Date: 13/07/2019 Name: Nibbana

පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට ගත්තේ, ඒ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ. “අත්තතො සමනුපස්සති,” කියන ධර්මය සිහි කළා. රූපය මම යැයි දකී. “රූපං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා මේ ජාතියයි රූපය අතර. “වෙදනං අත්තතො සමනුපස්සති.” එතකොට එතන අපි දන්නවා, විඤ්ඤාණ භය අගති සෝක වේදනා. “සඤ්ඤං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා, චේතනාවයි පරාමාසකායගන්ථයයි අතර. “සඞ්‌ඛාරෙ අත්තතො සමනුපස්සති” එතන අපි දන්නවා, ජීවිත ඉන්ද්‍රිය ළඟ ලකුණු කරන සංස්කාරය, අර නිත්‍ය සඤ්ඤාවක් විඤ්ඤාණයට දෙන එක. ඊළඟට “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති.” ඒක අපි දන්නවා චේතනාවයි ජීවිත ඉන්ද්‍රිය ළඟ අත්ත චිත්තය ඇතිව ලකුණු කරන එක.

එතකොට මේ ජරාවට පත්වන්නා වූ ඇස, අනාගතය නොපෙනෙන ස්වභාවයට පත්වන්නා වූ රූපයන්, මම යැයි කියලා ගන්නවා. උදාහරණයක් වශයෙන් eye test එකක් කළා ම, optometrist කියනවා නම් කලින් වතාවට වඩා ඇස දුර්වලයි කියලා, ඉතින් ඒ වෙලාවේ තමන්ගේ සිත කැලඹෙනවා. මෙවැනි රූප ගැනීමෙන් පරිතස්සනා agitation, කැලඹීමට පත් වීම කියන එක තියෙනවා. ඉතින් එතෙන්දි ඒ වචනවල දී කැලඹෙන්න නැති වෙන්න,

“න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි. හිතානුකම්පී ච විහරිස්සාමි, න දොසන්තරොති” කියන ගාථාව භාවිතා කරනවා.

ඉතින් ඕකෙ අපි සාකච්ඡා කරලා තියෙනවා, ඒ පුරුෂයෙක් උදැල්ලක් අරගෙන ඇවිල්ලා මම මේ මහ පොළොව නොපොළොවක් කරනවයි කියලා එහෙන් සාරනවා මෙහෙන් හාරනවා, කෙළ ගහනවා ආදී වශයෙන්. නමුත් ඒක එයාට එහෙම කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ. මහ පොළොව විශාලයි. අන්න ඒ වගේ මනස විශාල කරලා තියෙන්නේ කියලා.

එතෙන්දි බුදුහාමුදුරුවෝ පෙන්නනවා, “පඤ්චිමෙ භික්ඛවෙ වචන පථා” කියලා. මහණෙනි, කල්හි නොකල්හි හෝ, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ, මෘදු වූ හෝ රළුව හෝ, අර්ථ සහිත හෝ අනර්ථ සහිත හෝ, මෛත්‍රි සහගත සිත් ඇතිව හෝ කිපීම් සිත් ඇතිව, අන්‍යයන් තොපට කියන්නා වූ වචන පසක් වෙති. අන්න ඒ වෙලාවෙදි මෙනෙහි කරන්නයි කියනවා. අපගේ සිත නොපෙරළේවා. ලාමක වචන නොකියන්නෙමි. අනුකම්පාවෙන් යුතුව මෛත්‍රි සහගත සිත් ඇතිව, නොකිපී සිත් ඇතිව වාසය කරන්නෙමියි කියලා. ඒ පුද්ගලයා කෙරෙහි මෙත්තාව වඩන්නයි කියලා.

එතකොට මෙතන “පඨවිසමෙන” කියලා පෙන්නනවා. පෘථිවිය වගේ විශාල කරලා තියෙන අවස්ථාව. ඉතින් මේ භාවනාවෙදි මම බැලුවා ඔය තුන් වෙනියට කිව්ව වචනය. සණ්හෙනවා, පරුසෙනවා. මෘදු වූ හෝ රළු කියන එකයි කියන්නේ. ඒ ධර්මයට සිත යොමු වුණා. පරුෂා වාචා මෙය නොකිරීම. “න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි,” නේ ද කියලා වැටහුණා. ඒ වගේ ම හතර වෙනියට පෙන්නනවා, අනත්ථසංහිතෙන, අනත්‌ථසංහිතො කියලා, මෙය නොකර සිටීම කියන එක. “හිතානුකම්පී ච විහරිස්සාමි,” යන්න නේ ද කියලා වැටහුණා.

තව ද එම ගාථා පදයේ ම මෙත්තා චිත්තො යන්න පස් වෙනි කාරණයට මෛත්‍රි සහගත සිත් ඇතිව වචන කියන අවස්ථාවත් එක්ක සම්බන්ධ වුණා. ඊළඟට පස් වෙනිවට පෙන්නනවා, දොසන්තරො කියලා. කිපී සිත් ඇතිව වචන නොකීම, න දොසන්තරො. ද්වේෂ සිත් නැත්තේ, යන්න සමඟ සම්බන්ධ වෙන බව වැටහුණා. මේකෙන් අනතුරුව, කාලෙන වා, අකාලෙන වා, කල්හි, නොකල්හි කියලා. ඊළඟට භූතෙනවා, අභූතෙනවා, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන්. කුමක් කල්හි ද? නිර්වාණය පිණිස මනස යොමු වූ කල්හි. නිර්වාණ ධර්ම ඇති කල්හි. කුමන සත්‍යයක් ඇති කල්හි ද? චතුරාර්ය සත්‍ය ඇති කල්හි, අන් දහමකින්, අසත්‍යයකින් සිත නොපෙරළේවා. මෙසේ “න චෙව මේ චිත්තං විපරිණතං භවිස්සති,” යන ගාථා පදයත් එක්ක සම්බන්ධ වුණා.

දැන් අපිට මෘදු කියන එක හොඳින් වැටහෙනවා. සංස්කාර order නොකරන කල්හි, යම් දහමකින් නිර්වාණයට මනස යොමු වී ඇති නම්, අන්‍ය වූ සංස්කාරයකින්, එම නිර්වාණ ධර්මයන්ගෙන් සිත වෙනස් නොකර පැවැත් වීම කියන එක.

එතකොට ඒ කියන්නේ තමන්ගේ මනස නිවනට යොමු වෙලා තියෙනවා නම්, අපි හිතමු, වෙන සූත්‍රයක් හරි දැම්මයි කියලා. ඒකෙන්වත් වෙනස් වෙන්නේ නැතිව ඉන්න ඕනෑ.

පොළොව හා සමාන වූ සිතින් පතුරුවා වසන්නෙමි. එනම් සිත මහග්ගතයි. රූප කොටසකින් හෝ ශබ්ද කොටසකින් හෝ ඒක සෙල විය නොහැකි ය.

ඉතින් මේකෙන් අනතුරුව, අනිත් උදාහරණ ටිකත් බැලුවා. අර ආකාසයේ තීන්ත ඇඳීම එහෙම. ඒ විදිහට ඒ භාවනාව කරගෙන ගියා.

ඒක තමයි මං කරපු භාවනාව.