Date: 30/07/2019 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

මම ඊයේ 29/07/2019 භාවනාවෙදි අපි සඤ්ඤා disjoint වීම සාකච්ඡා කරලා තියෙනවා නේ. එතෙන්දි අපි ද්වයතානුපස්සනා සූත්‍රයේ “සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්ඤා උපරෝධනා,” යන්න ඉහළ ම අවබෝධයකින් යුතුව 27/07/2019 පපඤ්ච භාවනාවේ අවබෝධය සමඟ භාවිතා කළ හැකි ය, කියලා පැවසුවා ඒකෙ.

එතකොට සංස්කාර දෙකක් සමාන වන්නේ, නිර්වාණයෙදි පමණයි. සංස්කාර පරිදේව වන්නේ නම්, සංස්කාරවල සෑදීම කළ නොහැකි බව චේතනාවට ඒත්තු ගන්වන්නේ, සංස්කාර disjoint වෙනවා කියලා පෙර සාකච්ඡා කරලා තියෙනවා.

දැන් ඔතන අපිට පේනවා, diagram එකක් වශයෙන් ගත්තොත් ඉදංසච්චයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට නිත්‍ය දිට්ඨිය. එතකොට ඒ රේඛාව දික් කළහම චේතනාව දක්වා එනවා. ඊළඟට පල්ලෙහායින් මෝහ අගතිය, පරිදේව වෙච්ච සංස්කාර, පරාමාසය. ඒක දික් කළහම එනවා සඤ්ඤාවට. සඤ්ඤාවෙන් පහළට එනවා තණ්හාවට. එතන අපි “අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා,” කියලා තණ්හාව හදනවායි කියන එක පෙන්නුවා.

ඉතින් දැන් නිත්‍ය දිට්ඨිය කියන එක ඉවත් වෙන්න ඕනෑ ඉදංසච්ච ඉඳන් ජීවිත ඉන්ද්‍රියට තියෙන එක. ඒක එහෙම වෙනවා නම් තණ්හා සංස්කාරයෝ සෑදිය නොහැක. කුමක් නිසා ද? සඤ්ඤාව නතර වෙන බැවිනි.

ඊළඟට, මේකෙන් අනතුරුව, අර සබ්බාසව සූත්‍රය සමඟ ඒකේ star එක සමඟ සම්බන්ධ වුණා. අපි දන්නවා, bell shaped curve එකේ අර B point එක, ප්‍රඥා ඉන්ද්‍රිය මගින් නතර වෙනවා. A point එක, සති ඉන්ද්‍රිය මගින් නතර වීම තියෙනවා.

එතකොට අපි ඔය පෙන්නුවා සංස්කාරවලින් විඤ්ඤාණය පැවැත්මක් නැත. උපෙක්ඛා ඉන්ද්‍රිය ඇති වෙයි. සති ඉන්ද්‍රිය මගින් A සෑදීම නවත්වයි. මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ හටගැනීම නවතියි කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. නිත්‍ය දිට්ඨියක් නොවන්නේ නම් මිච්ඡා දිට්ඨි නොවේ. නතර වී ඇති සඤ්ඤාව එසේ ම පවත්වයි. එය නොසාදයි.

ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය නිසා ජරා වන රූප බව දන්නේ, මාන නොවෙයි. B ලක්ෂය නොසාදයි. මෙය කළ නොහැකි බව දනී. රූපයේ ජරා ධර්මය, වේදනාවේ ජරා ධර්මය, සඤ්ඤා ජරා ධර්මය, සංස්කාර ජරා ධර්මය, ජරා ස්වභාවය ඇත්තේ නම්, සංස්කාරවලින් විඤ්ඤාණය සෑදිය නොහැකි බව දකී.

ඉතින් මෙතන පර්වතයක් දුටු පමණින් පෙර දුටුවා වූ දේ ගෙන නොඑන්නේ B point එක නොසාදන බව, සර සංකප්ප නොවන බව අපි සාකච්ඡා කරලා තියෙනවා. මේකේ සම්බන්ධතාවය මොකක් ද? වේදනාවේ ජරා ධර්මය දන්නේ නම්, නවතා ඇති සඤ්ඤා මගින් වේදනාව නොඉපදවයි. තණ්හා පපඤ්චයෝ නොවෙයි.

ඊළඟට මෙසේ A point එක නොසෑදීම මගින්, B නොසෑදීම වන්නේ සති ඉන්ද්‍රිය උදව් උපකාරයෙන් ය. A වලින් B වෙන් නැතිව. තව ද B point එක නොසාදන්නේ නම් A point එක නොසෑදීමට තුඩු දෙනවා. කුමක් නිසා ද? සංස්කාර සමථය සිහි කළ යුතුයි. චේතනාව ගලවා දමා ඇත. නැවත කුමකට එය සාදයි ද?

දැන් එතන කල්පනා කරන්න ඕනෑ ඕගොල්ලෝ, දැන් bell shaped curve එකේ A, B, දැන් B එක නැවැත්තුවා නම් ආපහු ඊළඟ A එක ගැන මේ කතා කරන්නේ. ආපහු හදන්නේ නැතයි කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.