Date: 20/07/2019 Name: නිබ්බාන

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද භාවනාවට මං ගත්තේ, “සත්තො ගුහායං,” ගාථාවෙන් පටන් ගත්තා. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය කියන එක සිහි කළා. එම ඡන්දයෙන් ඇති වන belt එක කැරකැවීම මගින්, නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව “තිට්ඨං නරො.” රාග වශයෙන් රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානාලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර බවට පැමිණී සිටී. ඉතින් අනුසය වශයෙන් ස්ථිර වෙන්නේ විපල්ලාසයෝ.

එතකොට දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. කාමරාග අනුසය මගින් සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛ යැයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයෝ ස්ථීර වශයෙන් වරදවා ගන්නවා.

විපල්ලාසයන් ස්ථීර වන්නේ මෙය අවිද්‍යාවට ආසන්න කාරණය වෙනවා. මෙසේ අවිද්‍යා යෝග වීම වටහා ගන්නේ, එය ඉදංසච්චගත වීම කියන එක සිදු වෙනවා.

එතකොට ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ 5 වෙනි slide එක, තුන් ආකාරයකට ඉදංසච්චගත වීම කියන එක මේ අවස්ථාවෙදි විමසන්න ඕනෑ. මේ භවයේ මෝහය ඊළඟ භවයේ අවිද්‍යාව වෙනවා. දැන් අපිට පේනවා, “විඤ්ඤාණවන්තං වා අත්තානං.” විඤ්ඤාණය සහිත වූවක් හෝ මම යැයි දකී, වීම කියන එක හොඳින් වැටහෙනවා. අත්තාට විඤ්ඤාණයක් ඇති යැයි ස්ථීර වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා “විඤ්ඤාණවන්තං වා අත්තානං,” අර විඤ්ඤාණ ආහාර පාරේ ඉදංසච්චාභිනිවෙසකායගන්ථයයි අතර ලකුණු කරනවා නිත්‍ය චිත්තය කියලා. එතකොට ඒක හොඳට වැටහෙනවා ඔය භාවනාව කළහම.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_AnenjaDiagrams/S_AnenjaDiagrams-06.jpg