ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
මම රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, “අත්තතො සමනුපස්සති,” කියන ධර්මය සිහි කළා. එතකොට ඒ රූපය මම යැයි දකී. අර ජාති රූප අතර. වේදනාව මම යැයි දකී. ඒක අපි දන්නවා, විඤ්ඤාණ භය අගති සෝක වේදනා.
එතකොට මේ පථයට ඉදංසච්ච ජීවිත ඉන්ද්‍රිය යන රේඛාව මගින් නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයේ බල පෑම ඇති අතර, මෙහි සෝකය අධික ය කියලා සාකච්ඡා කරලා තියෙනවා. සුඛ යන මෝඩ මතය ඇත. මෙය “වෙදනං අත්තතො සමනුපස්සති,” කියලා ගන්නවා කියලා. එතකොට අපි මේක විමසලා තියෙනවා “වෙදනං අත්තතො සමනුපස්සති,” කියලා ගන්නේ කුමක් නිසා ද කියලා, 21/07/2019 නිබ්බාන භාවනාවෙදි විමසුවා.
එතකොට එතන අපි දැක්කා, මේ විඤ්ඤාණ භය අගති, එතන සංස්කාරවල mode එක. ඒ පාර අපි භය අගතියයි, වේදනාවයි අතර සෝකය. වේදනාවෙන් චේතනාවට. එතකොට මේ සංස්කාරවල, mode අගය විමසන්න ඕනෑ කියලා අපි සාකච්ඡා කළා.
යම් සුඛ වේදනාවක් වේ ද, එය වැඩියෙන් නිපදවීමට යම් සංස්කාරයක් කරන්නේ ද, එම සංස්කාරයෝ වැඩියෙන් කරනු ලබන්නේ, එය mode අගය බවට පත්වෙනවා. මෙම සංස්කාරයන් බිඳෙන්නේ, සෝක කරා පැමිණීම භය අගතිය හරහා සිදු වෙනවා. සුඛ වේදනාව නැවතත් සොයා යන බැවින්, සුඛ වේදනාව “වෙදනං අත්තතො සමනුපස්සතියි,” කියලා ගැනීම සිදු වෙනවා.
ඉතින් එතෙන්දි අපි තවත් සාකච්ඡා කරලා තියෙනවා, මේ වේදනා නාමරූප ළඟ අපි ලකුණු කරනවා සුභ, ඊට පස්සේ චේතනා කියන රේඛාව. රාග අනුසය මගින් යමක් පවසන්නේ ද, අදහස් වන්නේ ද, මෙම තුන් අගයෝ. පළවෙනියට නාමරූප ඇති සුභ අගයෝ, පරාමාස ඇති තැන සුඛ අගයෝ, රාග අනුසය මගින් චේතනා දක්වා වූ මාන අගයෝ පැවැත්වීම කියන එක සාකච්ඡා කළා.
අද භාවනාවෙදි සඤ්ඤාව disjoint වීම කියන එක සිහි කළා. දැන් පර්වතයක් දුටු පමණින්, පෙර දැක්කා වූ කුඩා කළ දන්නා වූ පර්වතයක් සමඟ සැසඳීම කරන්නේ, සර සංකප්පය මගින් දෙවන රවුම නොපවත්නේ නම් bell shaped curve එකේ B point එක නොවීම මගින්, වේදනා disjoint වීම වන බව අපි දන්නවා. මෙහි දී ධම්ම චක්ඛුව දකුණු ඇස ළඟින් ඇති වෙනවා. සඤ්ඤා disjoint වීම, A point එක නොසෑදීම මගින් සිදු වෙනවා. මෙහි දී වම් ඇස ළඟින් ධම්ම චක්ඛුව මතු වෙනවා, සති ඉන්ද්‍රිය.
මේ සඳහා 20/07/2019 නිබ්බාන භාවනාවෙදි සාකච්ඡා කළ අයුරින් ආනෙඤ්ජ සප්පායේ slide 5, සුභ ලෙස ගැනීම සිහි කළ යුතු ය. පර්වතය දකින විට ම සිහිය තිබිය යුතු ය. ධාතු බව දත යුතු ය. අනිත්‍ය බව දත යුතු ය. ගිරිමානන්ද සූත්‍රයේ දස සඤ්ඤා ප්‍රයෝජනයට ගත හැකියි. ද්වයතානුපස්සනා සූත්‍රයේ “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා,” යන්න ද ඉහළ අවබෝධයකින් යුක්තව 27/07/2019 පපඤ්ච භාවනා අවබෝධය සමඟ භාවිතා කළ හැකි ය.
මෙසේ ක්‍රම කීපයක් ම පෙනුණා. වේදනා disjoint වීම වැටහෙනවා. අනතුරුව සඤ්ඤා disjoint වන බව වැටහුණා. ඉතින් අද භාවනාවෙදි පංචඉන්ද්‍රියන් මගිනුත් ඒක වෙන හැටි අර සබ්බාසව සූත්‍රයේ පෙන්වා දීලා තියෙන්නේ අන්තිමට, ඒකත් පෙනුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්