Date: 09/08/2019 Name: Potaliya Sutta Bhavana

ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.

භාවනාවට ගත්තේ, රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ “අත්තතො සමනුපස්සති,” කියන ධර්මය. ඒකේ අපි දන්නවා, රූපය මම යැයි කියලා දකිනවයි කියලා ජාතියයි රූපයයි අතර, අපි ඒක ලකුණු කරනවා. ඊළඟට වේදනාව මම යැයි කියලා දකින එක, අපි දන්නවා, විඤ්ඤාණ භය අගති සෝක වේදනා කියලා.

එතකොට ඒ පථයට ඉදංසච්ච, ජීවිත ඉන්ද්‍රිය යන රේඛාව මගින් නිත්‍ය යන දිට්ඨි විපල්ලාසයේ බල පෑම ඇති අතර, මෙහි සෝකය අධික ය යනුවෙන් කියලා සාකච්ඡා කරලා තියෙනවා. සුඛ යන මෝඩ මතය ඇත. මෙය “වෙදනං අත්තතො සමනුපස්සති,” කියන එක. ඉතින් මේක මේ “වෙදනං අත්තතො සමනුපස්සති” කියලා ගන්නේ කුමක් නිසා ද කියන එක, අපි 21/07/2019 නිබ්බාන භාවනාවෙදි විමසුවා.

ඒක නැවතත් මතක් කරනවා නම්, අර විඤ්ඤාණ සංස්කාර mode value එක හරහා භය අගතියට ඇවිල්ලා, ඒකෙන් සෝකය වේදනාව එතනින් එනවා චේතනාවට. මේ සංස්කාරවල, mode අගය කියන එක එතන විමසන්න ඕනෑ කියලා අපි සාකච්ඡා කළා.

යම් සුඛ වේදනාවක් වේ ද, එය වැඩියෙන් නිපදවීමට යම් සංස්කාරයක් කරන්නේ ද, එම සංස්කාරයෝ වැඩියෙන් කරනු ලබන්නේ, එය mode අගය බවට පත් වෙනවා. මෙම සංස්කාරයන් බිඳෙන්නේ, සෝක කරා පැමිණීම භය අගතිය හරහා සිදු වන්නේ. සුඛ වේදනාව නැවතත් සොයා යන බැවින්, සුඛ වේදනාව “වෙදනං අත්තතො සමනුපස්සතියි,” කියලා ගැනීම සිදු වෙනවා.

ඉතින් ඔතෙන්දි අපි පෙන්වා දී තියෙනවා, වේදනා නාමරූප, එතන අපි සුභයි කියලා ලකුණු කරනවා චේතනා කියන රේඛාව ගැන හිතන්නයි කියලා. රාග අනුසය මගින් යමක් පවසන්නේ ද, අදහස් වන්නේ ද, මෙම තුන් අගයෝ. මොනවද ඒ? නාමරූප ඇති තැන සුභ අගයෝ. පරාමාස ඇති තැන සුඛ අගයෝ. රාග අනුසය මගින් චේතනා දක්වා වූ මාන අගයෝ පැවැත්වීම කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා.

දැන් අද භාවනාවෙදි බැලුවේ, ඒ පෝතලිය සූත්‍රයේ 6.6 නින්දාරොසය කියන එක. ඒකේ අර Scottගේ උදාහරණය කියන එක බැලුවා. අර collar එකක් උඩ දමාගෙන යන එක. දැන් එහෙම නම් එයා කරන්න හදන්නේ, ඔය ඉහත සඳහන් කරපු අගයන් තුන නේ ද, පවත්වන්න උත්සාහ කරන්නේ.

දැන් අපිට පේනවා, මේ සංකප්ප පාර. 50% පාර. ඒක අපි ජාතියේ ඉඳන් වේදනාව දක්වා ලකුණු වෙනවා. ඒක අම්මාගෙන් ලැබුණු සුඛ වේදනාව එතනින් බලන්නේ. ඊළඟට දෙවෙනියට අපිට පේනවා, ගැහැණු ළමයා සුභ වීම කියන එක. එතකොට ඒක කබලිංකාර ආහාරය ළඟ සුභයි කියන අර්ථය. ඊළඟට තුන අපිට පේනවා, collar එක උඩ දමාගෙන යන්නේ, ගැහැණු ළමයින් බලන්නේ, මට එය ලැබුණායි කියලා මාන වෙනවා. එතකොට එතන අපි අර චේතනාව දක්වා එන මාන අගය නේ ද.

