ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ “අත්තතො සමනුපස්සති,” යන ධර්මය සිහි කළා. රූපය මම යැයි දකී. “රූපං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා රූපයයි ජාතියයි අතර ලකුණු වෙනවා කියලා. ඊළඟට වේදනාව මම යැයි දකී. “වෙදනං අත්තතො සමනුපස්සති.” ඒක අර විඤ්ඤාණ භය අගති සෝක වේදනා. සඤ්ඤාව මම යැයි දකී. “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” ඒක පරාමාසකායගන්ථයයි චේතනාවයි අතර. සංස්කාරයන් මම යැයි දකී. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති.” අර ජීවිත ඉන්ද්‍රිය තැන ලකුණු කරන සංස්කාරය. විඤ්ඤාණයට අපි දන්නවා අර එතන නිත්‍ය සඤ්ඤාවක් දෙනවායි කියලා. විඤ්ඤාණය මම යැයි දකී. “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” එතන අපි දන්නවා චේතනා ජීවිත ඉන්ද්‍රිය දක්වා ලකුණු කරන අර අත්ත චිත්තය. පරාමාසගත වූ අත්ත චිත්තය. ඒක ඇවිල්ලා මේ ඉදංසච්චයේ ඉඳන් අර නිත්‍ය චිත්තයේ බල පෑම ඇතිව එන්නා වූ එක. කියන්නේ copy එක.
දැන් ඉතින් මේ අවස්ථාවෙදි මේ ජරාවට පත්වන්නා වූ ඇස් නොපෙනෙන, අනාගතය නොපෙනෙන ස්වභාවයට පත්වන්නා වූ රූපයන් මම යැයි ගනී. උදාහරණයක් වශයෙන් eye test එකක් කළා ම, optometrist කියනවා නම් ඇස කලින් වතාවට වඩා දුර්වලයි කියලා, අන්න ඒ වගේ අවස්ථාවක් අපි හිතමු. මෙවැනි රූප ගැනීමෙන් පරිතස්සනා agitation කියන එක, කැලඹීම කියන එක සිද්ධ වෙනවා.
ඉතින් කකචූපම සූත්‍රය මතක් වුණා. ඒකේ ගාථාව.
“න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි, මෙත්තා චිත්තො න දොසන්තරො.”
මගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමි. හිතානුකම්පා ඇත්තේ, මෛත්‍රි සිත් ඇත්තේ, ද්වේෂ සිත් නැත්තේ, වාසය කරමි.” මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් “my mind will be unaffected, and I shall utter no evil words, I shall abide compassionate for his welfare, with a mind of loving kindness and without inner hate. “
බුදුහාමුදුරුවෝ උදාහරණයක් දෙනවා. “මහණෙනි, යම් සේ පුරුෂයෙක් තෙම උදැල්ලක් හෝ කූඩයක් ගෙන එන්නේ ය. හෙතෙම මෙම මහ පොළොව මම නොපොළොවක් කරන්නෙමියි කියන්නේ ය. හෙතෙම මහ පොළොව, නොපොළොවක් වේවා, නොපොළොවක් වේවායි කියමින්, ඒ ඒ තැන සාරන්නේ ය. ඒ ඒ තැන පස් විසිරුවන්නේ ය. ඒ ඒ තැන කාරා දමන්නේ ය. ඒ ඒ තැන මුත්‍රා කරන්නේ ය. මහණෙනි, කුමක් සිතන්නාහු ද? ඒ පුරුෂයා මේ මහ පොළොව නොපොළොවක් කරන්නේ යැයි සිතන්නාහු ද? ස්වාමීනී, එසේ නොසිතන්නෙමු. ඊට හේතු කවරේ ද? ස්වාමීනී, මේ මහා පෘථිවිය වනාහි ගැඹුරු ය, අති විශාල ය. ඒ පෘථිවිය නොපොළොවක් කරන්නට නොහැකි ය. ඒ පුරුෂයා නම් කලාන්තයට ද, වෙහෙසට ද හිමි වන්නේ ය.”
ඉතින් බුදුහාමුදුරුවෝ මෙතන පෙන්නනවා, “පංචිමා භික්ඛවෙ වචන පථා” කියලා. ඒකේ පෙන්නනවා, “කාලෙන වා, අකාලෙන වා, භූතෙනවා, අභූතෙනවා, සණ්හෙනවා, පරුසෙනවා, අත්ථසංහිතෙන වා, අනත්ථසංහිතෙන වා, මෙත්තා චිත්තා වා, දොසන්‌තරා වා” කියලා. මහණෙනි, කල්හි, නොකල්හි, ඒක තමයි පළවෙනි එක. දෙවෙනියට සත්‍යයෙන් හෝ අසත්‍යයෙන්, තුන මෘදු වූ හෝ රළුව. හතරට එනවා, අර්ථ සංහිතයි හෝ අනර්ථ සංහිතයි. පහට එනවා, මෛත්‍රි සහගත සිත් ඇතිව එහෙම නැත්නම් කිපීම් සිත් ඇතිව, අන්‍යයන් තොපට කියන්නා වූ මේ වචන පසක් වෙති. එහි තොප විසින් මෙසේ හික්මිය යුතු ය. “අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමු. අනුකම්පාවෙන් යුතුව මෛත්‍රි සහගත සිත් ඇතිව, නොකිපී සිත් ඇතිව වාසය කරන්නෙමු. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රි සිත පතුරුවා වාසය කරන්නෙමු.”
ඉතින් මේකේ පෙන්නනවා, “තදාරම්මණඤ්ච සබ්බාවන්තං ලොකං පඨවිසමෙන චෙතසා” කියලා. “විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්‍යාපජ්ජන ඵරිත්වා විහරිස්සාමාති. එවං හි වො භික්ඛවෙ සික්ඛිතබ්බං.” හික්මෙන්න කියලා මේ විදිහට ශික්ෂාවක්. Restraint එකක්. පොළොව හා සමාන සිතින් පතුරුවා වාසය කරන්නෙමු. වසන්නෙමු. ඒ කියන්නේ සිත මහත් ගතයි. රූප කොටසකින්, ශබ්ද කොටසකින්, ඒක සොලවන්න බෑ.
ඊළඟට ආපහු බුදුහාමුදුරුවෝ උදාහරණයක් දෙනවා. මේ පුද්ගලයෙක් තීන්ත එහෙම අරගෙන ඇවිල්ලා, ආකාසයේ තීන්තවලින් රූප ඇඳීම කියන එක. මේක කරන්න බෑ නේ. ආකාසයේ රූප රහිතයි, දැකීම් රහිතයි. ඒ රූප ඇඳීම, රූප පහළ කිරීම පහසු නොවෙයි. යමෙක් වචන පහ, පස් ආකාරයට කියන අවස්ථාවෙදි, අන්න එතෙන්දිත් ආපහු අර ගාථාව ගන්නවා. “ න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති” කියන එක. මේක repeat කරන්න ඕනෑ, එකින් එකට. අන්න එතෙන්දි බුදුහාමුදුරුවෝ පෙන්නනවා “ආකාස සමෙන චෙතසා” කියලා. ආපහු හික්මෙන්න කියලා. ඒ කියන්නේ ආකාසානඤ්චායතන අවස්ථාව මෙන් සිතන්න ඕනෑ. රූපයෙන් එපමණට ඉවත් වී ඇත්තේ නම්, රූප ශබ්දවලින් විපරිණතභාවයට සිත පත් නොවේ.
ඊළඟට ආපහු උදාහරණයක් පෙන්නනවා. “මහණෙනි, පුරුෂයෙක් ඇවිලෙන්නා වූ තණසුලක් ගෙන එන්නේ ය. හෙතෙම, මම මේ ඇවිලෙන්නා වූ තණසුලෙන් ගංගා නම් නදිය උණු කරන්නෙමි. කකාරවන්නෙමියි කියන්නේ ය. මහණෙනි, ඒ පුරුෂයා ඇවිල ගත් තණසුලෙන් ගංගා නම් නදිය උණු කරන්නේ ය, කකාරවන්නේ යැයි සිතන්නාහු ද?” ඉතින් හාමුදුරුවරු පෙන්නනවා “ගංගා නම් නදිය ගැඹුරු ය, අප්‍රමාණය. ගංගා නම් නදිය ඇවිල ගත් තණසුලෙන් උණු කරන්නට, කකාරන්නට පහසු නොවේ. ඒ පුරුෂයා නම් වෙහෙසට දුකට කොටස් කාරයෙක් වන්නේ ය.” එතකොට ආපහු බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමෙක් අර වචන පස් ආකාරයට කියන අවස්ථාවෙදි, අර ගාථාව. “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති,” කියන එක හොඳට ගන්නවා. අන්න එතෙන්දි පෙන්නනවා “ගංගා සමෙන චෙතසා” කියලා. ගංගාවට සමාන කරලා විපුලෙන මහග්ගතෙන කියලා. ආපහු හික්මෙන්න කියලා කියනවා. ඉතින් ඕක විඤ්ඤාණඤ්චායතන අවස්ථාව මෙන් සිතන්න ඕනෑ. කුඩා වූ තණසුලේ තේජෝ ධාතුව මගින් ගංගා නම් නදිය උණු කරන්නට බැරි වෙනවාක් මෙන්, පස් ආකාරයට කියන ලද්දා වූ වචනවලින් රත් කිරීමට ද බැරි තරමට මනස විශාල කරගන්න ඕනෑ.
දැන් මනුස්සයෝ වචන කීවා ම පෙළක් අය රත් වෙනවා නේ ඒ වචන අහලා. අන්න ඒ විදිහට තමන් ලෑස්ති කරගන්න ඕනෑ. සූදානම් කරගන්න ඕනෑ. එපමණට රූප, වේදනාවලින් ඉවත් වෙන්න ඕනෑ. මගේ යැයි නොගත යුතුයි.
ඊළඟට බුදුහාමුදුරුවෝ උදාහරණයක් දෙනවා. “මහණෙනි, මදින ලද්දා වූ, මනාව මදින ලද්දා වූ, මෘදු වූ පුළුනක් වැනි, සර සර යන ශබ්ද නැති, බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බියක් වෙයි. ඉක්බිති දණ්ඩක් හෝ ගල් කැටයක් හෝ ගෙන පුරුෂයෙක් එන්නේ ය. හෙතෙමේ මෙසේ කියන්නේ ය. මම මේ මදින ලද, මොනවට මදින ලද, හාත්පස මදින ලද, මෘදු වූ පුළුන් වැනි, සර සර යන ශබ්ද නැති, බර බර යන ශබ්ද නැති බළල් සමින් කළ පසුම්බිය දණ්ඩෙන් හෝ ගල් කැටයෙන් හෝ සර සර යන ශබ්ද ඇති කරන්නේ ය, බර බර යන ශබ්ද ඇති කරන්නෙමි” කියලා.
දැන් අපි දන්නවා ඔය බළල් සමින් කළ පසුම්බියක් මැදලා නැත්නම් ඒක අර ශබ්දයක් දෙනවා, හයිය ගතිය නිසා. නමුත් ඒක මැද්දට පස්සේ, ඒක මෘදු වෙලා තියෙනවා ඒකෙන් ශබ්ද එන්නේ නෑ. එතකොට ඒකෙන් ශබ්ද කරන්න පුළුවන්කමක් නෑ නේ.
ඒ බළල් සමින් කළ පසුම්බිය මදින ලද්දා වූ, මනා කොට මදින ලද්දා වූ, හාත්පස මදින ලද්දා වූ, මෘදු වූ පුළුනක් වැනි, සර සර ශබ්ද නැති, බර බර ශබ්ද නැති දෙයක් වන්නේ ය. ඒක කැටයකින් දණ්ඩකින් සර සර යන ශබ්ද ඇති කරන්නට, බර බර යන ශබ්ද ඇති කරන්නට පහසු නොවන්නේ ය. ඒ පුරුෂයා නම් වෙහෙසට, දුකට කොටස් කාරයෙක් වන්නේ ය. ආපහු බුදුහාමුදුරුවෝ පෙන්නනවා යමෙක් මේ වචන පස් ආකාරයට කියන අවස්ථාවෙදි, අර ගාථාව. “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාම.” ඒ විදිහට ඒ ගාථාව ආපහු ගන්නවා.
අන්න ඒකෙ පෙන්නනවා, මේ “බිළාර භස්තා සමෙන” කියලා. ඒ කියන්නේ අර බළල් හමින් කළ පසුම්බියට උපමා කරලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා, ඒක හොඳින් මදින ලද්දේ, එතකොට නමන්නේ ශබ්ද නොවෙයි. එසේ ම හිස් බැවින් යුත් ආකිඤ්චඤ්ඤායතනය, රහතන් වහන්සේ උදව් කළා මේ අවස්ථාවෙදි, “ශුන්‍යතාවයට නැමී ඇත්තේ, ශබ්දය මගින් අශුන්‍යතාවයට පත් කළ නොහැකි තරමට මනස ශුන්‍යතාවයට ම නැමී ඇති බැවින්, සිත විපරිණතභාවයට පත් නොකර පවත්වා ගත හැකි ය.” මෙසේ හික්මීම mind restraint.
ඉතින් මේ වෙලාවෙදි අර disjoint වීම කියන එක, හොඳයි, කියන එක ආවා. සඤ්ඤා disjoint. ඉන්ද්‍රිය සංවරයත් disjoint වීමත් දෙක ම අවශ්‍යයි. රූප මගේ නොවේ යැයි ගැනීමට. ඉතින් මේ වෙලාවේදි අර මණ්ඩලාධිපති බුදු පියාගේ පථය සිහි වුණා. අභිජ්ඣා නොවීම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.