Date: 26/06/2019 Name: නිබ්බාන

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා,

මම 21/06/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. “සත්තො ගුහායං” ගාථාවේ රූප ඡන්ද, වේදනා ඡන්ද සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදේ. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, අපි “තිට්ඨං නරො,” රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. විඤ්ඤාණයේ යමක් ඇති නිසා වන ස්පර්ශය, එයින් වන බලපෑම ඉවත් කිරීමට, විසිවස්තුක සක්කාය දිට්ඨිය ඉවත් කළ යුතු යැයි අපි ජූනි 21 වෙනිදා භාවනාවේදි සාකච්ඡා කළා.

න රූපං අත්තතො සමනුපස්සති. න රූපවන්තං වා අත්තානං. න අත්තනි වා රූපං. න රූපස්මිං වා අත්තානං. න වෙදනං අත්තතො සමනුපස්සති. න වෙදනාවන්තං වා අත්තානං. න අත්තනි වා වෙදනං. න වෙදනාය වා අත්තානං යන ධර්ම කාරණා අට සිහි කළා.

මේකේ අනිත් පැත්ත, අත්තනි වා රූපං, අත්තනි වා වෙදනං, ඒවා ගන්නා විට, anticlockwise rotation, රූප සොයා යෑම සිදු වෙන බව සිහි වුණා. ජීවිත ඉන්ද්‍රිය කැරකෙන්නේ අනිත් පැත්තට.

එතකොට නම වෙනි කාරණය සඳහා, “න අත්තනි වා සඤ්ඤං.” දැන් විරුද්ධ පැත්ත “අත්තනි වා සඤ්ඤං,” කියලා ගන්න එක. මෙහි දී clockwise rotation එක, මෝහයට යනවා කියන එක පේනවා. ඒ කියන්නේ මනොසඤ්‌චෙතනා ආහාරයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා, අපි දන්නවා අත්තා යැයි යම් අගයක් වේ ද, එය චේතනාව මගින් පවත්වනවා. අර b2, අත්ත චිත්තය කියන එක.

දැන් ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය දෙපැත්තකට ගමන් කරනවා. වරක අපි රූපයට යනවා. අනෙක් වර මෝහයට යනවා. මේ දැකීමත් සමඟ සිත නතර වෙනවා, නිරෝධය ඇති වෙනවා.

අනිත් අතට අපිට පේනවා, මේ විසිවස්තුක සක්කාය දිට්ඨියේ, අත්තා table එකේ තුන් වෙනි සහ හතර වෙනි columns වල, කරුණු පහකදී ම anticlockwise rotation. ඒ කියන්නේ, අත්තනි වා රූපං, අත්තනි වා වෙදනං, අත්තනි වා සඞ්‌ඛාරෙ, අත්තනි වා විඤ්ඤාණං, විඤ්ඤාණස්මිං වා අත්තානං. මෙම පස් ධර්මයේදි ජීවිත ඉන්ද්‍රිය රූප සොයා යනවා.

එතකොට මින් අනතුරුව මේ lightning sign එක භාවිතා කරලා ඒ repair භාවනාව කළා. පරිදේව වූ සංස්කාර මගින් සඤ්ඤා සුඛ යැයි පවසනවා. එනම් සංස්කාර බිඳුණු පසු රූප සොයා යනවා. අන්න එතකොට anticlockwise rotation. “විඤ්ඤාණස්මිං වා අත්තානං,” යන කාරණයෙන් පටන්ගෙන විමසීම කරන්න පුළුවන්. ඒකේ අපි දන්නවා අර ජීවිත ඉන්ද්‍රිය පරාමාසකායගන්ථ පරිදේව ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය. මැද්දේ තියෙනවා අර පරිදේව ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා තියෙන රේඛාවෙන් නිරූපණය කරන ධර්මයෝ. එතකොට ඒක සොයාගෙන යනවා කියන එක. එතකොට මේ විදිහට රූප සොයාගෙන යෑමේ දී, සඤ්ඤාව සුඛයි කියලා පවසනවා. එතකොට එහෙම නම් අපිට පේනවා පරිදේව පරාමාස සඤ්ඤා එතන සුඛයි කියන එක ඇවිල්ලා තියෙනවා. ඉතින් එතනින් සඤ්ඤාවෙන් චේතනා වෙලා අන්න අර b2 අත්ත චිත්තය. අන්න එතකොට ඒක clockwise යන්නේ.

දැන් ඊට පස්සේ අපිට පේනවා, සෝකය මගින් රූපය සුඛ යැයි කියලා පවසනවා. එතකොට එහෙම නම් භය අගති සෝක වේදනා රූප ඒ රේඛාව එනවා. එහෙම නම්, එතන අපිට පේනවා මේ ජීවිත ඉන්ද්‍රියෙන් පටන් ගත්තා ඒ පරාමාස සෝක වේදනා. “අත්තනි වා වෙදනං.” ජීවිත ඉන්ද්‍රිය සෝක වේදනා ඒක anticlockwise. එතකොට ඒක රූප සොයාගෙන යනවා.

එතකොට එහෙම නම් අපිට පේනවා, සෝකය හරහා පැමිණි බැවින්, වේදනාව හොඳ නැති යැයි පැවසුවත් සඤ්ඤාව මෝහය කරා මෙහෙයවීම කියන එක තියෙනවා. Lightning sign එකෙත් අපිට පේනවා ඔය, බැලුවහම එක පැත්තකට වේදනාව කියනවා රූපයට යන්න කියලා. සඤ්ඤාව කියනවා, නෑ මෝහයට යන්න කියලා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

Attatable/Attatable-01.jpg


Repair_bhavana/Repair_bhavana-02.jpg