ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
“සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගන්න කියලා පැවසුවා. ඒ ගාථාවේ “තිට්ඨං නරො මොහනස්මිං පගාළ්හො” කියන කොටස සිහි කළා. තිට්ඨං නරො. රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර බවට පැමිණියේ සිටී.”
ඉතින් මේකෙන් අනතුරුව, උපාදාන පරිතස්සනා සූත්‍රය අනුව, ඒකෙ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ සම්බන්ධයෙන් තුන් වෙනිවට සඳහන් වන කාරණාව මෙනෙහි කළා. එතකොට ඒකේ කාරණාවන් නම් තුනයි මෙනෙහි කළේ.
මා තුළ හෝ රූපය ඇති යැයි කියලා දකිනවා. “අත්තනි වා රූපං,” එතකොට එකේ අර පෙර අත්තා කියලා කියන්නේ, රූප සොයා යෑමේ දී ජීවිත ඉන්ද්‍රිය නිසා මනසේ සකස් වෙලා ඇති රූප ස්වභාවයක් පමණි. ඒ නටන මනුස්සයා, එයට ගැළපෙන සිංදුව සොයනවා. ඒ කියන්නේ, අපි දන්නවා අර භය අගතිය ඉඳන් පරාමාස දක්වා අහංකාරය. ඊට පස්සේ වේදනාවේ ඉඳන් සඤ්ඤාවට අර පෙර අත්තා කියලා අපි ලකුණු කරනවා. එතකොට ඒ අවස්ථාවේ දී අපි දන්නවා, මේ කෙනෙකුට හිතන්න පුළුවන් මේ අසනීප වෙච්ච කෙනෙක් හොඳ රූපයක්, ලෙඩ නැති රූපයක් හොයනවා. ලෙඩ නැති ස්වභාවයක් අත්තාට ඇති යැයි හිතනවා. එයට හොඳ ලෙඩ නැති රූපයක් හොයනවා. බෙහෙත් අරගෙන හරි, operation කරලා හරි එවැනි ප්‍රශ්න නැති රූප සොයනවා. මෙසේ ජීවිත ඉන්ද්‍රිය පිනවීමට සිතනවා. මෙම රූපය වෙනස් වීම නිසා ඔහු තැති ගනී. සෝකයට පත් වෙයි. අපේක්ෂා ඇති වෙයි. බේත් ගෙන හෝ සනීප වී හොඳ රූප ඇතිව ජීවත් වේ යැයි සිතනවා.
ඊළඟට දෙවෙනිවට මා තුළ හෝ වේදනාව ඇති යැයි දකිනවා. “අත්තනි වා වෙදනං” අන්න එතෙන්දි අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය පරාමාසකායගන්ථය සෝකය වේදනා. මෙහි නිත්‍ය යන චිත්ත විපල්ලාසය ඇත. චිත්තයේ වෙනස දන්නේ, බිඳුණු ජල පහර, දිට්ඨිය බිඳී ඇත්තේ, ඒ නිසා වූ ව්‍යාධි ස්වභාවය සෝකයට ඇතුළත් වන නමුත්, සුඛ යන මෝඩ මතය ඇත. ජීවිත ඉන්ද්‍රිය තුළ ලෙඩ ස්වභාවය නැති එකක්, හොඳ එකක් තමයි තියෙන්න ඕනෑ යැයි හිතනවා. එය සිදු නොවේ. මෙසේ කැලඹීමට පත් වෙනවා. ලෙඩ වූ මනුස්සයා ම නැවතත් ලෙඩ ම සොයනවා. රිදෙන්නේ නැති ශරීරයක් සොයනවා.
තුන් වෙනිවට ගත්තා, මා තුළ හෝ සඤ්ඤාව ඇතැයි දකී. “අත්තනි වා සඤ්ඤං.” අත්තා යැයි යම් අගයක් වේ ද, එය චේතනා මගින් නොනැසී පවත්වන අවස්ථාවයි. චේතනා, ජීවිත ඉන්ද්‍රිය මේ දෙදෙනා ළඟයි. ජීවිත ඉන්ද්‍රිය ඇති තැන ම ථීනමිද්ධය ලකුණු කරයි. රෝගී නැති සඤ්ඤා හොයනවා. ජීවිත ඉන්ද්‍රිය පිනවීමට සිතයි. නමුත් ඒවා නොලැබෙයි. සඤ්ඤා, චේතනා ද එක ළඟ ය. ලෙඩා බලන්න එන විට ගේන ලද දොඩම් ගෙඩිය පේනවා. ඒක තමයි සඤ්ඤාව. එය ද පුස් කාලා ඇත. ලෙඩා ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය, මෙම දේවල්වලින් සනීප කළ නොහැක. පින විය නොහැක. ඉතින් මේ අවස්ථාවෙදි මනස හරි ශාන්ත වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.