ඒ පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඔය 08/02/2014 පරිකම්ම සුචිකම්ම කියලා භාවනාවක් තියෙනවා. ඒක මම සිහි කළා. ඒ පරිකම්ම කුසල කියලා කියන්නේ, පෙර වඩන ලද කුසල්. සුචිකම්ම කියලා කියන්නේ, ත්‍රිවිධ සුචරිතය, දස කුසලය. ඉතින් ඒ භාවනාවේ පෙන්වන්නේ, ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා පාණාතිපාත අත හැරලා, අහිංසකව ජීවත් වන ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම ඥානවන්ත බුදුපියා කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ බුදුපියා සිහි වීම සමඟ මනස විශාල වෙලා මුළු විශ්වය ම පෙනෙන ආකාරයට සිත පත් වුණා.
දැන් ඒ තත්වයට ආවාට පස්සේ, 21/07/2019 නිබ්බාන භාවනාවේ “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියන කොටස සිහි කළා. එතකොට එතන අපි දන්නවා “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියන එක දෙපොළක ලකුණු කරනවා. එකක් තමයි මේ මෝහය ඉඳන් පරාමාසය දක්වා, අර මැද්දේ තියෙන්නේ පරිදේව වෙච්ච සංස්කාර. ඉතින් “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියලා මෝහයේ ඉඳන් පරිදේව සංස්කාර දක්වා ලකුණු කරනවා.
ඊළඟට සඤ්ඤාව ඉඳන් තණ්හාව දක්වා, එතන තණ්හාව තියෙන තැන අපි ලකුණු කරනවා, “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා” කියලා. එතකොට සඤ්ඤාව කියලා හිතන්න කෝ අවිද්‍යාව. එතකොට ඒකෙන් තණ්හාව කියන සංස්කාර.
සංස්කාර පරිදේව වන්නේ යැයි නොදැන, මෝහය මගින් තණ්හා සංස්කාරය ඉපදීම කියන එක කරනවා. තණ්හා සංස්කාරයෝ යැයි පවසන්නේ කුමක් නිසා ද? ඒ පපඤ්චයන්ට තුඩු දෙන නිසා ය. පපඤ්ච ඇති වෙන්නේ, ඒ කියන්නේ thought proliferation. ජීවිත ඉන්ද්‍රිය පිනවීම එමගින් සිදු වෙන බැවිනි.
ඉතින් ඕගොල්ලන්ට මෙතන අර රේඛාවක් පේනවා ඉදංසච්චයේ ඉඳන් චේතනා දක්වා, මැද්දේ තියෙන්නේ ජීවිත ඉන්ද්‍රිය. එතකොට ඉදංසච්චය ඉඳන් ජීවිත ඉන්ද්‍රියට එනවා නිත්‍ය දිට්ඨිය. චේතනා ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා අපි දන්නවා අත්තා චිත්තය. අපි ඕක ලියාගෙන තියෙනවා අත්තා යැයි යම් අගයක් වේ ද, එය චේතනා මගින් පැවැත්වීම කියන එක. එතකොට යම් දහමක් රූප වේදනා සඤ්ඤා ඇසුරු කොට විඤ්ඤාණයක් සෑදීමට තුඩු දුන්නා ද, එම දහම නැවත මුණගැසෙන්නේ, එමගින් ජීවිත ඉන්ද්‍රිය කියන එක පිනවනවා. මෙය තණ්හා පපඤ්ච, දිට්ඨි පපඤ්ච යන දෙයාකාර ධර්මයන් මගින් සිදු කරනවා.
ඕගොල්ලො දන්නවා මේ චූල සීහනාද සූත්‍රයේ diagrams වල එතන slide 4 කියන එක බැලුවොත්, ඉතින් ඒකෙ පෙන්නනවා, අපිට මේ ජරා වේදනා අසම්පජාන රේඛාව කියන එක. ඒකේ තියෙනවා අවිද්‍යා අනුසය කියන එක. මේක clockwise කැරකුණාම ඕගොල්ලන්ට ඇති වෙනවා ජාති වේදනා චේතනා කියන රේඛාව. එතකොට ජාති වේදනා රේඛාවේ අපිට වැටෙනවා රාග අනුසය කියන එක. එතකොට වේදනාවයි චේතනාවයි අතර නාමරූප තියෙන තැන අපි ලකුණු කරනවා, සුභයි කියලා. ඉතින් මේ සුභය මේ අභ්‍යන්තරයේ ඇති දෙයක් නිසා ඒක ඉතා අධිකයි. ඒ කියන්නේ දැන් වඩේ එකක් ගැන හිතුවා ම, ඕගොල්ලන්ගේ මනසේ තියෙන්නේ හොඳ ම වඩේ එකක්, perfect එකක් තමයි එතන තියෙන්නේ. එතකොට ඒක තමයි අභ්‍යන්තරයේ තියෙන එක.
දැන් ඉතින් අපිට පේනවා නේ ද මේ රේඛාව කැරකිලා මොකක් ද සිද්ධ වුණේ. අර අගයන් තුනක් අපි කලින් සාකච්ඡා කළා නේ. ඔය නාමරූප ළඟ තියෙන සුභ අගය, පරාමාස ලකුණු කරන තැන ලකුණු කරන සුඛ අගය, එතකොට චේතනාව දක්වා වෙච්ච මාන අගය කියන එක. ඉතින් දැන් ඕක ම නේ ද, අර ආපහු හම්බවෙලා තියෙන්නේ, කැරකිලා ඇවිල්ලා.
එතකොට සුභ අගයට තණ්හා වන්නේ, දිට්ඨි පපඤ්ච මගින් ඇති වෙන රාග අනුසය හරහා චේතනා දක්වා වූ මාන අගයෝ පවත්වන්නේ පරාමාස වූ සුඛය නැවතත් මුණගැසී ජීවිත ඉන්ද්‍රිය පිනවීම කියන එක කරනවා. දැන් “විඤ්ඤාණං අත්තතො සමනුපස්සති,” කියන එක වැටහෙනවා. ජීවිත ඉන්ද්‍රියේ යම් පිනවීමක් ඇත්ද, එයට තුඩු දෙන්නා වූ යම් චේතනාවක් ඇත්ද, මෙම දෙයාකාර ධර්මයන්ගේ හමු වීම මගින් වන විඤ්ඤාණය තමා යැයි කියලා ගන්නවා.
ඊළඟට තව ද, මේ අවස්ථාවේ දී, “සඞ්‌ඛාර අත්තතො සමනුපස්සති,” කියන එකත්, වැටහෙනවා. ඒක අපි ලකුණු කරන්නේ සංස්කාරයයි විඤ්ඤාණයයි. මෙතන මැද්දේ තියෙනවා නිත්‍යයි කියන එක. එතකොට ඒ සංස්කාරයන්, අපිට පේනවා ඒ අවස්ථාවේ දී මෙවැනි තත්වයන් ඇති කරන සංස්කාර තමා යැයි කියලා ගන්නවා. මොකද නිත්‍ය නේ එතන. නිත්‍ය චිත්තයන් එහෙම ඇති වෙනවා නේ එතන.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්