ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, “අත්තතො සමනුපස්සති,” කියන ධර්මය සිහි කළා. රූපය මම යැයි දකී. ඒක අපි දන්නවා අර ජාතියයි රූපය අතර. වේදනාව මම යැයි දකී. ඉතින් ඔතන අපි දන්නවා, විඤ්ඤාණ භය අගති සෝක වේදනා.
එතකොට මේ පථයට ඉදංසච්ච, c කියලා අපි ලකුණු කළා, ජීවිත ඉන්ද්‍රිය, අන්න ඒ රේඛාව මගින් නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයේ බල පෑම ඇති අතර මෙහි සෝකය අධික ය යනුවෙන් සාකච්ඡා කරලා තියෙනවා. සුඛ යන මෝඩ මතය ඇත. මෙය “වෙදනං අත්තතො සමනුපස්සති” කියලා ගන්නවා කියලා. ඉතින් මේක “වෙදනං අත්තතො සමනුපස්සති” වන්නේ කුමක් නිසා ද කියන එක විමසුවා.
දැන් අපිට පේනවා, මේ විඤ්ඤාණයෙන් භය අගතියට එනවා. එතන සංස්කාර තියෙනවා මැද්දේ, ඒක mode එක, එතැනින් සෝකය, එතැනින් එනවා වේදනාවට. වේදනාවෙන් එනවා චේතනාවට. මෙහි දී සංස්කාරවල, mode අගය කියන එක විමසන්න ඕනෑ.
යම් සුඛ වේදනාවක් වේ ද, එය වැඩියෙන් නිපදවීමට යම් සංස්කාරයක් කරන්නේ ද, එම සංස්කාරයෝ වැඩියෙන් කරනු ලබන්නේ, එය mode අගය බවට පත් වෙනවා. දැන් අපි හිතමු. පරිප්පු වාගේ දෙයක් කෙනෙක් කනවායි කියලා. එතකොට ඒක ම නැවතත් අපි හදනවා. එතකොට ඒ වේදනාවට අරක සංස්කාරය. එතකොට මෙම සංස්කාරයන් බිඳෙන්නේ, සෝක කරා පැමිණීම භය අගතිය හරහා සිදු වන්නේ, සුඛ වේදනාව නැවතත් සොයා යන බැවින්, සුඛ වේදනාව “වෙදනං අත්තතො සමනුපස්සතියි,” ගැනීම සිදු වෙනවා.
දැන් අපි දන්නවා වේදනා නාමරූප අපි එතන ලකුණු කරනවා සුභයි කියලා, චේතනා රේඛාව ගැන පොඩ්ඩක් විමසලා බලමු. රාග අනුසය මගින් යමක් පවසන්නේ ද, අදහස් වන්නේ ද, මෙම තුන් අගයෝ. ඒ කියන්නේ 1 නාමරූප ඇති තැන සුභ අගයෝ. 2 පරාමාස ඇති තැන සුඛ අගයෝ. 3 රාග අනුසය මගින් චේතනා දක්වා වූ මාන අගයෝ. පථ තුනක් හරහා නැවත සනාථ කිරීම, triangle එක මගින් කරන බව අපි කළින් සාකච්ඡා කළා. මොකක් ද triangle එක? ඉදංසච්චය ජීවිත ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රියෙන් පරාමාස, පරාමාසයෙන් ඉදංසච්චය. ඉතින් ඔතන ම පේනවා anticlockwise කැරකැවීම කියන එකත්. එතකොට ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය. ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට නිත්‍ය චිත්තය. පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට නිත්‍ය සඤ්ඤා.
