීමත් සම්බන්ධ වුණා. ඒක අපි 18/05/2019 මේ මාසේ වෙසක් දවසේදි සාකච්ඡා කළා. කෙටියෙන් මතක් කරනවා නම් අපි දන්නවා ඔය “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියලා අපි ලකුණු කරනවා, ඔය චේතනාවයි පරාමාසකායගන්ථයයි අතර. ඉතින් එතකොට ඕකේ පල්ලෙහාට ගියොත් තියෙන්නේ ව්‍යාධිය.
ඊළඟට අපි දන්නවා තව රේඛාවක් සඤ්ඤාවයි වේදනාවයි අතර. ඊළඟට තව රේඛාවක් එනවා රූපයයි ගිද්ධිලෝභය අතර. “රූපං අත්තතො සමනුපස්සති,” කියලා ගන්නවා. ඉතින් ඔය “සඤ්ඤං අත්තතො සමනුපස්සති” කියන රේඛාව, ඔය රූපයයි ගිද්ධිලෝභය අතර තිබ්බත්, අපිට තියෙන්නේ ජාතිය. සඤ්ඤාවයි වේදනාවයි අතර තිබ්බොතින්, ජරාව. චේතනාව පරාමාස අතර ගත්තොතින් ව්‍යාධිය. ඉතින් කොතන හිටියත් දුක ම තමයි තියෙන්නේ කියලා දන්නේ, දක්නේ සඤ්ඤාව සහ විඤ්ඤාණය disjoint වීම කියන එක සිද්ධ වෙනවා.
ඒකත් අපි සාකච්ඡා කළා කොහොම ද? යම් සඤ්ඤාවක් වේ ද එමගින් ගොඩ නැගෙන විඤ්ඤාණය තුළ රෝගී බව ම පවතී. යම් විඤ්ඤාණයක් වේ ද ඒ තුළ සඤ්ඤාව පිළිබඳ හැඟීම ඇත්ද එහි රෝගී බව ම පවතී. හොද්දක ඇති ලූනු ගෙඩිය නරක් වෙලා කියලා හිතන්න පුළුවන්.
ඉතින් මෙතැනින් පස්සේ භාවනා කිරීම අපහසුයි. සිත නතර වීම කියන එක තියෙනවා.
එතකොට, දැන් තුන් වෙනිවට පෙන්නනවා, සඤ්ඤාව තුළ මම ඇති ය, කියලා “සඤ්ඤාය වා අත්තානං.” ඉතින් අපි දන්නවා ඒක ලකුණු වන්නේ, ජීවිත ඉන්ද්‍රියයි පරාමාසකායගන්ථය අතර. අර දිට්ඨි විපල්ලාසය. මේක දික් කළා ම එන්නේ සෝක ජරා කියන එකට. ඉතින් මෙතෙන්දි මේ ජරා වේදනා අසම්පජාන, ඒ අවිද්‍යා අනුසය මගින් මෙවැනි ජරා වූ සඤ්ඤාව ම තමයි ඔසවන්නේ කියන එක කල්පනා වෙනවා.
ඊළඟට හතර වෙනිවට සංස්කාර තුළ හෝ මා ඇතැයි කියලා දකිනවා. ඉතින් මෙතැන අපි දන්නවා පථය, විඤ්ඤාණ ආහාරය භය අගති වේදනා නාමරූප මනොසඤ්‌චෙතනා ජීවිත ඉන්ද්‍රිය කියන පථය. එතකොට, මනෝමය කායකින් ඉන්න පුද්ගලයාට, identity එකක් නැති යැයි කියලා හැඟෙනවා. රූප නැත. තමාට අයිති වූ රටක්, ලෝකයක් නැති යැයි කියලා හැඟෙනවා. කාමයේ වරදවා හැසිරීම යන සංස්කාරයේ මම ඇත. එවිට මට රූප ඇත. අදත්තාදාන, පාණාතිපාත යන සංස්කාරයේ මම ඇත. එවිට මට රූප ඇත. මෙම සංස්කාරයන්ගෙන් මම පවතිනවා යැයි කියලා වරදවා වටහාගෙන, එවැනි සංස්කාරයන්ට ම තුඩු දෙන රූප සොයාගෙන යනවා. මෙහි දී ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දොමනස්ස යන මුළු දුක්ඛ පොදිය ම දායාද කරගෙන උපාදාන පරිතස්සනා වෙනවා කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට මේකේ මේ disjoint වීම කියන එක, අපි සාකච්ඡා කරලා තියෙනවා කළින්. අර ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය අර නිත්‍ය දිට්ඨිය කියන කතාව එතන නැති වීම කියන එක.
මේ භාවනාවට පෙර ම ඒ බුදුපියා පෙන්නුවා, ඔය පහළ සංස්කාර, අපි දන්නවා නේ මෝහ අගතියේ ඉඳන් සංස්කාර පරිදේව කියන තැනට එන එක. ඒ පහළ සංස්කාර පරිදේව වන්නේ නම්, disjoint ය. ඒ කියන්නේ යමෙක් පවසනවා, ගෙවල් හැදුවහම කැඩෙනවා. ඒ නිසා මම ගෙවල් හදන්න යන්නේ නෑ, කියලා. අර චේතනා කරන්නේ නැහැයි කියන එක කිව්ව නේ. ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය රේඛාව දික් කළොත් එන්නේ චේතනාවට.
ඊළඟට, විඤ්ඤාණය තුළ හෝ මා ඇතැයි කියලා දකිනවා. “විඤ්ඤාණස්මිං වා අත්තානං.” ඉතින් ඒකෙ අපි දන්නවා අර diagram එකක් තියෙනවා, ඉදංසච්චය ජීවිත ඉන්ද්‍රිය අර නිත්‍ය දිට්ඨිය, එතනින් පරාමාසකායගන්ථය පහළින් පරිදේවය එතනින් ආපහු ඉදංසච්චයට එනවා කියලා. Anticlockwise කැරකෙනවා කියලත් අපි සාකච්ඡා කරලා තියෙනවා.
එතකොට ඉතින් සංස්කාර පරිදේව වූ පසු, නැවතත් ජීවිත ඉන්ද්‍රිය සොයා යන්නා වූ ඒ පරිදේවය ජීවිත ඉන්ද්‍රිය රේඛාව නිරූපණය කරන ධර්මයෝ “විඤ්ඤාණස්මිං වා අත්තානං.” ලෙස ගත යුතුයි කියලා සාකච්ඡා කළා.
කුමන ධර්මයක් මෙහි ඇතුළත් ද? ජීවිත ඉන්ද්‍රිය පෝෂණය කරන ධර්මයෝ. ඒවා මොනවා ද? මව් පියාගෙන් ලැබුණා වූ රූප. කබලිංකාර ආහාර, ස්පර්ශ ආහාර, මනොසඤ්‌චෙතනා ආහාර සහ විඤ්ඤාණ ආහාර. ඒකේ disjoint වීම කියන එක බැලුවා. ඒ පරිදේව ජීවිත ඉන්ද්‍රිය නොවීම. මෙහි දී පවසන්නේ, අර ගේ කැඩුණු පසු, පරිදේව වූ පසු, නැවතත් රූප කෑලි, විඤ්ඤාණ ආහාර භාවිතා කරලා ගෙයක් සෑදීමට නොයමියි කියන අර්ථයයි.
එතකොට සංස්කාර disjoint වීම පරිදේව වීමට පෙර. විඤ්ඤාණ disjoint වීම පරිදේව වුණාට පස්සේ කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.