Date: 11/07/2019 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ.

මම 03/06/2019 නිබ්බාන භාවනාව නැවතත් කරගෙන ගියා. එතකොට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, “අත්තතො සමනුපස්සති,” කියන ධර්මය සිහි කළා. රූපය මම යැයි දකිනවා. අර ජාති රූපයයි අතර තියෙන එතන, “රූපං අත්තතො සමනුපස්සති.” වේදනාව මම යැයි දකී. “වෙදනං අත්තතො සමනුපස්සති.” විඤ්ඤාණ භය අගති සෝක වේදනා. සඤ්ඤාව මම යැයි දකී. “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” එතකොට අර චේතනාවයි පරාමාසකායගන්ථයයි අතර තියෙන කොටස. ඊළඟට හතර වෙනුව, සංස්කාරයන් මම යැයි දකී. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති.” එතකොට අර ජීවිත ඉන්ද්‍රිය තැන ලකුණු කරන සංස්කාරය. විඤ්ඤාණය නිත්‍යයි කියලා සඤ්ඤාවක් ඇතුව තියෙන එක. ඊළඟට විඤ්ඤාණය මම යැයි දකී. “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා චේතනාවයි ජීවිත ඉන්ද්‍රියයි ළඟ ලකුණු කරන අර අත්ත චිත්තය.

එතකොට මේ ජරාවට පත්වන්නා වූ ඇස, අනාගතය නොපෙනෙන ස්වභාවයට පත්වන්නා වූ රූපයන්, මම යැයි කියලා ගන්නවා. උදාහරණයක් වශයෙන් eye test එකක් කළා ම, optometrist ඇස ගිය පාරට වඩා දුර්වලයි, කියලා කියනවා. එතකොට මෙවැනි රූප ගැනීමෙන් අපි කැලඹීමට පත් වෙනවා. Agitation කියන එක වෙනවා. ඉතින් ඔය අවස්ථාවෙදි, අපි සාකච්ඡා කළා.

“න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි, මෙත්තා චිත්තො, න දොසන්තරොති.” කියලා.

එතකොට මගේ සිත නොපෙරළේවා, ලාමක වචන නොකියන්නෙමි. හිතානුකම්පා ඇත්තේ, මෛත්‍රි සිත් ඇත්තේ, ද්වේෂ සිත් නැත්තේ, වාසය කරමි කියලා.

ඉතින් ඔතන, බුදුහාමුදුරුවෝ උදාහරණයක් දෙනවා. අර පුරුෂයෙක් උදැල්ලක් හා කූඩයක් ගෙනැල්ල, ඒ තැන් තැන්වල මහ පොළොව මම නොපොළොවක් කරන්නෙමියි කියනවා කියලා. එහෙ මෙහේ හාරනවා, කෙළ ගහනවා කියලා. නමුත් ඒ පුද්ගලයාට එහෙම කරන්න හම්බවෙන්නේ නෑ.

බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවෙදි පෙන්නනවා, කල්හි නොකල්හි. සත්‍යයෙන් හෝ අසත්‍යයෙන්. මෘදු වූ හෝ රළු වූ. අර්ථ සහිත වූ හෝ අනර්ථ සහිත වූ. මෛත්‍රි සහගත සිත් ඇති වූ හෝ කිපී සිත් ඇතිව, අන්‍යයන් කියන අවස්ථාවෙදි හික්මෙන්න කියලා. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. අනුකම්පාවෙන් යුතුව මෛත්‍රි සහගත සිත් ඇතිව, නොකිපී සිත් ඇතිව වාසය කරන්නෙමි කියලා. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රි සිත පතුරුවලා වාසය කරනවා කියලා.

ඉතින් මේ වෙලාවෙදි, මේ “පඨවිසමෙන” කියලා පෙන්නනවා. පොළොව හා සමාන වූ සිත පතුරුවා වාසය කරනවා කියලා. ඉතින් මේ වේලාවේ, සිත මහග්ගතයි. රූප කොටසකින් හෝ ශබ්ද කොටසකින් හෝ ඒක සොලවන්න නොහැකියි කියලා සාකච්ඡා කළා. ඉතින් මේ අවස්ථාවෙදි පඨවි ධාතුව මගේ නොවන ලෙස සලකලා භාවනාව කළා.

ඊළඟ උදාහරණයේ දී පෙන්නනවා. අර ආකාසයේ පින්සලකින් රූප ඇඳීම කරන්න හදනවා. ඉතින් මේක කරන්න බැහැයි කියන එක. මේ අවස්ථාවෙදිත් අර, “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති” කියලා ගන්නවා. ආකාසානඤ්චායතන අවස්ථාව මෙන් සිතන්න කියන එක අපි සාකච්ඡා කළා. ඉතින් අපිට පේනවා මේ රූප අඳින්න තීන්ත භාවිතා කරන්න ඕනෑ. තීන්ත ආපෝ ධාතු. ඔය අඳින්න නම් background එකක් කියන එක තියෙන්න ඕනෑ. නැත්නම් අඳින්න බෑ නේ. එතකොට එතන අපිට පේනවා භය අගති වේදනා රූප කියන කොටස. එතකොට රූප ඇති යැයි සිතනවා. ඒ කියන්නේ තීන්ත ඇති යැයි කියලා සිතනවා. අන්න background වගේ ඒක එනවා. ඊළඟට වේදනාව තීන්ත නිසා වේදනා ඇති යැයි කියලා සිතනවා. ඉතින් භය අගතියේ ඉඳන් වේදනා දක්වා එන කොටස, ඒක නැති වෙන්න ඕනෑ කියන එක පේනවා අපිට.

ඊළඟ උදාහරණයේ දී පෙන්නනවා. අර පුරුෂයෙක් තණසුලක් අරගෙන ඇවිල්ලා අර වතුර, ගංගා නම් ගඟ උණු කරනවා කියලා. නමුත් ඒක එහෙම කරන්න බෑ. ඒ වෙලාවේදිත් අර “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති” කියන එක භාවිතා කරන්නයි කියලා. ඉතින් ඔතන විඤ්ඤාණඤ්චායතන අවස්ථාව මෙන් හිතන්න කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අර පස් ආකාරයකින් වචන කිව්වට, ඒ වචනවලින් රත් කිරීමට බැරි තරමට මනස විශාල කරලා පවත්වා ගන්න ඕනෑ. ඒ තරමට රූප, වේදනාවලින් ඉවත් වෙලා තියෙන්න ඕනෑ කියන එක.

ඉතින් ඔතෙන්දි අපිට පේනවා මේ තේජෝ ධාතුව මගින් තමයි රත් වීම. යම් තේජෝ ධාතුවක් වී ද ඒ මගින් රත් වීමට ස්පර්ශ විය යුතුයි. කුමක් ස්පර්ශ වන්නේ ද? මනෝමය කායයි. භය අගති වේදනා, වේදනා චේතනා නොවන ප්‍රමාණයට ස්පර්ශ නොවන්නේ නම්, විඤ්ඤාණඤ්චායතනය කියන එක සිද්ධ වෙනවා. ඒ කියන්නේ සුභය කියන එක සනාථ නොවෙන්න ඕනෑ. එනම් “වෙදනං අත්තතො සමනුපස්සති,” කියන එක නොවෙන්න ඕනෑ කියන එක පේනවා.

ඊළඟ උදාහරණයේ දී පෙන්නනවා. අර බළල් සමින් කළ පසුම්බියක්, අර හොඳට මැදපු අවස්ථාවක්. අර පුද්ගලයෙක් ඇවිල්ලා මේක මම ශබ්දයක් කරනවා යැයි කියලා කියනවා. එතකොට අන්න ඒ අවස්ථාවෙදිත් ඒ වචන පස් ආකාරයට කියන අවස්ථාවෙදිත් “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති” කියන එක පෙන්නුවා.