ඉදංසච්චය ජීවිත ඉන්ද්‍රිය, නිත්‍ය දිට්ඨියේ බලපෑම, “වෙදනං අත්තතො සමනුපස්සති,” යැයි ගැනීමට උදව් උපකාර කරනවා. වේදනාව සහ විඤ්ඤාණය disjoint බව මෙනෙහි කරන්නේ, ධම්ම චක්ඛුව මතු වෙනවා. එතකොට දැන් ඕකට ඉතින් අපි උදාහරණයකුත් කිව්ව නේ. අර ගලක් එහෙම දැක්කම තමන් ගේනවා පෙර, මේ ගල මෙන්න මේ කොස්ගම මෙන්න මේ තිබිච්ච ගල නේ ද, කියන එක වාගේ. අර දෙකක් ගේන්න ඕනෙ නෑ නේ. ගල දැක්ක නම් දැක්කා විතරයි. එතකොට විඤ්ඤාණයෙන් ගේන්න ඕනෙ නෑ අර පෙර දැක්කා වූ කියන එක. එතකොට මෙසේ disjoint වූ වේදනා සහ විඤ්ඤාණ කුමක් මගින් join කරන්නේ ද කියලා කල්පනා කළා. කවුද join කරන්නේ මේ disjoint වෙච්ච දෙක? වේදනාව වෙනයි, විඤ්ඤාණය වෙනයි. සංස්කාරය මගින් එය කරනු ලබයි.
“සංඛතං අභිසඞ්ඛරොති.” රූපය, රූපය පිණිස පිළියෙළ කරනවා. සංඛත වූ වේදනාව, වේදනාව වීම පිණිස පිළියෙළ කරනවා. සංඛත වූ සඤ්ඤාව, සඤ්ඤාව වීම පිණිස පිළියෙළ කරනවා. සංඛත වූ සංස්කාරය, සංස්කාරය වීම පිණිස පිළියෙළ කරනවා. සංඛත වූ විඤ්ඤාණය, විඤ්ඤාණය වීම පිණිස පිළියෙළ කරනවා. ඉතින් “මහණෙනි, සංඛත ය පිළියෙළ කරන හෙයින් සංස්කාරයයි කියනු ලැබේ.” ඛජ්ජනීය සූත්‍රය. “සංඛතං අභිසඞ්ඛරොති” කියන එක දැන් හොඳින් වැටහෙනවා. එයා තමයි ගිහිල්ලා අර දෙක join කරනවා කියන එක තියෙන්නේ.
දැන් අපිට පේනවා එහෙම නම්, ජාති වේදනා චේතනා ඒකට සම්බන්ධ වෙනවා ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය චේතනා. 90° වගේ සම්බන්ධ වෙනවා. එතකොට ඉදංසච්චයයි ජීවිත ඉන්ද්‍රියයි අතර සංස්කාර disjoint එක සාකච්ඡා කරලා තියෙනවා. අර පරිදේව වෙනවා නම් සංස්කාරයන්, එහෙම නම් අපි මොකට ද චේතනා කරන්නේ කියලා. දැන් මේකත් එක්ක සම්බන්ධ වෙනවා. මේක හොඳින් වැටහෙනවා. සංස්කාර පරිදේව වන්නේ, රාග අනුසය මගින්, චේතනා දක්වා වූ මාන අගයෝ පැවැත්විය නොහැක. ජාති වේදනා චේතනා රේඛාව පැවැත්වීම ජීවිත ඉන්ද්‍රිය මගින් කළ නොහැකි නම්, ජීවිත ඉන්ද්‍රිය, විඤ්ඤාණයෙන් disjoint වීම සිදු වෙනවා. මේක සිදු වන්නේ final නිබ්බානයෙදි පමණයි.
පටිච්චසමුප්පාදයේ පුරුක්වල සම්බන්ධතාවයකුත් පේනවා. “සංස්කාර පච්චයා විඤ්ඤාණං,” “සංඛතං අභිසඞ්ඛරොති.” සංස්කාරය මගින් විඤ්ඤාණය සැකසීම නොවන්නේ නම්, disjoint වූ ධර්මයෝ එලෙසම පවතිනවා. මතු සම්බන්ධතාවයක් නොමැති ය. දැන් එහෙම නම් “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා.” අවිද්‍යාව නොවන්නේ නම් සංස්කාරය මගින් join කළ යුතු යැයි නොසිතයි. ඉතින් ඒක අපි මතක නේ ලකුණු කරනවා අර සඤ්ඤාව ඉඳන් අපි තණ්හාව දක්වා. එතකොට ඒ සඤ්ඤාව, අවිද්‍යාව කිව්වොත්, අවිද්‍යා පච්චයෙන් සංඛාරය, තණ්හාව කියලා අපි කලින් සාකච්ඡා කරලා තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.