Date: 21/06/2019 Name: Nibbana

ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම භාවනාවට ගත්තේ, “සත්තො ගුහායං” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, අපි “තිට්ඨං නරො” රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. එතකොට විඤ්ඤාණයේ යමක් ඇති නිසා වන ස්පර්ශය, එයින් වන බලපෑම ඉවත් කිරීමට, විසිවස්තුක සක්කාය දිට්ඨි ඉවත් කළ යුතු යැයි වැටහුණා.

දැන් එතකොට එතෙන්දි ගත්තා. න රූපං අත්තතො සමනුපස්සති. න වෙදනං අත්තතො සමනුපස්සති. න සඤ්ඤං අත්තතො සමනුපස්සති. න සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති. න විඤ්ඤාණං අත්තතො සමනුපස්සති. ඒ කියන්නේ, අර අත්තා table එක දාලා තියෙනවා, ඒකේ පළවෙනි column එක නැති වීම කියන එක සිහි කළා. ඉතින් ඒක, රූපං අත්තතො සමනුපස්සති, කියන එක එහෙම තමන් හොඳට බලලා තියෙන්න ඕනෑ. එතකොට ඒක සිහි කළා කියලා කියන්නේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ කිසිවක් මගේ යැයි නොගනී.

මෙයින් ඇති වන සම්මා දිට්ඨිය සමඟ, අර මණ්ඩලාධිපති බුදුපියා පෙන් වූ පථය ඔස්සේ ගමන් කරනවා. ඒ පථය නැවතත් මතක් කරලා දෙනවා නම්, සම්මා දිට්ඨිය, ඒ සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, ඕතප්පයෙන් විරිය, විරියෙන් ඡන්ද සමාධිය. එතකොට ඒ path A තමයි ඔය කිව්වේ. එතකොට අභිජ්ඣා නොවීම තමයි ඒ path A එකේ තියෙන්නේ. මේ සඳහා ඉන්ද්‍රිය සංවරය. එතකොට සංවර නොවන්නේ නම් මුට්ඨ සතිය. සංවර වන්නේ සතිය. ඉතින් මේකේ අභිජ්ඣා නොවී සිත පවත්වා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා. ඉතින් ඒකේ path B එකත් ඔයගොල්ලන්ට බලන්න වෙනවා, අර නිපකයේ ඉඳන් අභිජ්ඣා වුණොත් දොමනස්සය වෙනවා කියලා දැනගෙන තමයි මේ ඉන්ද්‍රිය සංවරය කියන එක කරන්නේ.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Attatable/Attatable-01.jpg


s_Ayatana2/s_Ayatana2-03.jpg