Date: 03/08/2019 Name: Nibbana

පූජාවෙන් පස්සේ, ඒ උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

අද මම භාවනාව පටන් ගත්තේ, “සත්තො ගුහායං” ගාථාවෙන්. රූපයේ ඡන්දය, වේදනා ඡන්දය සිහි කළා. මෙම ඡන්දයෙන් ඇති වෙන belt එක කැරකැවීම මගින් නාමරූප සෑදීම. “නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො.” ඉන් අනතුරුව, “තිට්ඨං නරො,” රාග වශයෙන් අපි රත් වෙලා ඉන්නවා. ද්වේෂ වශයෙන් දුෂ්ට වෙලා ඉන්නවා. මෝහ වශයෙන් මූඪ වෙලා ඉන්නවා. නානා ලම්බන වශයෙන් මාන වෙලා ඉන්නවා. අනුසය වශයෙන් ස්ථීර වෙලා ඉන්නවා. බවට පැමිණියේ සිටී.

අනුසය වශයෙන් ස්ථීර වන්නේ විපල්ලාසයෝ. දිට්ඨි අනුසය මගින් රූපයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. කාමරාග අනුසය සඤ්ඤාවට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. පටිඝානුසය අසම්පජානකාරීත්වයට ඇඟිල්ල දික් කරලා සුඛයි කියලා පවසනවා. අවිද්‍යා අනුසය සියලු විපල්ලාසයන් ම ස්ථීර වශයෙන් වරදවා ගන්නවා.

විපල්ලාසයන් ස්ථීර වන්නේ, මෙය අවිද්‍යාවට ආසන්න කාරණය වෙනවා. අන්න එතෙන්දි මට එනවා ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක්. ඒකේ පෙන්නනවා, “යො වෙ අවිද්වා උපධින් කරොති,” කියන එක.

“උපධිනිදානා පභවන්ති දුක්ඛා, යෙ කෙචි ලොකස්මිමනෙකරූපා. යො වෙ අවිද්වා උපධිං කරොති, පුනප්පුනං දුක්ඛමුපෙති මන්දො. තස්මා පජානං උපධිං න කයිරා, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති.” කියන ගාථාව.

එතකොට ඒ ජාති දුක්ඛය උපධි මගින් ඇති වෙන බව දැනගෙන, උපධි ජනනය නොකළ යුතුයි කියන එකයි අන්තිමට පෙන්වන්නේ. එතකොට “යො වෙ අවිද්වා උපධිං කරොති,” දස උපධි. පාණාතිපාතා උපධි. එතකොට පෝතලිය සූත්‍රයේ මෙන් සුඛ වන රූප නොසෙවීම කියන එක.

ඉතින් එතැන දී මතක් වුණා බුදුහාමුදුරුවෝ මේ මාලුඞ්‌ක්‍ය පුත්තට කියපු දෙයක්. ඒකෙ පෙන්නනවා, “මාලුඞ්‌ක්‍ය පුත්ත, මෙහි දී තොපට ඇසින්, කනින්, නහයෙන්, දිවෙන්, කයෙන්, සිතින් දත යුතු ධර්මයන් අතුරෙන්, දක්නා ලද්දේ දැකීම පමණක් වන්නේ ය. අසන ලද්දේ ඇසීම පමණක් වන්නේ ය. සිඹින ලද්දේ සිඹීම පමණක් වන්නේ ය. රස විඳින ලද්දේ රස විඳීම පමණක් වන්නේ ය. ස්පර්ශ කරන ලද්දේ ස්පර්ශ කිරීම පමණක් වන්නේ ය. දන්නා ලද්දේ දැන ගැනීම පමණක් වන්නේ ය. මාලුඞ්‌ක්‍ය පුත්ත, යම් කලක තොපට ඇස, කන, නාසය, දිව, කය, සහ සිත යන මේ ගත යුතු ධර්මයන් අතුරෙන්, දුටු දේ දැකීම පමණක් වන්නේ ද, ඇසූ දේ ඇසීම පමණක් වන්නේ ද, සිඹින ලද දේ සිඹීම පමණක් වන්නේ ද, රස විඳින ලද දේ රස විඳීම පමණක් වන්නේ ද, ස්පර්ශ කරන ලද දේ ස්පර්ශ කිරීම පමණක් වන්නේ ද. දැනගත් දේ දැන ගැනීම පමණක් වන්නේ ද, මාලුඞ්‌ක්‍ය පුත්ත, එකල්හි නුඹ එයින් නොවන්නේ ය, මාලුඞ්‌ක්‍ය පුත්ත, යම් කලෙක නුඹ එයින් නොවන්නේ ද, මාලුඞ්‌ක්‍ය පුත්ත එකල්හි නුඹ එහි ඒ දිට්ඨි ආදියේ ඇලුණෙක් නොවන්නේ ය. මාලුඞ්‌ක්‍ය පුත්ත, යම් කලෙක නුඹ එහි ඇලුණෙක් නොවන්නේ ද මාලුඞ්‌ක්‍ය පුත්ත, එකල්හි නුඹ මෙලොව ද නැත, පර ලොව ද නැත. දෙලොව ම නැත. මෙය ම දුක්ඛයාගේ කෙළවර ය” යි වදාළා.

ඉතින් මෙතන පෙන්නනවා, එතනත් නැත, මෙතනත් නැත කියන අර්ථය. අන්න disjoint වීම කියන එක විමසුවා. ඒ කියන්නේ දැන් පර්වතයක් දුටු පමණින්, පෙර තමන් කොස්ගම හරි කොහේ හරි දුටුවා වූ පර්වතයක් මනසට නොයා යුතුයි.

ඉතින් අපිට දැන් පේනවා මේ bell shaped curve එක. එතකොට ඒකේ අර A, B, කියලා දෙකක් අපි ලකුණු කරනවා. එතකොට මේ A කියන එක දැන් පෙනෙන දේ ධාතු. අනිත්‍යයි. ඒ කියන්නේ මෙතන නැත. ඊට පස්සේ B, කියන point එක අර කොස්ගමදි දැකපු දේ කියලා. පොඩි කාලේ කාපු දේ කියලා ආදි වශයෙන් පෙර දේ ගෙන ඒම. අන්න එතන. එතකොට දැන් එතනත් නෑ. මෙතනත් නැතෙයි කියන එකයි මේ පෙන්නුවේ.

ඉතින් මේ වෙලාවෙදි ධම්ම චක්ඛුව වම, දකුණ දෙක ම සමඟ දිබ්බචක්ඛුවත් මතු වෙලා ඉතින් ඕකේ ඒ වාහනයක වීදුරුව එහෙම පෙනුණා. ඉතින් දැන් මේක බැලුවොත් මෙතන සහ එතන ඇති විය හැකියි. එතකොට disjoint වෙලා මිනිත්තු 5ක් පහක් පමණ හිටියා.

එතකොට ඒක තමයි මං කරපු භාවනාව. ඉතින් ඒකේ තවදුරටත් අපිට පේනවා, ඔය ජරා වේදනා අසම්පජාන රේඛාව, පටිඝානුසය. එතකොට අර ජරා වේදනා කොටස සිහි කළොත් අපිට පේනවා මෙතැන් මේ A point කියන එක නොසෑදීම, සතිය මගින් disjoint වීම කියන එක. එතකොට වේදනා අසම්පජානකාරීත්වය කොටස මේක සිහි කළොත් ඒක අර B, කියන point එක නොසෑදීම. ප්‍රඥාව මගින් disjoint වීම කියන එක. ඒ ධම්ම චක්ඛුව right eye එක වෙනවා කියලා ඒකේ වැටහීමක් තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.