එතකොට අර බළල් සමින් කළ පසුම්බිය හොඳින් හදලා තියෙනවා නම් ඒක නැමුවාට සද්දයක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ මේ හිස් බවින් යුතු ආකිඤ්චඤ්ඤායතනය ශුන්‍යතාවයට ම නැමී ඇත්තේ, ශබ්දය මගින් අශුන්‍යතාවයට පත් කළ නොහැකි තරමට මනස ශුන්‍යතාවයට ම නැමී ඇති බැවින්, සිත විපරිණතභාවයට පත් නොකර පවත්වා ගත හැකි ය. මෙසේ හික්මීම mind restraint කියන එක බලලා තියෙනවා. මෙන්න මේ අවස්ථාව මේ වායෝ ධාතුව මෙන් හිතන්න ඕනෑ. පසුම්බියේ ශබ්දය, චලනය වායෝ ධාතුව මගිනි. එනම් යම් වායෝ ධාතුවක් වේ ද, එය මගින් යම් චලනයක් වේ ද, එම චලනය නැවැත්විය යුතු ය.

එනම් වේදනා චේතනා, චේතනා ඉදංසච්ච, කියන එක නැවතීම කළ යුතුයි. ඉතින් ඔතන චේතනාවේ ඉඳන් ඉදංසච්ච දක්වා වායෝ ධාතුව කතාව එනවා. වේදනාවේ ඉඳන් චේතනා දක්වා නාමරූප කතාව එනවා. අපි දන්නවා ඔය දෙක කපන්න ඕනෑ කියලා නේ ද? වේදනා චේතනා, චේතනා ඉදංසච්ච. මේ සඳහා යම් නාමරූප ධර්මයන්ගේ නිරුද්ධ වීමක් වේ ද, එය පැවතිය යුතුයි. කුමක් රූප වූයේ ද? කුමක් නාම වූයේ ද? වේදනා මගින් ඉදිරිපත් කරනු ලබන රූපයි.

වේදනාවේ චලනය මගින්, වෙනස් වීම මගින් ඇති වන සියුම් රූප ස්වභාවය ඉක්මවිය යුතුයි. මෙම වෙනස් වීම චලනයන් නිසා ඇති වෙන චේතනා අගයෝ නාමකායේ තැන්පත් වීම කියන එක නවත්වන්න ඕනෑ. ඒ කියන්නේ, “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති,” නොවෙන්න ඕනෑ. මේක සඳහා “න අත්තනි වා සඤ්ඤං,” කියන එක වෙන්න ඕනෑ.

ඉතින් මේ වෙලාවෙදි disjoint වීම හොඳයි සඤ්ඤා disjoint වීම. ඉන්ද්‍රිය සංවරය disjoint වීමත් දෙක ම අවශ්‍යයි රූප මගේ නොවේ යැයි ගැනීමට. ඉතින් මේ වෙලාවේදි අර මණ්ඩලාධිපති බුදු පියාගේ පථය සිහි වුණා. අභිජ්ඣා නොවීම කියන එක.

ඒක තමයි මම කළ භාවනාව. ඉතින් මම තව ටිකක් විස්තර කරනවා නම්, වේදනාවේ චලනය කියන එක. කය යම්, යම් ස්ථාන ස්පර්ශ වීමේ දී වේදනාවන් වෙනස් වෙනවා. දිවේ ස්පර්ශය, කනේ ස්පර්ශය ආදී වශයෙන් වෙනස ඇත. මේ කය නිසා වේදනා චලනය වෙනවා. ආකාස ධාතුව ස්පර්ශ වීමෙන් මෙම වේදනාවේ චලනය. ඒක move වීම කියන එක වෙනවා. කයේ ස්පර්ශය නිසා ඇති වුණා වූ වේදනාව එකක්, ආකාස ධාතුව ස්පර්ශ නිසා තව එකක්. එතකොට හය වෙනි ධ්‍යාන සහිත වන්නේ, මෙය වෙන ආකාර වෙනවා. එනම් තේජෝ ධාතුව නිසා චලනය වෙනවා. අර ආකිඤ්චඤ්ඤායතනයේ දී වේදනාවේ චලනයට ප්‍රතිචාර නොදක්වයි. එය මැකී ගොස් ඇත කියන එක. එතකොට ඒක තමයි ඒ පැහැදිලි කිරීම.

ඒක තමයි මං කරපු භාවනාව.