ඒ පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු, ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා.
ඕගොල්ලන්ට මතක ඇති, “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියලා ගන්න අවස්ථාවේ දී, අපි diagram එකක් හැදුවා. මේක Agitation Sanna කියන diagram එක කියලා කියමු ඒකට. ඒකේ තියෙන්නේ, ඕගොල්ලන්ට මතකයි, මේ c1 කියලා අපි අගයන් 3ක් පෙන්නුවා. අත්තභාවය නිසා සුභ වීම. සුඛය පරාමාස වීමෙන් ඇති වූ මමංකාර අත්තා. අවිද්‍යා ආශ්‍රව නිසා ඇති වන බල පෑම කියලා 11 වෙනි රවුම.
එතකොට, අපි ඊළඟට පෙන්නුවා, ඒ සුඛය පරාමාස වීමෙන්, මමංකාර අත්තා නිසා ඇති වුණු දිට්ඨි ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය. රාග සල්ලයෙන් ඇති වූ සුභ දිට්ඨි විපල්ලාසයේ බලපෑම සහිතව වේදනාව සිට චේතනාව දක්වා සුඛ යන සඤ්ඤා විපල්ලාසය කියන එක. එතකොට ඒක චේතනාව දක්වා එතන පැමිණෙනවා. එතකොට අර c1 කියලා, ඉස්සෙල්ලා කිව්ව අගයන් තුන, පරාවර්තනය වෙලා මේ සුඛ කියන දිට්ඨි විපල්ලාසය, ඒක ලකුණු වෙනවා, පරාමාසයේ ඉඳන් මනොසඤ්‌චෙතනාව දක්වා. එතකොට, දැන් සුඛ යන චිත්ත විපල්ලාසය වේදනාවේ ඉඳන් පරාමාසය කාය ග්‍රන්ථයට එනවා.
ඉතින් අපි ඔතන සාකච්ඡා කළා, සඤ්ඤාව මම යැයි කියලා ගන්නවා. “සඤ්ඤං අත්තතො සමනුපස්සති,” කියන එක, අර පරාමාසය ඉඳන් චේතනාව දක්වා තියෙන එක. මේ “සඤ්ඤං අත්තතො සමනුපස්සති” කියලා ගන්නේ ඇයි දැ යි කියලා මෙනෙහි කළා.
අර “වෙදනං අත්තතො සමනුපස්සති,” අවස්ථාවෙදි අපි කරුණු තුනක් සාකච්ඡා කළා. ඒක ම අපි 09/08/2019 පෝතලිය සුත්ත භාවනාවෙදි, දිට්ඨි අනුසය මගින් අර collar එක උඩ දමාගෙන හෝ පැවැත්වීම කියන එක අපි බලලා තියෙනවා. එතකොට ඒ අගයන් තුන මොකක් ද? නාමරූප ඇති තැන සුභ අගයෝ. පරාමාස ඇති තැන සුඛ අගයෝ. රාග අනුසය මගින් චේතනා දක්වා වූ මාන අගයෝ පැවැත්වීම කියන එක අපි සාකච්ඡා කළා.
එතකොට, “සඤ්ඤං අත්තතො” යැයි ගැනීම චේතනා පරාමාස අතර. පරාමාස වෙච්ච සුඛ අගය, චේතනා දක්වා වූ මාන අගය. මේ දෙක අතර අපි දිට්ඨි උපාදානයත් ලකුණු කරනවා. එතකොට, මෙම අගයන් දෙක දැඩි ලෙස ගැනීමෙන් ඇති වෙන දිට්ඨිය සහිතව, “සඤ්ඤං අත්තතො සමනුපස්සති” කියලා ගැනීම වැටහෙනවා. අනිත් අතට අපිට මේ දිට්ඨි උපාදානයත් හොඳින් වැටහෙනවා. අපි පෙන්නුවා line 2, මනොසඤ්‌චෙතනාව ඉඳන් පරාමාසය කාය ග්‍රන්ථයට. ඊට පස්සේ line b, අර භය අගතියේ ඉඳන් වේදනාව දක්වා. එතකොට line 2, ගත්තහම ඉහත ආකාරයට සුඛ සහ මාන අගය පැවැත්වීම. Line b, සුභ අගය නිරූපණය කිරීම දිට්ඨි අනුසය මගින් සිදු කෙරෙනවා.
අත්තා යැයි ගැනීම මගින් භව ආශ්‍රව සහ අවිද්‍යා ආශ්‍රව ඇති වෙනවා. එතකොට සඤ්ඤාව චේතනාව දක්වා පැමිණිලා තියෙනවා. දැන් ඒකෙදි තේරුම් ගන්න නම්, එහෙනම් අර සුඛ සඤ්ඤා, සුඛ දිට්ඨි විමසලා බලන්න ඕනෑ. එහෙම නම් h1 කියන එක 0. විඤ්ඤාණ ධාරාව හොඳින් ගලනවා. එවැනි සඤ්ඤා, “සඤ්ඤං අත්තතො සමනුපස්සති” යි ගැනීමට තුඩු දෙනවා. මේ වෙලාවෙදි සැකය නෑ, h2 අගයත් 0.
තථාගතයන් වහන්සේ “අභිනන්දති, අභිවදති, අජ්ඣොසාය තිට්ඨති,” කියලා ගැනීම පවසන්නේ මේ නිසා ය කියලා රහතන් වහන්සේ කීවා. ඒ කියන්නේ රූපය අභිනන්දති, වේදනාව අභිවදති, චේතනාව අජ්ඣොසාය තිට්ඨති. කුමක් නිසා ද? අගයන් තුනක් ම පවත්වන බැවිනි. සුභ අගය, රූපය අභිනන්දති. සුඛ අගය, වේදනා අභිවදති. මාන අගය, චේතනා අජ්ඣොසාය තිට්ඨති. මෙම අගයන් තුනෙන් තොරව, විඤ්ඤාණයාගේ පැවැත්මක් නොමැත. කියලා රහතන් වහන්සේ කිව්වා.
ඒක තමයි මං කරපු කළ භාවනාව.