එතකොට අපි ඒ වගේ ම පෙන්වා දීලා තියෙනවා, නින්දාරොසය ලෝභ, දෝෂ, මෝහ තුන් පාරට ම වැටෙන බව.

එතකොට පළවෙනියට අපිට පේනවා, සුභය නිසා මෝහ වීම, අපි දන්නවා ථීනමිද්ධයෙන් මෝහය. රූපය නිසා ථීනමිද්ධය. තවදුරටත් පේනවා කෙනෙකුට ඕන නම්, කාමයෙහි වරදවා හැසිරිලා මෝහ වීම කියන එකත් තියෙනවා.

ඊළඟට දෙවෙනියට පේනවා අපිට. අපි දන්නවා, රාග අනුසය නිසා වේදනාව. වේදනාව නිසා රාග අනුසය. සුඛ වේදනාවක තියෙනවා නේ රාග අනුසය කියන එක. එතකොට මේ විදිහට ලෝභ වීම කියන එක පේනවා.

ඊළඟට තුන් වෙනියට පේනවා. මානය මගින් ද්වේෂ වීම කියන එක. ඉතින් ඒක අපිට පේනවා මේ ථීනමිද්ධ වෙලා ද්වේෂ කියන එක ඇති වෙනවා, සම්මා වාචා diagram එකට අනුව.

ඉතින් මෙතන මානය මගින් ද්වේෂ වීම කියන එක පෙන්නනවා නම්. දැන් අපි හිතමු ධර්මයක් අහගන්න කෙනෙක් යනවා. කියන්නා අය නොදන්නා බැවින්, අසන්නා සතුටට පත් වෙන අයුරින් නොකියන්නේ ය. ඒ පාර, තවත් පුද්ගලයෙක් හොයාගෙන යනවා. ඔහු පළවෙනි පුද්ගලයාට වඩා ටිකක් වැඩියෙන් පවසයි. තවමත් සතුට නැත. තුන් වෙනි පුද්ගලයා ළඟට යන්නේ, ඔහු පළමුව පැවසූ පුද්ගලයා තරමටවත් නොදනී. පෙර අසා ගන්නා ලද ධර්ම කාරණාවලට මාන වී ඇත්තේ, මොහු මෙපමණවකටවත් නොදන්නේ යැයි ද්වේෂ සහගත වෙනවා. ඉතින් මෙහි දී ථීනමිද්ධය ඇත. රෝගී වී ඇත. අර කියන්නේ sick of hearing from them කියලා නේ ද?

එතකොට සම්මා වාචා diagram එකට අනුව ද්වේෂ වීම කියන එක තියෙනවා. ඉතින් කාමයෝ කියන එක අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් කියන එකත් වැටහෙනවා. ගෑනු ළමයාගෙන් ඉල්ලා ගත්ත දෙයක් කියලා.

දැන් ඊළඟට ක්‍රෝධ උපායාස කියන එක විමසුවා. මේක ලකුණු කරලා ඇති තැන අපි දන්නවා මේ විඤ්ඤාණ පරාමාසකායගන්ථ ඒ රේඛාව එනවා දෙපැත්තේ තියෙනවා, ද්වේෂයයි, ව්‍යාධියයි, පොඩ්ඩක් පහළින් කොධූපායාසය. පල්ලෙහායින් ජරාව. ඉතින් මේ ලකුණු කරලා තියෙන තැන නිවැරදියි කියලා වැටහෙන්නේ, මේ සැනසීමක් ඇති වෙලා, අතීත භවයන් හිටන් පෙනුණා.

එතකොට නිවැරදි යැයි පවසන්නේ කුමක් නිසා ද? විඤ්ඤාණය තුළ 6.6 දි බැසගෙන තිබුණා වූ අගයන් එකක්වත් පැවතීමක් නැත. පරාමාස වූ සුඛ අගය නැත. චේතනා දක්වා වූ මාන අගය නැත. එම අගයන්ගේ නොපැවතීම දන්නේ, දක්නේ, ජරාව කරා යෑම පමණක් ඇත. අර විඤ්ඤාණ ආහාර පාරේ, විඤ්ඤාණය ආහාරයේ ඉඳන් පරාමාසකායගන්ථය, අපි ජරාව දක්වා නේ අපි ගමන් කරන්නේ.

එතකොට මේක වැටහෙන්නේ, ව්‍යාධියට අනතුරුවයි. ජරාව දක්වා යෑම පමණක් ඇති බව වැටහෙන්නේ ව්‍යාධියට අනතුරුවයි. එසේ නම් සුභ අගය ඉක්මවා නිවන පමණක් ඉතුරු වෙන බව වැටහෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg